ඉරුදින සුපුවත
සාමාන්‍ය සමයේ පස්වන ඉරුදින

යෙසායා     43/1-3,5, 10-13
ක්‍රියා         1/12-13, 2/1-2, 4-8, 11
මතෙව්       2/1-2, 7-12

 


දේව කැමැත්ත ජනතා නිදහසයි.

- අද පළමු කියවීම යෙසායා දිවැසිවරයාගේ පොතේ 43 වන පරිච්ඡේදයෙනි. එම ඡේදය නම් කර ඇත්තේ “ස්වාමින් වහන්සේ සිය සෙනඟ මුදා ගැනීම” යි.
- ඉතිහාසය තුළ යාවේ දෙවියන් වහන්සේව ප්‍රථමයෙන් හඳුනාගත්තේ “ජනතාව නිදහස් කරන දෙවියන් වහන්සේ” වශයෙනි.
  “නිදහස” ශුද්ධ වු බයිබලයේ ප්‍රධාන තේමාවකි.
- යෙසායා දිවැසිවරයා මේ පවසන්නේ බැබිලෝනියාවේ විප්‍රවාසයගත ව වහල්ව සිටින ඊශ්‍රායල ජනයාව මුදාගැනීම දේව අභිමතය බවයි. “භය නොවන්න” යන වචනය මේ    කොටස තුළ අවධාරණය කරනු ලබයි. නිදහස අයිති කර ගැනීම සඳහා බියෙන් නිදහස් විය යුතුය.
- නිදහස දෙන දෙවිදුන්ව පමණක් අදහන්න. අන් දෙවිවරුන් නොඅදහන්න යන හඬ දිවැසිවරයා මතු කරයි.
- අද පුද්ගලයින් ලෙසද, පවුල් ලෙසද රටක් ලෙසද අප වහල් වී සිටින්නේ ධනය දෙවියන් කර ගැනීමේ සමාජ ක්‍රමය දේවත්වයෙන් සලකන නිසාය.

ඝාතනයට හවුල් නොවන්න.

- මතෙව් සුවිශේෂය තුළ දිග හැරෙන්නේ ශ්‍රාස්ත්‍රවන්තයින්ගේ පැමිණිමේ කතාවයි.
- ශ්‍රාස්තවන්තයින් පැමිණෙන්නේ රජෙකු බැහැදැකීමටයි. නමුත් ඒ රජතුමා ඉපැදි සිටියේ තුන්වෙනි ලෝකයේ සාමාන්‍ය දුගී පවුලකය, ගව හලකය. එනම් මේ ලෝකයේ        රජුන්ට වඩා වෙනස් රජෙකි.
- හෙරොද් ඉපදුනු බිළිදා මරනු රිසින් තමන්ටද බිළිදා සිටින තැන දන්වන්නැයි ශ්‍රාස්ත්‍රවන්තයින්ගෙන් ඉල්ලා සිටියි. නමුත් ශ්‍රාස්ත්‍රවන්තියින් ඒ ඝාතන තැතට හවුල් නොවී අන්    මඟකින් ගමන් කරති.
- දේව අභිමතය ඝාතනයට හවුල් නොවීමයි.
- ‘නිදහස’ ප්‍රකාශ කරන ගැලවුම්කරු ඝාතනයේ නොව ජීවිතයේ දෙවියන් වහන්සේය.
- නිදහසේ පළමු කොන්දේසිය ජීවත් වීමට අවැසි නිදහසයි. අද රට තුළ ඇත්තේ නිදහසක් නොමැති නිදහසකි.
- කඳුකර ද්‍රවිඩ ජාතිකයින් ලක්ෂ 15 කට තවමත් ලිපිනයක් නැත. උතුරේ මව්වරු වසරකට ආසන්න කාලයක් කරන උපවාසයට තවමත් පිළිතුරක් නැත. නිදහස්              අධ්‍යාපනය  දිනෙන් දින දුප්පතාට අහිමි වේ. රට තුල ඇත්තේ වහල්වීම් නිදහසයි. ජේසු තුමන් උපත ලැබුවේ නිදහස ප්‍රකාශ කිරීමටයි.

 නිදහස සැමටයි.

- ජේසු ගෙනා නිදහස ඊශ්‍රායල් ජනයාට නොව මුළු ලොවටම බව ප්‍රකාශ කරමින් ශුද්ධාත්ම ආගමනයෙන් පසු විවිධ ජාතින්ට සුපුවත ප්‍රකාශ කිරීම දෙවන කියවීමෙන් මතු      කර පෙන්වයි.
- ‘ලෝකයක්’ ලෙස ‘නිදහස’ භුක්ති විදින තෙක් නිදහස සම්පූර්ණ නොවේය යන මහ සත්‍යය මේ තුළ අවධාරණය වේ.
- ප්‍රේරිතයින්ට පැවරුනේ, අද අපට පැවරි ඇත්තේ නිදහස විශේෂයෙන් පීඩිතයාට දිනාදීමේ ජේසු මෙහෙවර ඉදිරියට ගෙනයාමයි.
- ජාතික ධජය එසවීමෙමන් ජාතික ගීය කීමෙන් ඒ මෙහෙවර ඉටු නොවේ. ඊනියා නිදහසින් දශක හතකට පසු ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස ගොඩනැගීමට අපට නොහැකි        වූයේ ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, පක්ෂවාදය නිසාය. ජාතිවාදය පවතින තුරු රටට නිදහස හිමි නොවේ. අනෙකාගේ විලංගු තනන ජාතිය තමන්ගේම විලංගුව      තනාගනි යන කියමන අනුව යමින් අපි සෑම මිනිසෙකුගේම නිදහස උදෙසා හඬ නගමු. ක්‍රියා කරමු.

jesustoday 49 සතිය 2018 පෙබරවාරි 04

 

Comments powered by CComment