සාමාන්‍ය සමයේ 4 වන ඉරුදින

ද්වීතීය නීති   6/1-9

ශු. මාක්       10/13-15

කොලොස්සි   3/12-21

 

දරුවන්ට ප්‍රේමය උගන්වන්න.
- පළමු කියවීම තුළ සඳහන් වන්නේ මව්පියන් විසින් පරපුරෙන් පරපුරට කියාදී ජීවත් කළ යුතු ශ්‍රේෂ්ඨ අඥාව ගැනයි.
- වැඩිහිටියන්ගේ මූලික යුතුකම ඒ ආඥාව ඉගැන්වීමයි.
- කුමක් ඒ ආඥාව
- මුළු හෘදයෙන්ද, ඔබේ මුළු සිතින්ද, මුළු වීර්යෙන්ද දෙවියන්ට ප්‍රේම කිරීමයි.
- ප්‍රේමය ඉගැන්වීම යනු ප්‍රේම කිරීමයි.
= අද අපේ රටේ දරුවන් ප්‍රේමය අත්දකිනවාද?

මේ බලන්න

63% දරුවන්ට තමන්ව එපාවෙලා.
50% දරුවන්ට හිතට වද දෙන ප්‍රශ්නයක් තිබෙනවා.
33 1රැ3 දරුවන්ගේ ගෙදර සමඟ සබඳතා බිඳ වැටිලා
38% හිංසනයට ලක් වෙනවා.
16% ළමයින්ට මැරෙන්න හිතිලා තියෙනවා.

ඉහත දැක්වෙන්නේ අප රටේ දරුවන්ගේ ජීවිත යථාර්ථයෙන් බිඳකි. ඉන් පැහැදිලිව පෙනෙන්නේ අපි දරුවන්ට ප්‍රේමය දක්වා නොමැති බවයි. දරුවන්ට ප්‍රේමය උගන්වා නොමැති බවයි. අපි උගන්වා තිබෙන්නේ ආත්මාර්ථය, වෛරය, තරඟය, පීඩාව, හිංසනය, බව පැහැදිලියි.

ප්‍රේමයේ අණපණත් පිළිපැද්දොත් පමණක් රටට සුබ සිද්ධිය ඇති වන බව සමිඳුන් පෙන්වා දෙයි. අද අපි දකින විනාශය ප්‍රේමයේ අණ පනත් වෙනුවට ධනයේ අණ පනත් පිළිපැදීමේ ප්‍රතිඵලයකි.

දරුවන්ට මඟ ඇහිරීම පාපයකි.

- ජේසුස් වහන්සේ දරුවන්ට ආශිර්වාද කිරීම ගැන සුවිශේෂය කතා කරයි.
- මේ සිදුවීම දෙස බැලුවොත් ප්‍රධාන පාර්ශව 4 ක් සිටි.

දරුවන්      - ජේසු ළඟට යන්න කැමැත්ත ඇති.

මව්පියන්     - ජේසුගේ ආශිර්වාද තම දරුවන්ට ලබා දීමට කැමැති.

ගෝලයන්    - දරුවන්ට ජේසු වෙත යාමට මඟ අහුරන

ජේසු         - ළමයින්ව තුරුල් කරගෙන ආශිර්වාද කරන.

- අපි ජේසු වෙත දරුවන් ගෙනයන මව්පියන්ද ? ජේසු ළඟට යාමට බාධා කරන ගෝලයින්ද.
- ජේසු දරුවන්ව තුරුලු කරගෙන ආදරය පාන අතර ගෝලයින් ඇතුළු සැමට පණිවුඩයක් දෙයි.
- දරුවන්ට වළක්වාලන්න එපා.
= මා වෙත එන්න ඉඩ දෙන්න.
- දෙවියන්ගේ රාජ්‍ය මේ බදු අයගේය.
- ළදරුවෙකු මෙන් නූවුවහොත් දේව රාජ්‍යයට යා නොහැක.

අපි දේව රාජ්‍යයට ඇතුළුවීමට ළදරුවන් මෙන් වෙනස් වෙමුද ? නැතිනම් විවිධ පටු මතවාද තුළ හිර වී සිටිමුද ?

- දරුවන් පිළිබඳ අවධානය යොමුකරන අද දින අප මෙනෙහි කළ යුත්තේ දරුවන් මුහුණ දෙන විනාශකාරි ත්තවයට වගකිව යුත්තේ අපි බවයි.
- අද ළමා අපචාර හා අපයෝජන වලින් වැඩීම ප්‍රමාණයක් සිදු කරන්නේ භාහිර අප නොව දෙමාපියන් හා වැඩිහිටි අපයි.
- දරුවන්ගේ ජීවිත විනාශ වීමට වැඩිහිටියන් වගකිව යුතුය.
 

   “අපි ඇඹුල් මිදී කෑවොත් 

    හිරි වැටෙයි දරුවන්ගේ දත්

    දෙමාපිය මහ වගකීමක්

    අඹනු මැන සමිදුනි සැබෑ මව් පියෝ විලස සැම මොහොතේ”

(ගීතය වෙබ් අඩවියේ වීඩියෝ යටතේ බලන්න)

ප්‍රේමයෙන් සැරසෙන්න.

පාවුළු තුමා කොලොස්සිවරුන්ට පැහැදිලි කර දෙන්නේ සියල්ලේ හරය වන්නේ ප්‍රේමයේ පැවැතම බවයි. “සියල්ලට ඉහළින් සියල්ල සම්පූර්න ලෙස ඒකාබද්ධ කරන ප්‍රේමයෙන් සැරසෙන්න”

කිතුනුවන් ලෙස අපව කැඳවා ඇත්තේ ඒ සඳහාය. “එකම ශරීරයේ කොටස් වශයෙන් ඔබ කැඳවන ලද්දේ මේ සඳහාය”
ජේසු තුමන් පෙන්වා දුන් කුඩා ‘දරුවෙකු සේ’ වීමෙන් දේව රාජ්‍යය අයිතිකර ගැනීම යනු මේ ප්‍රේමයේ හැසිරිමෙන් පැවැතීමෙන් දේව රාජය අයිති කර ගැනීමයි.

jesustoday 48 සතිය 2018 ජනවාරි 28

 

 

Comments powered by CComment