ඉරුදින සුපුවත
සාමාන්‍ය සමයේ දෙවන ඉරුදින

 දිනට නියමිත ශුද්ධ ලියවිලි

1 සාමුවෙල්        3/8-10,19
ජොහාන්           1/35-42
1 කොරින්ති        6/13-15, 17-20

 

 දිවැසිවර මෙහෙකරුවෙකු ලෙස,

අද පළමු කයිවීම සාමුවෙල්ගේ කැඳවීමයි.
 සාමුවේල් සමිඳුන්ගේ හඬ හඳුනාගන්නට නොදත්තෙකි. ඒළි ඔහුට ඒ සඳහා උපකාර කරයි.
 සමිඳුන්ගේ ඉදිරියේ පෙනී සිටිමින් සමිඳුන්ට ඇහුම්කන් දීමට ඒළි ඔහුට උගන්වයි.
   “ස්වාමිණි කථා කළ මැනව ඔබගේ මෙහෙකරුවා සවන් දී සිටියි”
 මේ සවන් දීම සමඟ සාමුවෙල් ට තම දිවැසිවර කැඳවීම හඳුනාගත හැකි වේ.
 උතුරත් - දකුණත් දෙකටම ඔහු දිවැසිවරයෙකු වේ.
 අද අපි බොහෝ දෙනෙකුට සමිඳුන්ගේ හඬ හඳුනාගත නොහැකිය. සමිදුන්ගේ දිවැසිවර කැඳවීම වෙනුවට මේ දිනවල බොහෝ කිතුනුවන් විවිධ පක්ෂ වලට බෙදී එක්       එක් අයගේ දූතයන් බවට පත් වී පක්ෂවල කට හඬ බවට පත් ව සිටි.
 සිතන්න.
ඔබ කීකරු වී සිටින්නේ සමිඳු හඬටද ?
සමිඳුන්ගේ සැබෑ හඬ හඳුනා ගන්නට ඔබ අන් අයට උපකාර කරනවා ද ?

ශ්‍රාවකයත්වයට හිස නමමු.

 ශුද්ධ වු සුවිශේෂ අද ඉදිරිපත් කරන්නේ මුල් ශ්‍රාවක පිරිස කැඳවීමයි.
 ජුවාම් ගේ ගෝලයින් දෙදෙනෙකු ජුවාම්ගේ මඟ පෙන්වීම මත කිතු තුමන් සොයා එයි. කිතු තුමන් ඒ බව දකී. සංවාදයක් ඇති වේ.

ඔබ කුමක් සොයන්නාහු ද ?

ඔබ වැඩ වසන තැන කොතැනද ?

ඇවිත් බලන්න

 ජේසු තුමන් ඔවුන්ට ආරාධනා කරන්නේ ඇවිත් බලන ලෙසයි.
 ඇවිත් බැලීමේ ප්‍රතිඵලය වූයේ කුමක්ද ?
   ඔවුන් ජේසුගේ ශ්‍රාවකයින් වීම පමණක් නොවේ. අන් අයවද ජේසු වෙත ගෙන යාම අප කළ යුතුය.
 ඇන්ඩෘ විසින් සීමන් පේදුරුව ජේසු වෙත රැගෙන එයි.
 දේව රාජ්‍ය උදෙසා ශ්‍රාවකයෙකු වීම දේව කැමැත්තයි.
 අපිට ජේසුව හමු වී තිබේනවාද ?

දෙව් මහිමය පිණිස කැපවන්න.

 ජේසු තුමන් තුළ සෑම කිතුනුවෙකුම ලබා ඇත්තේ දේව රාජ්‍ය උදෙසා තම දිවිය කැප කිරීමේ කැඳවීමට බව පාවුළු තුමා මතක් කරදෙයි.
 මේ කැඳවීම ඉටු කිරිමට බාධාවන මාංශයට යටවීම පිළිබඳ පාවුළු තුමා සාකච්ඡා කරයි.
 ශරීරය අවභාවිතා කිරීමට හෝ අනාචාරය සඳහා හෝ අපට අයිතියක් නැත.
  “ඔබගේ ශරීරය ශුද්ධාත්මයාණන් වැඩ සිටින මන්දිරය බව ඔබ නොදන්නාහුද ?”
 අප මේ සත්‍ය දැකගත යුතුය. අපගේ ශරීරය තුළ දෙවිදුන් වැඩ සිටි. ඇත්තටම අපි අපිට අයිති නැත. අප අයිති දෙවිඳුන්ටය. ඒ නිසා අපගේ ජීවිතය, ශරීරය, ආත්මය     දේව මහිමය උදෙසා යෙදවීම අපගේ ජීවිත අරුතයි.
 ඔබ එවැනි හැඟීමක් තුළ දිවි ගෙවනවාද ? මාංශයට යට වෙලාද ? ඔබගේ ශ්‍රාවකත්වයට ඔබ සාධාරණය ඉටු කරනවාද ?

අපි දිවැසිවර ශ්‍රාවකයින් සේ ජීවත් වෙමු.

jesustoday 46 සතිය 2018 ජනවාරි 14

 

Comments powered by CComment