ඉරුදින සුපුවත

දිව්‍ය සත්ප්‍රසාදයට, ශුද්ධ වු සහභාගීකමට එක්වන කිතුනුවෙකු ලෙස අපි අපගේ ජීවිතය අන් අය උදෙසා කඩා බිඳ පූජා කරනවාද ? අපේ වාසියට අපේම තෘප්තියට පමණක් අපගේ ශරීරය භාවිතා කරනවාද ? කියා සිතා බලන්නට අද අැරයුමක් 

සාමාන්‍ය සමයේ නව වන ඉරුදින

නික්මයාම    24/3-8

හෙබ්‍රෙව්      9/11-15

මාක්          14/12-16, 22-26

සමිඳාණන්ගේ අාඥා ඉටු කරමු.

  • "ගිවිසුම" හා "අාඥා" වල හරය වන්නේ නික්මයාමයි. නිදහස හා විමුක්තියයි.
  • ඊශ්‍රායල් ජනතාව නික්මයාමේ ගමන තුළ සීනයි කන්ද මතදි අැති කරගත්ත ගිවිසුම වනාහි "නිවහල්" නිදහස් ජනතාවක්ව දිවි ගෙවීමේ ගිවිසුමයි.
  • මෝසෙස් සමිඳාණන් වහන්සේගේ අාඥා හා නියෝග සියල්ල සෙනඟට දැක්විය. සියලු සෙනඟද එක හඬින් උත්තර දෙමින් " සමිඳාණන් වහන්සෙගේ අාඥා සියල්ලම ඉටු කරන්නෙමුය" කීහ.
  • ජනතාව එක හඬින් පවසන්නේ නිදහස විමුක්තිය පවත්වා ගැනිමේ අාඥාව පිළිපදින බවයි. වහල්කමට නොයන බවයි. වහල්කමේ ක්‍රමයට අැතුළු නොවන බවයි. 
  • අද... අපිට අවංකව කිව හැකිද එක හඬින් "අප ඔබගේ අාඥා පිළිපදිමු" කියා.

 ක්‍රිස්තු ශරීයේ දහම ක්‍රියාවට නංවමු.

  • මාක් තුමා ජේසු තුමන්ගේ අන්තිම රාත්‍රී භෝජනය වැළඳීම විස්තර කරනු ලබයි.
  • පාස්කු භෝජනය යනු ජුදා පාස්කු මංගල්‍යයේ එක් චාරිත්‍රයකි. පවුලක වැඩිමලා විසින් නික්මයාමේ ගමන සිහි කරමින් මේ භෝජන පිළිවෙත සිදු කරනු ලබයි.
  • ජේසු තුමා තම පවුල වන ශ්‍රාවක සංඝය සමඟ එම පිළිවෙත ඉටු කරන අතර එයට තව අරුතක් එක් කරන සේක.
  • මේ දෙවිඳුන් අපට දුන් භෝජනය යැයි කියන සම්ප්‍රදායික පැවසීම වෙනුවට ජේසු තුමා "රොටි ගෙන කන්න මේ මගේ ශරීරයි" පවසන සේක.
  • උන්වහන්සේ පවසන්නේ මෙය බොහෝ දෙනා වෙනුවෙන් ඔවුන්ගේ විමුක්තිය වෙනුවෙන් පූජා කරන ශරීරය හා රුධිරය බවයි.
  • මුළු මහත් විශ්වයම ක්‍රිස්තු ශරීරය බවට පෙරලන විමුක්ති දැක්මක අනාවරණයකි මේ.
  • අනුන් කඩනවා වෙනුවට තමන්වම කඩා බිඳ ජනතා සුබසෙත ඉටුකිරිම් නව දැක්මක, නව අාදර්ශයක ප්‍රකාශකයකි මේ.
  • මේ ප්‍රකාශය එතුමා ඉටු කරන ලද බැවින් එය දේශපාලන පොරොන්දුවක් නොවි සැබෑ ප්‍රතිඥාවක් විය.
  • දිව්‍ය සත්ප්‍රසාදයට, ශුද්ධ වු සහභාගීකමට එක්වන කිතුනුවෙකු ලෙස අපි අපගේ ජීවිතය අන් අය උදෙසා කඩා බිඳ පූජා කරනවාද ? අපේ වාසියට අපේම තෘප්තියට පමණක් අපගේ ශරීරය භාවිතා කරනවාද ? කියා සිතා බලන්නට අද අැරයුමක් ලැබේ.
  • නිදහස විමුක්තිය උදාකරන ගිිවිසුම රකින්නට ඉටුකරන්නට කිතුනුවෙකු ලෙස කැපවීම අලුත් කරගනිමු. ක්‍රිස්තු ශරීරයට විරුද්ධව ක්‍රියා කිරීම නවතමු. 

jesustodaysl 2 වන වසර 13 වන සතිය 2018 ජූනි 03

Comments powered by CComment