ඉරුදින සුපුවත

දෙවියන්වහන්සේ එසකියල්ට කියන්නේ ඔවුන් පිළිගත්තක් නැතත් දිවැසිවරය ප්‍රකාශ කරන ලෙසයි. "ඔවුන් කාැරලිකාර මනුෂයන් බැවින් සවන් දුන්නත් නොදුන්නත් ඔවුන් අතරෙහි දිවැසිවරයෙකු සිටින බව ඔවුන් දැනගනු අැත" දිවැසිවර මෙහෙවර යොමුවන්නේ හොඳ අය වෙත නොවේ නරක අය වෙතයි.

එසකියල් 2/2-5

2 කොරින්ති 12/7-10

ශු. මාක් 6/1-6

ප්‍රතිඵල නොබලා මෙහෙවර කරන්න.

  • අද පළමු කියවීම එසකියෙල් දිවැසිවරයාගේ පොතෙනි. එසකියල්, දිවැසිවර මෙහෙවරේ යෙදුනේ ඉශ්‍රායල් ජනතාව විප්‍රවාසගතව සිටින විටදීය.
  • "විප්‍රවාසගතවීම" යනු ජනතාවක් ලෙස දෙවියන්ට පිටුපෑමෙන්, දෙවියන් දුන් වටිනාකම් වලින් අෑත්වීමෙන් අැති වූ තත්වයකි.
  • එහෙත් දෙවියන්වහන්සේගේ කැමැත්ත වන්නේ මේ ජනතාව විප්‍රවාසයෙන් මුදවා නැවත නියම ජීවිත ක්‍රමය වෙත රැගෙන එ්මයි. "කොතරම් තමන්ට පිටුපැවද ඔවුන් ඔහේ විනාශ වූවා වේ කියා සිටීමට කිතුනුවෙකුට නොහැකිය. මන්ද දෙවිඳුන් එසේ නොසින නිසාය."
  • දෙවියන්වහන්සේ එසකියල්ට කියන්නේ ඔවුන් පිළිගත්තක් නැතත් දිවැසිවරය ප්‍රකාශ කරන ලෙසයි. "ඔවුන් කාැරලිකාර මනුෂයන් බැවින් සවන් දුන්නත් නොදුන්නත් ඔවුන් අතරෙහි දිවැසිවරයෙකු සිටින බව ඔවුන් දැනගනු අැත"
  • දිවැසිවර මෙහෙවර යොමුවන්නේ හොඳ අය වෙත නොවේ නරක අය වෙතයි.
  • "මට විරුද්ධව කැරලිගැසු, කැරලිකාර ජාතියක් වන ඉශ්‍රායල් වෙත මම නුඹ යවමි. 

මොහොතක් සිතමු.

"මුන්ට කියලා වැඩක් නෑ. ඔන්න ඔහේ ඔිනා දෙයක් කරගත්තුවාවි වැනි අදහස් මත අප අපේ දිවැසිවර කාර්ය ම‌ඟ හරින්නේ නැද්ද ?"

ගැටළු ප්‍රශ්න අැති මීසම්, සභාවන්, කණ්ඩායම් මඟ හරින්නට උත්සහ කරන්නේ නැද්ද ? එය කිතුනුකම නාෙවේ.

අගය නොකළත් කරන්න.

  • ශුද්ධ වූ සුවිශේෂය ජේසුස් වහන්සේව සිය ගමේදි ප්‍රතික්ෂේප කරනු ලැබීම විස්තර කරයි.
  • ගමේ මිනිසුන් ජේසුගේ අලගිය මුලගිය තැන් දනී.
  • නමුත් ඔවුන් නොදන්නේ එතුමා තුළ අැති ගම් මිනිසා තුළ නැති දේව කැමැත්තට මුළුමතින් නතු වීමේ ජීවිත පැවැත්මයි.
  • එය එ් අත්දැකීම නැති කිසිවෙකුට තේරුම්ගත නොහැකිය.
  • තමන්ගේ පැවැත්මෙන් දෙවියන් තුළ සිටින මිනිසෙකු තේරුම් ගන්නට යන අයට අවලාද නැගීම හැර කළ හැකි දෙයක් නැත.
  • ඔව් හූ ජේසු තුමාට විවිධ අවලාද නඟයි. "වඩුවා" "මරියාගේ පුතා" අහවලාගේ සහෝදරය "ඉස්කෝලේ  නොගිය එකා" 
  • ජේසුගේ ජීවිතය තුළ එතුමා අැගයුම් බලාපොරොත්තු වූවෙකු නොවුද, මෙතැනදි එතුමා පොදු සත්‍යයක් ප්‍රකාශ කරයි.
  • "දිවැසිවරයෙකුට ගරු බුහුමන් නැත්තේ සිය ගමේදිත්, නෑදැයන් අතරදීත්, තම ගෙදරදීත් පමණකි." 
  • දිවැසිවර කාර්ය භාරය ප්‍රතික්ෂේපයේ මෙහෙවරක් බව අප තේරුම් ගත යුතුය. එයට අැති කැඳවීම ඉටුකළ යුත්තේ එ් අවබෝධය තුළය.

දුබලතා අැතත් මෙහෙවරට කැපවන්න.

  • පාවුළු තුමා තම මෙහෙවර අතර තුර තමා මුහුණ දෙන අැතුලාන්ත අරගලය නොපැකිල සඳහන් කරමින් ඉතා වැදගත් සත්‍යයක් ඉස්මතු කර පෙන්වයි.
  • දිවැසිවර මෙහෙවර තුළ, පූජක මෙහෙවර තුළ, එඩේරික මෙහෙවර තුළ, ක්‍රියා කරන කිසිවෙක් 100% ක් පරිපූර්ණ අය නොවේ.
  • එහෙත් ව්‍යාජ රඟපෑමෙන් තොරව තම දුබල බව පිළිගනිමින් (එය වසාගනිමින් නාෙවේ) මෙහෙවරේ නිරතවීම මිස එය අත්හැරීම නොවේ කළ යුතු.
  • අවංකත්වය, අව්‍යාජත්වය වැරදි පිළිගැනීම හා ඉන් මිදීමට නිරතුරු අරගල කිරීම තුළ දුබලයාට වූවද ගමනක් අැත. එයයි දෙවිඳුන්ට ප්‍රසන්න.
  • දුර්වල සිටියදීම මම ශක්ති සම්පන්නව සිටිමි යි කීව හැකි ගමනක නිරත වෙන්නට අපි එකිනෙකාට ශක්තියක් වෙමු.

 

jesustodaysl 2 වන වසර 18 වන සතිය 2018 ජූලි 08

Comments powered by CComment