පේ‍්‍රමයේ භාෂාවට ඉඩ දෙන්න. වෛරය වර්ධනය වන පරිදි අනෙකා පිළිබඳ ගොතා ඇති ඓතිහාසික ප්‍රවාද මත නොරැදෙමු.

ඉරුදින සුපුවත ශුද්ධාත්ම මංගල්‍ය දින

”ඔබ ඔවුන්ට හුස්ම දෙන කල ඔවුන් යළිත් මවනු ලබත්, ඔබ පොළෝ තලයට නව ජීවයක් දෙන සේක” (ගීතාවලීය 104:30)

සත්‍යතාවයේ ආත්මයාණන් පැමිණි කල
 ආගමික වත්පිළිවෙත් වලට හා නීති රීති වලට යටපත් වූ සැබෑ ධර්මය මතු වේ.
 ජේසු තුමා ඇතුළු ගලීල තරුණයන් ඝාතනය කළ රජය සහ බල ව්‍යුහය දෙදරයි.
 සීසර්ගේ පාලනය නිසා ඇති වු මරණ බිය, සැක සංකා පහව යයි.
 මැළිකම, පසුබට වීම හා පරාජය වෙනුවට ධෛර්ය, බලාපොරොත්තුව, නිර්භීතකම වර්ධනය වේ.

රඟපාන සමාජයක් ඉදිරිපිට අපට මූන ගැසුනුයේ,

 වේශ නිරූපණය කරගත් සියලූම වර්ගවල නායකයන්ය.
 තම ජීවිතය, තම පවුල, තම රට පිළිබඳ සත්‍ය වසන් කිරීම සඳහා සමාජ ව්‍යාපාර පවත්වාගෙන යන මළවුන්ය.
 විවිධ ජනකොටස් වල හා ආගමිකයන්ගේ අභිලාශයන් හා හිමිකම් අහිමි කරන්නට පුවත් මවන්නන්ය.
 ‘මගේ රාජ්‍ය පැමිණේවා’ සාමාන්‍ය ජනතාව රවටන බොරුවේ පියවරුන්ය.

මෙම සමාජය තුළ සත්‍යතාවේ ආත්මයාණන් හට පැමිණීමට ඉඩක් ඇති කරමුද ? ඒ සඳහා ‘ගින්නෙන් බව්තිස්ම ය ලබා ගනිමු

.... එවිට..... ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන් ට දුන් කතා ශක්තිය.... (ක්‍රියා 2:4)

 සත්‍ය සොයාගෙන යමු. ස්ථාපිත වැරදි මත ඉවත් කරමු. බොරුවේ පියවරුන් මෙහෙය වන ජන මාධ්‍යයන් විශ්වාස නොකරමු.

මේ සඳහා සිත තුළ පමණක් නොව සමාජය තුළත් අරගල කරමු.

 ග්‍රීකවරුන් හා අරාබිවරුද වන අපි අපේම භාෂාවලින් ඔවුන් කතා කරනු අසම්හ.

පේ‍්‍රමයේ භාෂාවට ඉඩ දෙන්න. වෛරය වර්ධනය වන පරිදි අනෙකා පිළිබඳ ගොතා ඇති ඓතිහාසික ප්‍රවාද මත නොරැදෙමු.

ධනයේ බලයේ බලවතුන්ගේ බලය නැති කිරීමට පේ‍්‍රමයේ බලයට හැකි බව ඒත්තු ගන්වන ක්‍රියා වලට යොමු වෙමු. (කි‍්‍රයා 2:11)

‘ඔබට ශාන්තිය වේවා’ (ජුවාම් 15:19)

ගහ කොළද, සතුන්ද මනුෂයන් ද ප්‍රීතිය හා සාමය සාධාරණත්වය භුක්ති විඳින රාජ්‍යයක් කෙරෙහි විශ්වාසයෙන් වැඩ කරන්න හැම දෙනාවම එකතු කරමු.

jesustodaysl 2 වන වසර 11 වන සතිය 2018 මැයි 20

 

Comments powered by CComment