ඉරුදින සුපුවත
චතාරික සමයේ තුන්වන ඉරුදින

නික්මයාම      20/1-17
ජොහාන්       2/13-25
1 කොරින්ති    1/22-25

 

දස පනත නිදහස උදෙසාය.

- අද පළමු කියවීම අපට හුරු පුරුදු දස පනත විස්තර කරයි.
- දස පනතේ අරමුන කුමක්ද ? ඒ වනාහි ජනතාව වහල්බවින් නිදහස් වු ජීවිත ගත කරන දේශයක්, ජන ජීවිතයක් සමාජ ක්‍රමයක් පවත්වා ගැනීමයි.
- දස පනතට ව්‍යවස්ථාව පදනම් වන හැදින්වීම මෙසේය.

“වහල්කමේ නිවාසය වු මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිදාණන් වහන්සේ මම ය”

- දෙවියන් වහන්සේව වන්දනා කිරීම යනු නිදහස් දෙවියන්ට වන්දනා කිරීමයි. ධනයට, බලයට, කීර්තියට, ජාතියට ආගමට පක්ෂයට, තනතුරට වහල්වූවෝ දස පනත කඩ    කරයි. එවැන්නෝ මොන පුද පූජා පිළිවෙත් සිදු කළත් සැබැවින්ම ඔවුන් දෙවියන්ට ගරු නොකරති. බොරු දෙවි වන්දනා කරුවන්ය. අද යුගයේ රූප වන්දනාව යනු        මුදල මුල්කරගත් සමාජ ක්‍රමයට වහල්වීම බව ප්‍රැන්සිස් පාප් තුමන් මෙසේ අවධානරය කර ඇත.

“අතීතයේ පැවැති රූප වන්දනාව අද කාලයේ මුදලට වන්දනා කිරීම තුළින් සිදුවේ”

- එකම දෙවියන්ට වන්දනා කිරිම පිළිබඳව මෙන්ම රූප වන්දනාව පිළිබඳව ද විවිධ සභාවන් එකිනෙකාට කරන චෝදනා සියල්ල එහි සැබෑඅ රුත අනුව සිදු වන්නක්          නොවේ.
- දස පත නම් ව්‍යවස්ථාව තුළ මිනිසුන්ට පෙනෙන වැරදි මෙන්ම නොපෙනන වැරදිද, එනම් වරඳට පොළඹවන දේද සාකච්ඡා කරයි. ඊර්ෂ්‍යාව, තන්හාව ආදියටද ලෞකික    නීති තුල සාකච්ඡා නොවේ. එහෙත් දේව නීතිය තුල ඒවාද සාකච්ඡා වේ.

දෙවියන්ගේ ගමනය වෙළඳපොළක් නොකරනු.

- ජේසු තුමන්ගේ මරණයට ඉතා ආසන්න හේතුවක් වන්නේ අද සුපුවතේ සඳාහන් වන සිදුවීමයි.
- ජුදාවරුන්ගේ ප්‍රධාන පූජ්‍ය ස්ථානය වන ජෙරුසලම් දේව මාළිගාව වෙළඳුන්f්ග ඍජ දහනක් බවට පත් වී තිබේ. ජේසු තුමා එයට ඉතා සෘජු විරෝධයක් දක්වති.

“මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් නොකරන්න“

- වර්ධමානය තුළද සියළු ආරැගම් වල මෙන්ම කිතුනු සභා තුළද දේවස්ථාන තුළ වෙළඳපොළ ලක්ෂණ දැකිය හැකි බව අකමැත්තෙන් වූවද පිළිගැනීමට සිදු වේ.
- වෙළඳපොළ තර්කයෙන්, මුසපත්වු මිනිස් ජීවීත තුළද ඇත්තේ ජීවිතය නැමැති දේව ගෘහය වෙළඳ පොළක් කරගත් ස්වරූපයකි.
- වෙළඳ පොළවාදයට යටවු විශ්වය නැමැති දේව මාඝිරැය, දුෂ්‍ය වන ආකාරය ප්‍රැන්සිස් සුදතුම් පියා මෙසේ පෙන්වා දෙති.

“බලයට ධනයට ඇති පිපාසාව සීමාවන් නොහදුනයි. වැඩි ලාභ ලැබෙන මාර්ගයන් අවහිර කරන සියලු දේ හා සියලු දෙනාව ගිල දමයි. විනාශ කරයි. දේව්වට පත් කරන   ලද වෙළඳපොළ ඉදිරියේ දුර්වල වන කුමන දෙය වුවද අනාරක්ෂිතයි.

කුරුසියේ ප්‍රඥාවට ඇතුළුවෙමු.

- මිනිස් ප්‍රඥාවට හාත්පසින්ම වෙනස් වු කුරුසියේ ප්‍රඥාවට ඇතුළු නොවන කිසිවෙකු ගැලවීම අත් නොදකියි.
- අද කුරුසිය කරේ එල්ලාගත් වුන්ද පල්ලියෙන් පල්ලියට සුව මෙහෙයන් සුව මෙහෙයට ගොස් කමින් හාස්කමට මාරු වෙමින් පෙන්වන්නේ කුරුසියේ ප්‍රඥාව නිවැරදිව        වටහාගෙන නැති බවයි.
- පවතින ක්‍රමයට අනුගත නොවි දෙවියන් කැමැති ආකාරයට සිතිමෙන්, ජීවත් වීමෙන් පමණක් අපට ගැලවීම ලැබේ.
- ගැලවීම ලැබෙන්නේ කුරුසිය සියචාර කිරිමෙන් නොවේ. කුරුසියේ මඟ ගමන් කිරිමෙනි.

jesustoday 53 සතිය 2018 මාර්තු 04