ඉරුදින සුපුවත

අපි දුකින්ද ? රට දුකින්ද ? ලෝකය දුකින්ද ? දුකින් මිදීමට අප සාංගික බව සහොදරාත්මක ලෝකයක් රටක් ගොඩනැගීමට කැපවනවාද ?

උත්පත්ති     3/9-15

2 කොරින්ති  4/13-18 -5/1

ශු. මාක්      3/20-35

දුකට හේතුව

  • අද පළමු කියවීම ඊශ්‍රායල් ජනයා ස්වකීය අත්දැකිම් තුළින් (නික්මයාම, විප්‍රවාසගත වීම) දුකට හේතුව කුමක්ද යන්න ගැන ලැබු දේව අනාවරණය කරයි. 
  • සර්පයාට හෙවත් තෘෂ්ණාව අැති කරන තර්ක බුද්ධියට යට වී දේව සමානකම සහිත මාංශයෙන් ගත් මාංශය සේ සාංඝික ජීවිත පැවැත්ම අහිමි කර ගැනීම. දුකට හේතුවයි.
  • පාපයේ ඡන්මය වන්නේ මෙම තෘෂ්ණාවයි. ඊට යට වු අාදි මිනිසා තම අසරණ බව ප්‍රකාශ කරන්නේ "මම නග්න බැවින් බිය වී සැඟවුණේමි" යනුවෙනි. 
  • මෙහිදි නග්න බව යනු නිරුවත නොවේ. දුබල බවයි. සෑම මිනිසෙකු තුළම දුබලකම් තිබේ. එහෙත් එය ලැජ්ජාවට හෝ බියට කරුණක් නොවේ. සාංගික සාමුහික සමාජයකදි දුබලකම ප්‍රයෝජනයට ගෙන සූරාකෑමක් සිදු නොවේ. එ් නිසා ලැජ්ජාව හෝ බියට පත් වීමක් නැත.
  • බයිබලීය කතුවරයා සංඛේත මගින් පැහැදිලි කරන්නේ ගැඹුරු යථාර්ථයකි. සාපය ලැබෙන්නේ මිනිසාට නොව සර්පයාටයි. සාපයටයි. තෘෂ්ණාවටයි.
  • අද ලොව පුරා අප රට තුළ මිනිසුන් ලැජ්ජාවට බියට පත් වී අැත්තේ අැයි ?

ලෝක බලවතුන් හා ධනවතුන් ධන බල තෘෂ්ණාවෙන් කටයුතු කරන නිසාය. ගිය සතිය තුළ ගාසා තිරයේදි නිරායුධ හෙදියක මරා දැමෙන්නේ එ් අනුවය. දවසකට දහස් ගණන් බඩගන්නේ මියැදෙන්නේ එ් අනුවය.

දුකින් මිදීමට මඟ

  • ජේසු තුමන් අද සුපුවත තුළ පෙන්වා දෙන්නේ දුකින් මිදීමට මඟයි. එය නම් තෘෂ්ළුායෙන් මිදි දිවි ගෙවීමට කියාදෙන දේව වචනය අනුව ජීවත්වීමයි.
  • එ් සඳහා මූලිකම අවශ්‍යතාවය නිවැරදි දැක්මට පිවිසීමයි ශුද්ධාත්මයාණන් තුළ දැකිමයි.
  • නිවැරදි දැකීමට පිටුපෑම පාපයකි. සමාව නොලැබෙන පාපයකි. "සෑම පාපයක්ම කමා කරනු ලබන්නේය. ශුද්ධාත්මයාණන්ට විරුද්ධ පාපයන්ට සමාව නොලැබේ"
  • තෘෂ්ණාවට යට නොවීමට ශුද්ධාත්ම දීමනා අවැසිය.
  • දෙවැනි අවශ්‍යතාවය වන්නේ සාංගික ජීවිතයයි. "දෙවියන් වහන්සගේ කැමැත්ත ඉටුකරන කවරෙකු වෙත්වා ඔව් හු මාගේ සහෝදරයන්, සහෝදරියන් මාගේ මෑණියන්ය"
  • දේව කැමැත්ත ඉටු කිරීමේ සහෝදරත්වයට අැතුළු වූ විට අප අතර දේව රාජ්‍ය උදාවේ. දුකින් මිදීමේ මඟ එයයි.

අපි මෙනෙහි කරමු.

- අපි දුකින්ද ? රට දුකින්ද ? ලෝකය දුකින්ද ?

- දුකින් මිදීමට අප සාංගික බව සහොදරාත්මක ලෝකයක් රටක් ගොඩනැගීමට කැපවනවාද ?

දුක රජ කරවන තෘෂ්ණාවට එරෙහිව සාංගික බව ගොඩනගමු. එ් සඳහා සුදතුම් වරමින් පිරෙමු.

jesustodaysl 2 වන වසර 14 වන සතිය 2018 ජූනි 10

Comments powered by CComment