ඉරුදින සුපුවත

අද බොහෝ දෙනෙකුට තම කැඳවීම ඉතා පහසු, මුදල් හම්බ කළ හැකි මාර්ගයකි. එ් මාවතේ පයගසා දෙවියන්ට සේවය කිරීම යනු රැවටීමකි. කැඳවීම යනු යුක්තිය, සත්‍යය, විමුක්තිය සොයා යන සුවපහසුකම් කැප කළ ජීවිත ගමනකි.

අමොස්    7/12-15

එසිස      1/3-14

ශු. මාක්   6/7-13

දිවැසිවරය රැකියාවක් නොවේ.

  • "දේව කැඳවීම" නමින් නිතර නිතර ප්‍රකාශ කරන පූජක, එඪෙිරික හා දිවැසිවර භූමිකාවන් රැකියාවක් නොවන බව අද පළමු ප්‍රකාශනය පැහැදිලිව පෙන්වා දෙයි.
  • පළමු කියවීම් දැක්වෙන්නේ දිවැසිවර අමොස් හා බෙතෙල් හි පූජක අමසියා අතර විවාදයකි. 
  • පූජකවරයා රජුගේ පැත්තේ සිට දිවැසිවරයාට දිවැසි වැකි දෙසීම නවත්වන්නැයි කියයි. 

"මින් පසු දිවැසි දෙසුම් බෙතෙහිල් හි නොකරන්න. මෙය රජතුමා නමස්කාර කරන ස්ථානයයි"

  • ජෙරබෝවාම් රජු සමය වනාහි සීඝ්‍රයෙන් භෞතික දියුණුවක් අැති වුනු සමයකි. එහි ප්‍රතිඵලයක් ලෙස දුප්පතුන් තව තවත් දුප්පත් වූ අතර පෝසතුන් තව තවත් පෝසත් වීය. අසාධාරය අයුක්තිය රට තුළ ව්‍යාප්ත විය.
  • මේ පසුබිම තුළ  දිවැසිවරය පෙන්වා දෙන්නේ මේ වැරදි ගමන ගියොත් රට විනාශ වී ජනතාව වහල්වීම සිදුවන බවයි.
  • රජු හා රජුට ගැතිකම් කරන පූජකවරු දිවැසිවරයාව පූජනීය ස්ථානයෙන් පළවා හැරීමට සිතුවත් දිවැසිවරය පෙන්වා දෙන්නේ තම කාර්යය ඉටුකරන බවයි. 

"මම රැකියාවක් ලෙස දිවැසිවරයෙක් නොවෙමි"

අද බොහෝ දෙනෙකුට තම කැඳවීම ඉතා පහසු, මුදල් හම්බ කළ හැකි මාර්ගයකි. එ් මාවතේ පයගසා දෙවියන්ට සේවය කිරීම යනු රැවටීමකි. කැඳවීම යනු යුක්තිය, සත්‍යය, විමුක්තිය සොයා යන සුවපහසුකම් කැප කළ ජීවිත ගමනකි.

ශ්‍රාවකත්වය, ජීවිත ක්‍රමයකිි.

  • ජේසු තම ශ්‍රාවකයින් ධර්මදූත සේවය සඳහා පිටත් කරන අාකාරය අද සුවිශේෂය අපට පෙන්වා දෙයි. 
  • වර්ථමානය වන විට ධර්මදූතකයින්, ශ්‍රාවකයින්, දේව සේවයකයින් ගැන විවිධ ගම්භිර නිර්වචන අලංකාර පැහැදිලි කිරීම් තිබෙන නමුත් මේ සුවිශේෂි පාඨය එවැන්නෙකුගේ සැබෑ ස්වරෑපය කුමක් විය යුතුද යන්න ගැන ජේසුගේ දැක්ම පැහැදිලි කරයි.

"ගමනට සැරයටියක් හැර රොටිවත්, මල්ලක්වත්, පසුබිම්වල මුදල් වත් යන කිසිවක් නොගෙන, වහත් පයලා කමිස දෙකක් නොගෙන යන ලෙස ඔවුන්ට අණ කළ සේක"

  • මෙමගින් ධර්මදූතවරයා ශ්‍රාවකයා මුළු මතින්ම දෙවිදුන් මත යැපෙන සරල චාම් අල්පේවිච ජීවිතයක් ගත කරන්නෙකු / ගත කරන්නියක විය යුතු බව පෙන්වා දෙයි.
  • අද මේ ජේසු නියමය සැලකිල්ලට ගන්නා ශ්‍රාවකයින්, ධර්මදූතවරුන්, පූජකවරුන් කොතෙක් අප අතර සිටිත්ද ?
  • ශ්‍රී ලංකාවේ සාන්තුවරයා වන ජුසේවාස් පියතුමාගේ ජීවිතයේ ප්‍රතිපත්තියක් වූයේ "මුදල්" භාර නොගැනීම වූ බව පැවසේ. එතුමාගේ ජීවිතය සාන්තුවර බවට ලං කළේ ජේසු අාදර්ශය එතුමා අනුසාර කළ නිසාය.
  • වත්මනේ "මුදල" නිසා බොහෝ දෙනා තම සේවා ජීවිතය අවුල් කරගනි. "මුදල්" ජනතාව සඳහා යෙදවීම වෙනුවට තමාගේ තම  පවුලේ හා හිතවතුන්ගේත් සුබ සිද්ධියට යොදා ගැනීම පිළිලයක් ලෙස වර්ධනය වී අැත.

ඔබටද කැඳවීමක් අැත.

  • ශුද්ධ පාවුළු තුමා පෙන්වා දෙන්නේ අප සැම ඉපදිමටත් පෙර සිට දේව රාජ්‍ය උදෙසා මෙහෙවරකට කැඳවා අැති බවයි. 
  • එ් කැඳවීම තුල ශුද්ධ ව නොකැළැල්ව සිටීම අප කළ යුතු බවයි.

"ප්‍රේමයෙන් ඔවුන් වහන්සේ ඉදිරියේ අප ශුද්ධ ව නොකළැල්ව සිටින පිණිස, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන්වහන්සේ අප තෝරාගත් සේක"

  • මේ තෝරා ගැනීම "ප්‍රේමයේ මෙහෙවරට" පදනම මුදල්, වස්තුව, නම්බුනාම නොව ප්‍රේමය ම විය යුතුය.
  • ඔබ මේ කැඳවීම තේරුම් ගෙන තිබෙනවාද ? සමිති සමාගම් තුළ ඔබගේ මෙහෙවරේ පදනම ප්‍රේමයම ද ?
  • සිතන්න. ප්‍රේමයේ පදනමට අැතුළු වන්න.

jesustodaysl 2 වන වසර 19 වන සතිය 2018 ජූලි 15

Comments powered by CComment