චතාරික සමයේ දෙවන ඉරුදින

උත්පත්ති      22/1-2, 9-13, 15-18
මාක්            9/2-10
රෝම           8/31-34

 

ආශිර්වාදයේ මාවත දේව කැමැත්ත ඉටු කිරීමයි.

■ අද පළමු ප්‍රකාශනය වන්නේ ආබ්‍රහම් සිය එකම පුත්‍රයා වන ඊසාක්ව පූජා කිරිමට ඉදිරිපත්වීමේ කතා පුවතයි.
■ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව වු දරු පෙළපත වර්ධනය කිරිම පිළිබඳ බලාපොරොත්තුව ඉටු වේ යැයි සිතිය හැකි එකම මාර්ගය වන්නේ මහළු වියේ      ලද පුතු ඊසාක්ය. එහෙත් දෙවියන්වහන්සේ ඒ එකම බලාපොරොත්තුවත් අහිමිකරන යෝජනාවක් ගෙන එයි. ඒ එකම පුතුව පූජා කිරිම පිළිබඳවයි.
■ දෙවියන් වහන්සේ මිනිස් බිලි පූජා ඉල්ලන දෙවි කෙනෙක්ද ? යන ප්‍රශ්නය කෙනෙකු නැඟීය හැකිය. නමුත් සිදුවීම පෙන්වා දෙන්නේ එය දේව කැමැත්ත නොවන බවයි.
■ නමුත් සැබෑ දේව ගරුබිය වන්නේ කිසිදු බලාපොරොත්තුවක් නැති මනසට ගෝචර නොවන තත්වයකදීත් දේව කැමැත්තට නතු වීමයි.
■ අද වන විට අපගේ ඇදහිල්ල මගේ කැමැත්ත සඳහා දෙවිදුන්ව භාවිතා කිරීමක් බවට පත් වී නැතිද ? අප ඉල්ලන්නේ අපේ කැමැත්ත ඉටුකර දෙන ලෙස නොවේද? අද    අපි ගතකරන්නේ තම දරුවාව නොව තම ජීවිතයෙන් පැය භාගයක් අනෙකාගේ යහපත උදෙසා වැය නොකරන මිනිසුන් ලෙස නොවේද ?
■ ආබ්‍රහම් විශ්වාසයේ පියා වන්නේ දේව කැමැත්තට මුළුමතින් අවනත වී සියල්ල අත්හැර දමා දේව කැමැත්ත ඉටු කිරීමට ඉදිරිපත් වූ නිසාය. අප ඒ විශ්වාසයේ දරු        වෙමුද ?

මහිමයට මඟ කුරුසියයි

■ අද ශුද්ධ වු සුවිශේෂය ජේසු තුමාගේ රූප විපර්යාසය ගැනයි.
■ රූප විපර්යාසය අත් දකින ගෝලයින් අතරින් පේදුරු ඉදිරිපත්ව පවසන්නේ කඳු මුදුනේ සිටීමට මණ්ඩප සෑදිම ගැනයි. කඳු මුදුනේ අසිරිමත් අත්දැකිම තුල සිටීම          ගැනයි.
■ ජේසු තුමන් ඔවුන් සමඟ කඳු මුදුනින් බැස නැවත ජනතාව අතරට ගමන් කරයි. ජේසුගේ සැබැ මෙහෙවර කඳු මුදුනේ නොව කඳු පාමුල ජනයා අතරය.
■ මේ මොහොතේ ගෝලයින්ට ශ්‍රාවනය වන දේව හඬ වන්නේ “මේ මගේ ප්‍රියාදර පුත්‍රයාණෝය. මොහුට සවන් දෙන්න” යන්නයි.
■ දෙවියන්ට ප්‍රිය ප්‍රසාද පුත්‍රයෙකු විය හැක්කේ දේව කැමැත්ත ඉටු කිරිමෙනි.
■ අද අපි අපව ගලවාගන්නට පැමිනි දෙවිදුන්ගේ කැමැත්ත විමසනවාද ? ජේසුකී දේ අසා පිළිපදිනවාද?
■ අප රට තුළ සිදුවන දැ අපට පෙන්වන්නේ කුමක් ද? ජනතාව දෙවිදුන්ට පිටුපා ඇති බවයි. ජනතාව දේව කැමැත්ත මත නොව බලලෝභි දේශපාලන කැමැත්තට යටවී    ඇති බවයි. මේ යටවීම රට ගෙනයන්නේ විනාශය වෙතටය. දේව හඬ ජාතිවාදට රාව නොනංවයි. වංචාව දූෂණයට විරුද්ධයි. එහෙත් කිතුනුවන් බොහෝ දෙනෙකු දේව    හඬට පිටුපා ක්‍රියා කරන බව පෙනීයාම සුවිසල් කනගාටුවකි. මේ චතාරිකය ඒ දේව විරෝධි ගමන වෙනස්කර ගන්නා සැබෑ පසුතැවීමේ කාලයක් කර ගනිමු.
■ කුරුසියේ මඟ යාමෙන් ලබන උත්ථානය මිස මොහොතක බැබලීම ගැලවීම නොවේ.

දෙවියන් සේ පරිත්‍යාගීවන්න.

■ ශුද්ධ වු පාවුළු තුමා රෝම වරුන්ට පවසන්නේ දෙවියන් වහන්සේ ජනතාව උදෙසා තම එකම පුතුව වුව පූජා කිරීමට කැමැති වුණ බවයි.
■ අපිදු පරිත්‍යාගයේ, බෙදාගැනිමේ මාවත තුළ පූජා විය යුතුය. පූජා වීමෙන් තොරව පාස්කුවක් අත්දැකිය නොහැකිය.
■ ක්‍රිස්තුස් වහන්සේට අයිති වීම යනු ක්‍රිස්තු ප්‍රතිපත්තියට අයිතිවීමයි.

 jesustoday 52 සතිය 2018 පෙබරවාරි 25