ඉරුදින සුපුවත (ජනවාරි 21) සාමාන්‍ය සමයේ 3 වන ඉරුදින

දිනට නියමිත ශුද්ධ ලියවිලි

ජෝනා         3/1-5,10
1 කොරිත්ති    7/29-31
මාක්            1/14-20

 

විනාශයෙන් මිදීමේ මඟ වෙනස්වීමයි.
 ජෝනා දිවැසිවරයාට දෙවියන් වහන්සේ පවරන්නේ භාරදුර කාර්යයකි. එනම්, ඊශ්‍රායල්වරුන්ගේ භයානක සතුරා වු අසිරියා අධිරාජ්‍යයේ අගනුවර වු නිනීවයට ගොස්         එයට විරුද්ධව දේශනා කිරීමයි.
 ජොනා එය මඟ හැර යන්නට උත්සහ කළත් නොහැකි විය. අවසානයේදි ඔහු ඒ කාර්ය ඉටු කළේ දෙවියන් වහන්සේ නිනිවය විනාශ කරාවි යන අදහසිනි.
 එහෙත් ප්‍රථමයෙන් ජනතාවත් ඉන්පසු රජුත් මනස්ථාප වී නිවැරදි මඟට පිවිසි නිසා දෙවියන් වහන්සේ නීනිවය විනාශ නොකරයි.
 පුද්ගලයින් ලෙසද, පවුල් ලෙසද රටක් ලෙසද අපට දුකින් කඳුලින් විනාශයෙන් මිදිය හැක්කේ නපුර මාර්ග අත්හැර ජීවිතය වෙනස් කර ගැනීමෙනි.
   “දෙවියන් වහන්සේ ඔවුන් කළ දේත්, ඔවුන් නපුර මාර්ගයෙන් ඉවත් වූ අයුරුත් දැක ඔවුන්ට කරන්නට අදහස් කල විපත ගැන සිත වෙනස් කරගෙන එය නොකළ        සේක”
 අද අප රට තුළ ජනතාවක් ලෙස, අපිත් මේ රටේ නායකනුත් නපුරු මාර්ග අත්හැරීමට අකමැති නිසාම රට දිනෙන් දින විනාශ වේ.
 අපහසු වුවද දිවැසිවර කාර්ය ඉටු කිරීම කිතුනු වගකීමයි.

සුභාරංචිය නම් දේව රාජ්‍යයයි.

 ජේසු තුමන්ට පැවැරෙන්නේ නීනිවය වැනි එක් නගරයක් හරි මාර්ගයට කැඳවීම නොව මුළු විශ්වයම ගැලවීමේ මාර්ගයට එනම් දේව රාජ්‍ය වෙත කැඳවීමයි.
 උන්වහන්සේ තම කැඳවීමට නියමිත මොහොත පැමිණ ඇති බව හඳුනාගනී. ස්නාවක ජුවාමි තුමා සිරභාරයට ගැනීමත් සමඟ උන්වහන්සේ තම දූත කාර්්‍යයට පිවිසේ.
 නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ. දෙවියන්වහන්සෙගේ රාජ්‍යය ආසන්න. මනස්ථාපනය වන්න.
   සුභාරංචිය හෙවත් දේව රාජ්‍යයේ සුපුවතට පළමු ශ්‍රාවකයින් හතර දෙනා ප්‍රතිචාර දක්වන්නේ සියල්ල අතහැර එතුමන් පසුපස යාමෙනි.
 “දේව රාජ්‍ය” අයිති කරගත හැක්කේ සියල්ලට පළමු දේව රාජ්‍ය සොයන අයටයි.
 සියල්ල අතහැර දේව රාජ්‍යයට කැපවන අපටයි.
 අපි කිතුනු ජනතාවක් ලෙස දේව රාජ්‍යයේ සුපුවත බෙදාගන්නවාද ? අපගේ ජීවිත වල නියමිත මොහොත හඳුනාගන්නවාද ?

මේ ලෝකයට නොව දෙව් රජයට ඇතුළුවන්න.

 ජෝනා දිවැසිවරයාත්, ජේසුස් වහන්සේත් තම දූත කාර්්‍යය ඉටු කරනු ලැබු අතර පාවුළු තුමා කොරින්ති සංඝයට පවසන්නේ ‘සැමට පළමු දෙව් රජය සොයන්න’ යන       සුපුවතමයි.
 මේ ලෝකය තුළ අපගේ සබඳතා සියල්ලටම අරුතක් ලැබෙන්නේ අපි දේව රාජය උදෙසා වැඩ කරන තරමටයි.
 අඹු-සැමි සබඳතා මාපිය දූ දරු සබඳතා ආදි සියල්ල දේව රාජ්‍ය සඳහාය. මේ ලෝකය තුළ සියළු සබඳතා දෙව් රජය ගොඩනැගීමට අප වැය කළ යුතුය.
 අප මේ ලෝකය දේව රාජ්‍ය දක්වා පරිවර්තනය කිරීමට දායක විය යුතුය.

සිතන්න.

 අපේ සබඳතා අපි දේව රාජ්‍ය උදෙසා වැය කරනවාද ?
 අපේ බැදිම් මේ ලෝකය තුළ පැවැතීමට පමණක් වැය කරනවාද ?
සිතන්න. පසුතැවි වෙනස් වන්න.


jesustoday 47 සතිය 2018 ජනවාරි 21