ඉරුදින සුපුවත
චතාරික සමයේ පළමු ඉරුදින

උප්පත්ති     9/8-15
1 පේදුරු     3/18-22
ශු. මාක්      1/12-15

 

විශ්වයටම පොදු ගැලවීමක්

- උත්පත්ති පොත විස්තර කරන්නේ දෙවියන් වහන්සේ ජල ගැලීමෙන් පසු ඇති කරගන්නා නව ගිවිසුම ගැනයි.
- මේ ගිවිසුම ඇති කරගන්නේ කා සමඟද ?
1 නෝවා හා ඔහුගේ පෙළපත සමඟ,
2 ජීවමාන සියලු සතුන් සමඟ '

මෙම ගිවිසුම මිනිසාට පමනක් ගැලවිම දෙන මානව කේන්ද්‍ර්‍රීය ගිවිසුමක් නොවෙයි. විශ්වයම නවතාවයට පත් කරන ගිවිසුමකි.

ජල ගැල්මෙන් පසු නව ලෝකයක් බිහි කරන්නේ අනාගත පරම්පාරාවන් උදෙසාය.

“මතු පරම්පරාවන් සඳහා මා පිහිටුවන ගිවිසුම් ලකුණ නම් මෙයයි.”

- ජල ගැලීමෙන් ලෝකය විනාශ වන්නේ නමුත් ධර්මිෂ්ඨ නෝවා හා පවුල බේරෙයි. ලෝකය පාපිෂ්ඨව තිබීම දේව කැමැත්ත නොවේ. ධර්මිෂ්ඨ ලෝකයක් පැවැතීම දේව      කැමැත්තයි.
- පාපය නිසා සිදුවන්නේ මිනිසා මිනිසාගෙන් ඈත් වීමයි, මිනිසා පරිසරයෙන් ඈත් වීමයි, මිනිසා දෙවියන්ගෙන් ඈත් වීමයි. ඒ මගින් ධර්මිෂ්ඨ බව, සංහිදියාව බිඳ වැටේ.
 

දේව රාජ්‍ය උදෙසා නව ජීවිතයක්.

මුළු ලොවටම දේව රාජ්‍ය උදා කර දීමේ මෙහෙවර ජේසු තුමන් ආරම්භ කල ආකාරය මාක් තුමා විස්තර කරයි. එකි සූදානම හා ආරම්භය මෙසේය.

1 ආත්මයාණන්ගේ මෙහෙයවීම යටතේ පාළුකරය පිවිස සාතන්ගේ පරීක්ෂාවන්ට මුහුණ දෙමින් ඒවා ජය ගැනීම. ධනය බලය කීර්තිය සඳහා වන දුර පරීක්ෂාවෙන් මිදි      දේව  කැමැත්ත මාර්ගය තෝරා ගැනීම.

2 ජුවාම් සිරභාරයට ගනු ලැබු පසු එතුමා එතැන් සිට ඉදිරියට ගැලවීමේ දූතකාර්ය ක්‍රියාවට නැංවීම ඇරඹීම.
3 එය වඩාත් පීඩිතයින් සිටින ගලීලයෙන් ඇරැඹීම.
- චතාරිකය තුළ අපට ආරාධනා කරන්නේ ජේසු තුමන් සක්සුදක් සේ පැහැදිලි කරගත් දේව රාජ්‍ය උදෙසා කැපවීමේ මෙහෙවර අලුත් කර ගැනීමට මිස හුදු වන්දනාගමන්,    වත් පිළිවෙත් ටිකක් ඉටු කිරීමට නොවේ. ඒ සඳහා මේ දින හතලිහ තුළ අපිත් පාළුකරයට ඇතුළු විය යුතුය.
1 ධනයට බලයට කීර්තියට ඇති ගැතිභවයන්ගෙන් එතෙර විය යුතුය. ඒ සඳහා ආත්මයාණන්ගේ ගැඹුරු මෙහෙයවීමට අපි ඉඩ දිය යුතුය.
2 අද සමාජයේ ගලීලයට අපි ගමන් කළ යුතුය. එනම් වඩාත් පීඩිත ජන කොටස් අතරට යා යුතුය.

චතාරිකය අපට ආරාධනා කරන්නේ හුදෙක් කල්වාරි පුදබිම් සොයමින් යාමට නොවේ. පීඩිත ජනතාව අතරට යාමටයි.

ඒ ආරාධනා පිලිගනිමුද ?

- පිරිසක් ලෙස එකතු වී වඩාත් දුක් විදින ජන කොටස් වෙතට යමින් ඔවුන්ගේ අරගලයට දායක වෙන්නට ක්‍රියා කරමු.
- සැබෑ ජීවන කල්වාරිය නගින ජන පිරිසකගේ ගමනට අත්වැලක් වෙමු.
- තනිවු අයකු සමඟ පැයක් ගත කරමු. එය ශුද්ධ වු පැයක් බවට පත් කර ගනිමු.

 

jesustoday 51 සතිය 2018 පෙබරවාරි 18

 

Comments powered by CComment