ඉරුදින සුපුවත

අද අපි බොහෝ දෙනා කරන්නේ ජාති අාගම් වශයෙන් වෙෙරය අැති කරන තාප්ප බිත්ති තව තවත් අැති කිරීමයි. එය දේව කැමැත්තට එරෙහි අපරාධයකි. අප කළ යුත්තේ සියලු දෙනා එකම ශරීරයක් වන පිණිස සමගි කිරිමයි. එ් සඳහා නායකත්වය දීමයි. 

ජරමියා 23/1-6

එපිසි 2/13-18

මාක් 6/30-34

එඬේරික කාර්ය එකතු කිරීමයි.

  • ජරමියා දිවැසිවරයා ජනතාවට අවධාරණය කරන්නේ ව්‍යාජ එඬේරුන් හෙවත් දූෂිත අාගමික දේශපාලනික සමාජ නායකත්වය දේව කැමැත්ත නොවන බවයි.
  • එවැනි නායකයෝ ජනතාව විවිධ බේද බින්නතා තුළින් විසුරුවා හරිමින් තම දූෂිත පැවැත්ම තහවුරු කරගන්න බවත් එවැනි දූෂිත ව්‍යාජ නායකයින්ට දඩුවම් ලැබෙන බවත් තව දුරටත් දිවැසිවරයා අවධාරණය කරයි.

    "නුඹලා මාගේ බැටළුවන් රැකබලා නොගෙන ඔවුන් විසුරුවා පන්නා දැමුවාහුය. දැන් මම නුඹලාගේ නපුරු ක්‍රියා නිසා දඩුවම්        කරන්නෙමි"

  • ශ්‍රී ලංකාවේ යථාර්ථය ද වන්නේ ව්‍යාජ නායකයින් ජනතාව පෝෂණය කොට එකතු කරනු වෙනුවට තම උදර පෝෂණය සඳහා ජනතාව බේද බින්න කළ බවයි. තව දුරටත් කරමින් සිටින බවයි.
  • අප සිටින්නේ කළු ජූලියට වසර 35 ක් සපිරෙන තවත් ජුලි මාසයකයි. දහස් ගණනක් දෙමළ ජනයා කෘෘර ලෙස මරා දැමුවේ දුෂ්ඨ නායකයින්ගේ මේ බෙදා වෙන් කිරීමේ ජාතිවාදි, අාගම්වාදි විෂෙන් අප මුසපත්ව සිටි නිසයි.
  • දේව කැමැත්ත වන්නේ ජනයා එකතු කිරීමයි. දෙවියන් කැමැති නායකයින් යනු එ් දූත කාර්ය කරන නායකත්වයයි.

     "ඔවුන් පෝෂණය කරනු පිණිස මම එඬේරුන් පත් කරන්නෙමි"

  • යුක්තිය හා ධර්මිෂ්ඨකම දේශය මුළුල්ලේ ඉටුවේ නම් පමණක් බැටළුවන් පෝෂණය වේ. එ් දූතකාර්ය ඉටු කිරීමයි. කිතුනු එඩේරික  වගකිම. එ් වගකිම සෑම කිතුනුවෙකුටම අැත. 

එඬේරුන් නැති බැටළුවන් වෙත යන්න.

  • ගිය ඉරිදා සුපුවත අපට පෙන්වා දුන්නේ ශ්‍රාවකයින් දූත කාර්ය සඳහා පිටත් කර හැරීමයි. මේ සතියේ සුපුවත පෙන්වා දෙන්නේ එ් ගමනේ අත්දැකිම් බෙදා ගැනීමකි.

    "ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙත රැස්ව තමුන් කළ සියල්ලද, ඉගැන්වූ සියල්ලද, ඔවුන් වහන්සේට සැළ කළහ."

  • ජේසු තුමා ඔවුන්ට " හුදකලා වී විවේක ගන්නා" ලෙස දන්වා සිටි. දූත කාර්ය තුළ සිතීම, යාච්ඥාව, විවේකිව දැකීම අත්‍යාවශ්‍යය.
  • එහෙත් විවේක ගැනීම යනු බැටළුවන් අත්හැර දමා සැපවිදීම නොවේ. 

"ඔවුන් වහන්සේ ගොඩට අා කල මහ පිරිසක් දැක එඬේරෙකු නැති බැටළුවන් වැනි වූ ඔවුන්ට අනුකම්පා කාෙට ඔවුන්ට බොහෝ දේ උගන්වන පටන් ගත් සේක."

අද අාගමික, දේශපාලන නායකත්වය තුළ මේ එඬේරික බව ඔබ දකිනවාද ? ඔබම එය ජිවත් කරනවාද ?

එකතු කරන්නෝ අාශිර්වාද ලද්දෝය.

  • පාවුළු තුමා පවසන්නේ යහපත් එඬේරා වන ජේසු තුමන් ඉටු කළ කාර්යයි. 

    "ජුදෙව්වරුන් හා විජාතිකයන් එක් කරමින් ඔවුන් වහන්සේ අප අතර සමගිය අැති කළ සේක. ඔවුන් වෙන් කළ ඔවුන් අතර       වෙෙරය අැති කළ මැද බිත්තිය කඩා දැමු සේක"

  • අද අපි බොහෝ දෙනා කරන්නේ ජාති අාගම් වශයෙන් වෙෙරය අැති කරන තාප්ප බිත්ති තව තවත් අැති කිරීමයි. එය දේව කැමැත්තට එරෙහි අපරාධයකි.
  • අප කළ යුත්තේ සියලු දෙනා එකම ශරීරයක් වන පිණිස සමගි කිරිමයි. එ් සඳහා නායකත්වය දීමයි. 

jesustodaysl 2 වන වසර 20 වන සතිය 2018 ජූලි 22

     

Comments powered by CComment