අද අපිත් මගේ, අපේ පවුල් අපේ ජාතියේ ගැලවීම පතන පටුභාවය තුළ සිටිමුද ? අපි ගැලවීම ලෙස දකින්නේ සම්ප්‍රදායික අදහසද ? එසේ නම් අප වඩ වඩා ශුද්ධාත්මයාණන්ට නතු විය යුතුය. පුළුල්ව දැකිමේ බව්තිස්මය ලැබීය යුතු.

ඉරුදින සුපුවත

ක්‍රියා   1/1-11

එසිප  4/1-13 හා 4/1-9, 11-13

මාක්   16/15-20

රාජ්‍ය ඊශ්‍රායල් නොවේ.

  • අද පළමු කියවීම ක්‍රියා පොතේ අාරම්භක පරිච්ඡේදයෙනි.
  • ශ්‍රාවකයින් විමසන්නේ "ස්වාමිනි ඔබ යලිත් ඊශ්‍රායල් රාජ්‍ය පිහිටුවන කාලය මෙයද ? " යි යනුවෙනි.
  • මේ පැනයෙන් පැහැදිලි වන්නේ ශ්‍රාවකයින් තුළ පවා පැවැතියේ අන් අය තුල පැවැති අදහස එනම් ජේසු ඊශ්‍රායල් හි සම්ප්‍රදායික රාජ්‍ය ගොඩනැගීම සිදු කරාවිය යන අදසයි.
  • ජේසු තුමන් කොතරම් සමීපව සිටියත් ගතානුගතික ජුදා ජාතිකවාදි සිතීම යම් තරමකට ඔවුන් තුළ මුල් බැසගෙන තිබු බව මින් පැහැදිලි වේ.
  • ජේසු තුමා පවසන්නේ කුමක්ද ?

"ශුද්ධාත්මයාණන් වහන්සේ පැමිණි කළ ඔබ බලය ලබන්නාහුය. එවිට ඔබ ජෙරුසලමෙහිද, මුළු ජුදයෙහි හා සමාරියේද පොළවේ සීමාන්තයන් දක්වාද මාගේ සාක්ෂි කාරයෝ වන්නාහුය"

  • ඊශ්‍රායලයට පමණක් සීමාවු ගැලවීමක් නැත. මුළු ලොවම අත්දකින ගැලවීමක්, නව අහසක් නව පොළවක් උදා කිරීම ජේසු මෙහෙවරයි. 
  • පටු බවින් මිදීමට ශුද්ධාත්මයාණන්ගේ බලය ලැබීය යුතුය.

සිතන්න

අද අපිත් මගේ, අපේ පවුල් අපේ ජාතියේ ගැලවීම පතන පටුභාවය තුළ සිටිමුද ? අපි ගැලවීම ලෙස දකින්නේ සම්ප්‍රදායික අදහසද ? එසේ නම් අප වඩ වඩා ශුද්ධාත්මයාණන්ට නතු විය යුතුය. පුළුල්ව දැකිමේ බව්තිස්මය ලැබීය යුතු.

සකල සත්වයා වෙත යන්න.

  • ජේසු තුමන් ඉතා පැහැදිලි ලෙස ශ්‍රාවකයින්ට අණ කරන්නේ ලොව පුරා ගොස් සකල සත්වයාට සුබ අස්න දේශනා කරන්න යනුවෙනි. 
  • උන්වහන්සේ ඔවුන්ට පවසන අවසාන පණිවුඩය එයයි. 
  • අප යොමු විය යුත්තේ කුමන ගැඹුරු පුළුල් මෙහෙවරකටද ? යන්න ජේසු වදනින් නැවත ස්ථිර කරයි.
  • ඊශ්‍රායල් භූමිය මතට සීමා වු ජේසු විශ්වීය බවට පත් වීමයි අද දින අප සමරනු ලබන්නේ. එහෙත්, පළමු කියවීමේදි පැවසු පරිදි උන්වහන්සේ නැවත වඩින සේක.
  • සකල ජනතාවට ගැලවීම අදාකරන දේව රාජ්‍ය තුළ නැවත උන්වහන්සෙගේ වාසභවනය, උන් වහන්සේ අප සමඟ විසීම පරිපූර්ණ වන සේක.

අපේ බලාපොරොත්තුව කුමක්ද ?

  • පාවුළු තුමා එපිස සංඝයට පැහැදිලි කරන්නේ සැමටම අැත්තේ එකම කැඳවීමක් බවයි. එකම බලාපොරොත්තුවක් බවයි. 
  • එ් බලාපොරොත්තුව නම් දේව රාජ්‍යයේ උදාවයි. එ් කැඳවීම නම් දේව රාජ්‍යය ගොඩනැගීමයි.
  • අපි තවමත් අපේ පක්ෂයේ අාණ්ඩුවක්. ජාතියේ රාජ්‍යයක් බලාපොරොත්තුව කරගෙන ජීවත්වෙමු නම් පසුතැවිය යුතුය. එය දෙවිඳුන්ට පිටුපෑමකි. විශ්වීය වූ දෙවිඳුන්ව කොටු කිරීමකි. පටු කිරිමකි. ශුද්ධාත්මයාණන් ට පිටු පෑ අශුද්ධාත්මයේ ස්ප්‍රීතුවට නතු වීමකි.

jesustodaysl 2 වන වසර 10 වන සතිය 2018 මැයි 13

Comments powered by CComment