උත්ථනයට සාක්ෂි දැරීම යනු ”ජේසු ජීවමානයි” යනුවෙන් ස්ටීකර් එකක් අලවා ගෙන තමන්ගේ සුභ සිද්ධියට වෙහෙසවීම නොවේ. උත්ථානයට සාක්ෂි දැරීම යනු සාංගික ජිවිතයක් ගත කිරිමයි. සහෝදරත්වයේ සමාජ ආර්ථික ක‍්‍රමයක් ගොඩනගා ගැනීමයි.

ඉරුදින සුපුවත උත්ථාන සමයේ දෙවන ඉරුදින

ක්‍රියා           4/32-351

ජොහාන්       5/1-6

ශු. ජොහාන්   20/19-31

ඔබ යවනු ලැබුවෙක්ද ?

තම ගුරු දේවයාව ඇණ ගසා මැරු ජුදයින්ට බයේ ශ‍්‍රාවකයෝ දොරවල් වසාගෙන සිටියෝය. එතැනට උත්ථාන වූ කිතු සමිදුන් වැඩම කර මෙසේ පවසන සේක.

ඔබ ශාන්තිය වේවා.

එය වරක් නොව දෙවරක්ම කියනු ලබයි.

සමිඳාණන් අපට ශාන්තිය ප්‍රාර්ථනා කරන්නේ හුදෙක් පුද්ගලිකව අත්දකිමින් අපේම අපේම ලොවකට සීමා වී ජීවත්වන්නට නොවේ.

එසේ නම් කුමකටද ?

”පියාණන් වහන්ස මා ඒවා වදාළලක් මෙන් මම ද ඔබ යවමි”

යවන්නේ කුමකටද ?

ක්‍රිස්තු මෙහෙවර ලෝකය තුළ ඉටු කිරිමටයි.

එය ඉටු කිරිමට යවනු ලබන්නාවු ශක්තිමත් කරනු ලබයි.

ඔවුන් වහන්සේ ඔවුන් පිට හුස්ම හෙලා

”ශුද්ධාත්මයාණන් පිළිගන්න” 

ශුදධාත්මයාණන්ගෙන් පූර්ණ වී මෙහෙවරට නික්මයන්නට උත්ථාන වු කිතු සමිදුන් ඔබටත් ආරාධනා කරයි.

ඔබ ඒ ආරාධනය පිළිගන්නවාද ? පිළිගෙන තිබෙනවාද ?

යන්න සාංඝික බව ගොඩනගන්න.

උත්ථනයට සාක්ෂි දැරීම යනු ”ජේසු ජීවමානයි” යනුවෙන් ස්ටීකර් එකක් අලවා ගෙන තමන්ගේ සුභ සිද්ධියට වෙහෙසවීම නොවේ.

උත්ථානයට සාක්ෂි දැරීම යනු සාංගික ජිවිතයක් ගත කිරිමයි. සහෝදරත්වයේ සමාජ ආර්ථික ක‍්‍රමයක් ගොඩනගා ගැනීමයි.

”තමන් සතු දෙයින් කිසිවක් තමාගේම යයි කිසිවෙක් නොකිහ. සියල්ල පොදුවේ තබා ගන්න. අගහිඟ ඇති කිසිවෙක් නොවීය. මන්ද වතුපිටි හෝ ගෙවල් හෝ අයිතිකරුවන් ඒවා විකුණා එයින්ගෙන් මුදල් ගෙනවිත් පේ‍්‍රරිතයින්ගේ පාමුල තැබුහ. ඒ මුදල් එකිනෙකාගේ වුවමනාවේ හැටියට බෙදා දෙන ලදී.''

අද අපි අතර මේ ජීවිත ක්‍රිමයෙන් අංශූ මාත්‍රයක්වත් තිබෙනවාද ?

අනෙකා සමඟ සාංඝික වීම තබා එකම පවුල තුළවත් බෙදා ගැනීම තිබෙනවාද ? 

උත්ථානයට සාක්ෂි දැරීම නු උත්ථානය වු දෙවි කෙනෙක් අපි අදහනවා යැයි කිම නොවන බව, සාංඝික වීම බව තේරුම් ගෙන ඒ සඳහා තීරණයක් ගන්න.

පේ‍්‍රම කිරිම නම් ආඥා පිළිපැදීමයි.

උත්ථානයට සාක්ෂි දරන දේව දරුවන්ගේ ලක්ෂණය වන්නේ ඔවුන් පේ‍්‍රමයේ පැවැතීමයි.

මෙහිදි පේ‍්‍රම කිරීම යනු හුදෙක් මට ආදරෙයි. කිම නොවේ. ජේසු තුමත් අපට පෙන්වා දුන් ආඥා පිළිපැදීමයි.

”ඔවුන් වහන්සේ ආඥා පිළිපැදීමෙන්ද අපි ඔවුන් වහන්සෙගේ දරුවන්ට පේ‍්‍රම කරන බව දැන ගතිමු. දෙවියන් වහන්සෙට ප්‍රේම කිරිම නම් උන්වහන්සෙගේ ආඥා පිළිපැදීමයි”

මේ පේ‍්‍රමයේ ජීවිත ක්‍රමය යනු ක්‍රියා පොත විස්තර කරන සාංඝික සහෝදර ජීවිත ක්‍රිමයයි.

එය මේ ලෝකය තුළ පවතින ආත්මාර්ථකාමි ජිවිත ක්‍රමය නොවේ. එයට සපුරා වෙනස් ජීවිත ක්‍රමයකි. 

අද අපි  බොහෝ දෙනෙකු පවසන දේ වන්නේ

”මේ තියෙන ක්‍රමයට අනුව හැඩ නොගැසී බැරි බවයි.” 

මේ අදහස දේව විරෝධි අදහසකි. මේ පවතින ක්‍රිමය ජය ගත නොහැකි යැයි කියන්නේ ඇදහිල්ලක් නැති අයයි

”ලෝකය පරදන වික‍්‍රමය නම් ඇදහිල්ලයි”

jesustodaysl 2 වන වසර 5 වන සතිය 2018 අප්‍රේල් 08

Comments powered by CComment