වෛරී ක්‍රියා නිසා දෙමළ ජනතාව සේම යම් මුස්ලිම් ජනතාවක් රට හැර යාම සිදු විය හැකි වූවද ශ්‍රී ලංකාව රටක් ලෙස ඇද වැටෙනු ඇත්තේ ඉතා ඛේදනීය තත්වයකටය. ගෝලීයකරණය වු ලෝකයක් තුළ ජාතික, ආගමික බෙදුම් රේඛා මත බෙදී වෙන්වීම යනු ස්වයං ඝාතක මාර්ගයකි.

 

ජනගහන වර්ධන බොරුව

මේ මොහොතේද සිංහල ජනතාව අතර (බොදුනු මෙන්ම කිතුනු ජනතාව අතර ද) පවතින දුර්මතයක් වන්නේ මුස්ලිම් ජනතාව සීඝ්‍රයෙන් වර්ධනය වී ඔවුන් මහ ජාතිය වී සිංහලයා සුළු ජාතිය බවට පත්වීම අනාගතයේදි සිදුවන බවයි.

මතුපිටින් සංඛ්‍යා දත්ත උපුටා දක්වමින් ආගමික පදනමින්ද ඉස්ලාම් ජනයා කිතුනුවා යටපත් කර වර්ධනය වෙමින් සිටින බව පෙන්වා කිතුනුවන් තුළ ද මුස්ලිම් විරෝධයක් අවුලන පියතුමන්ලා ද සිටිති.

මේ වනාහි කිසිදු පදනමක් නැති කථාවකි.

ජන සංඛ්‍යාව පිළිබඳ රජයේ සංඛ්‍යා දත්ත පෙන්වා දෙන සත්‍ය තත්වය මෙසේය.

වර්ෂය            සිංහල            දෙමළ                මුස්ලිම්                උඩරට දෙමළ      වෙනත්

1911               66.13%            12.86%                5.70                  12.93%               2.39%
1953              69.36%           10.95%                 5.73                  15.43                2.38%
2012              74.88%           11.21%                 9.23                   4.61%               0.52%
2017              74.9%             11.2%                 9.2                     4.2 -                -

මේ අනුව පෙනී යන්නේ කුමක්ද ?

■ ගෙවුණු අවුරුදු 100 ක පමණ කාලය තුල,

1 සිංහල ජාතියේ ජනගහන අනුපාතය වර්ධනය වීමක් මිස පහත යෑමක් සිදු වී නැති බවයි.

2 ජන අනුපාතය අනුව අඩු වී ඇත්තේ උඩරට දෙමළ ප්‍රජාව හා වෙනත් සුළු ජාතින් බවයි. මෙහිදි උඩරට දෙමළ ජනයා විශාල ප්‍රමාණයක් පුරවැසිභාවය අහිමි කොට ඉන්දියාවට යැවීමත් බර්ගර් ජාතිකයින් හා වෙනත් සුළුජාතින් යම් ප්‍රමාණයක් ද රට හැර යාමත් ඊට බලපා තිබේ. කඳුකර දෙමළ ජනයා කෙරෙහි රට හැර යාම හැරුණු විට ඔවුන්ගේ ජනගහන වර්ධනය අනුපාතය අඩුවීම මෑතකාලිනව නිරික්ෂණය වී තිබේ. එයට හේතු විමසා බැලිය යුතු ව ඇත.

3 මුස්ලිම් ජනගහන වර්ධනය සාමාන්‍ය මට්ටමේ වර්ධනයක් මිස දැවැන්ත වර්ධනයක් නොපෙන්වයි.එසේම මුස්ලිම් ජන ප්‍රතිශතය මෑත කාලිනව ඉහළ ගොස්        ඇත්තේ  දෙමළ හා වෙනත් ජනතාවගේ අඩුවීම හේතුවෙන් මිස ඔවුන්ගේ විශාල වර්ධනයක් නිසා නොවේ. “මුස්ලිම් වරු දරුවන් විශාල ප්‍රමාණයක් හදනවා” යන කියමන උගත් පෝසත් මුස්ලිම්වරුන්ට අදාළ නොවන බව නිරීක්ෂණය කළ හැකි අතර දරුවන් කීප දෙනෙකු සෑදීම ඔවුන්ගේ සාමාන්‍ය පැවැත්මේ කොටසකි. අනිත්  අතට සිංහල ප්‍රජාව වැඩි දරුවන් සංඛ්‍යාවක් නොසෑදිම මුස්ලිම්වරුන්ගේ කුමන්ත්‍රණයක් නොවේ.

එසේම ඇතැම් ස්වාමින් වහන්සේලා හා කිතුනු පියවරු කොතරම් දේශනා පැවැත්වූවද ඔවුන් අනුව යමින් දරුවන් වැඩි ගණනක් සෑදීමට එම ආගම් අදහන ප්‍රජාව සිදු නොකරන බවද පෙනී යයි. ඒ නිසා මුස්ලිම් ජන ප්‍රතිශතයේ වර්ධනය යම් මට්ටමකින් සිදුවීම වැලැක්විය නොහැක.

වෛරී ක්‍රියා නිසා දෙමළ ජනතාව සේම යම් මුස්ලිම් ජනතාවක් රට හැර යාම සිදු විය හැකි වූවද ශ්‍රී ලංකාව රටක් ලෙස ඇද වැටෙනු ඇත්තේ ඉතා ඛේදනීය තත්වයකටය. ගෝලීයකරණය වු ලෝකයක් තුළ ජාතික, ආගමික බෙදුම් රේඛා මත බෙදී වෙන්වීම යනු ස්වයං ඝාතක මාර්ගයකි.

විවිධත්වය පොහොසත්කමක් බවට පත් කර ගැනීමට හැකි බුද්ධිය සිංහල ජනයා අතරින් මතු නොවනා තරමට සිංහල ජනයා දුර්වලවීම මිස ශක්තිමත් වීම සිදු නොවේ. හුදකලාව වීම මිස ඉස්මතුවීම සිදු නොවේ. ලාංකික බව ගොඩනගා ගැනීමට සමාන ගරුත්වයක් තුළ නොහැකි වේ නම් දිනෙන් දින රට විනාශයට යනු ඇත.


     6cac3e4af71ab8dda6dba234a97e4887  කිතු තිළිණ

jesustodaysl 2 වන වසර 2 වන සතිය 2018 මාර්තු 18