ඉරුදින සුපුවත සාමාන්‍ය සමයේ 26 වන ඉරුදින

දිනට නියමිත ශුද්ධ ලියවිලි

එසකියල් 18/25-28

පිලිපි 2/1-11

මතෙව් 22/28-32

දේව සාධාරණය දකින්න.

  • දිවැසිවරයා තුළින් දෙවියන් වහන්සේ ජනතාව අමතයි.

’‘දෙවියන් වහන්සෙගේ ක්‍රියා අසාධාරණය යැයි නුඹලා සිතන්නාහුද ?”

  • ඊට පිළිතුරුද දෙවිදුන්ම ලබා දේ.

’‘මාගේ ක්‍රියා අසාධාරණ නැත. සාධාරණ නොවන්නේ නුඹලාගේ ක්‍රියාය”

  • මිනිස් සම්මතය අනුව පෙනී සිටින වැදගතුන්ගේ ධර්මිෂ්ඨ යැයි පෙන්වන සිල්වතුන්ගේ ක්‍රියා සාධාරණ නැති බව පෙන්වා දෙයි.
  • අද බොහෝ දේශපාලකයින් පල්ලි, පන්සල් වලදි පවා බව්තිස්ම ලබන්නේ ජනතා සේවකයින් ලෙසයි. යහපත් පරිත්‍යාගීශීලි බැතිමතුන් ලෙසයි. පල්ලි, පන්සල් වලට උපකාර කරන ආගමික බව රකින්නන් ලෙසයි. එහෙත් දේව සම්මතය අනුව ඔවුන්ව මෙසේ පිළිගත නොහැකිය. පසු තැවෙන අදමිටුවන් එසේ නොවන බොරු සිල්වතුන්ට දානයපතියන්ට වඩා ධර්මිෂ්ඨබව සමිදුන් තිර ලෙසම පවසන සේක.

ජේසුගේ ජීවිත ආකල්පය ඔබ තුළ තිබේද?

  • පාවුළු තුමා පිලිප්වරුන්ගෙන් ප්‍රශ්න කීපයක් අසනු ලබයි. ඔබ දෙවියන්ට අයිති කෙනෙක්ද ? ශුද්ධාත්මයන් තුළ පවතිනවාද්?

එසේ නම්

“තමන්ගේ යහපත පමණක් ගැන නොසලකා අනුන්ගේ යහපත ගැනත් සොයන්න”

ඔබට වඩා අන් අය උතුම් කොට සලකන්න.

මන්ද ජේසු තුමන්ද දේව ස්වරූපය දැරු නමුත් අපවන් මිනිසෙකු වී යටහත් පහත් විය.

  • ඔබ දෙවියන් තුළ පවතිනවා නම්, ශුද්ධාත්ම ගමනක් යනවා නම්, ක්‍රිස්තුස්වහන්සේ තුළ පැවැති ජීවිත ආකල්පය ඔබ තුළ පැවැතිය යුතුය.

පව්කරුවෝ පළමුව දෙව් රජයට ඇතුළු වේ.

  • ජේසු තුමා උපමාවක් මගින් ජනතා අදහස් විමසයි.

එක් මිනිසෙකුට මිදිවත්තක් තිබුණි. දරු දෙදෙනෙක් සිටි. ඔහු පළමුවැන්නාට මිදිවත්තට ගොස් වැඩ කරන්නැයි කීය. ඔහු “නොහැකි යැයි” පිළිතුරු දි පසුව පසුතැවි වැඩට ගියේය. දෙවැන්නා ‘යමියි’ පිළිතුරු දී නොගිහින් සිටියේය.

මේ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත කලේ කවුද?

එතුමා නැගු ප්‍රශ්නයට ජනතා පිලිතුර “පළමුවැන්නා” යනුයි.

ජේසු තුමා ඒ පිළිතුර අනුමත කර මෙසේ පවසයි.

“සැබැවින්ම මම ඔබට කියමි. අයකැමියෝද වැසඟනන්ද ඔබට පළමුවෙන් දේව රාජ්‍යය ට පැමිණෙති”

ජේසු අභියෝග කරන්නේ එදා සිටි ධර්මිෂ්ඨයයි ලේබල් ගසා ගත් අයටයි.

ඔවුන් ස්නාවක ජොහාන්ගේ පණිවිඩයට කන් දී පසු තැවුනේ නැති බව උන්වහන්සේ මතක් කර දෙයි.

මේ ඊනියා ධර්මිෂ්ඨයින්ට වඩා පවු ගැන මනස්ථාපන වන්නේ සැබැවින්ම පියාණන්ගේ කැමැත්ත ඉටු කරති.

මොහොතක් හිතා බලන්න.

ඔබ බොරු ධර්මිෂ්ඨයෙක්ද බලවත් බොරු ධර්මිෂ්ඨයින්ට ආවඩා බලය නැති පවුකරුවන්ට ගරහන්නෙක්ද?

නැතිනම් සැබැවින්ම පසුතැවිලි වී දෙවියන්වහන්සෙගේ කැමැත්ත ඉටු කිරිමට ක්‍රියා කරන්නෙක්ද?

Comments powered by CComment