ආගමන කාලයේ දෙවන ඉරුදින

දිනට නියමිත ශුද්ධ ලියවිලි

යෙසායා       40/1-5, 9-11
2 පේදුරු      3/8-14
ශු. මාක්       1/1-8

 

  • එඬේරෙකු හා මවක සේ.
    ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ මැද භාගයේ පමන බලාපොරොත්තු විරහිතව සිටි ජුදා ජනතාවට ගැලවීම පිළිබඳ බලාපොරොත්තුව දිවැසිවරයා ඇති කරනු ලබයි.
    “ඔබේ දෙවිදාණෝ වඩින සේකැයි උස්හඩින් ප්‍රකාශ කරන්න”
  • මේ දෙවිදාණෝ කෙබඳුද ?
    - එඬේරෙකු සේ එතුමාණෝ තම රැළ පාලනය කරන සේක.
    - දෑතින් බැටළු පැටවුන් වඩාගෙන ළයෙහි උන් හොවාගෙන යන සේක.
  • මේ දෙවිදාණන්ගේ පීතෘක මෙන්ම මතෘක ලක්ෂණ ද සංකලනය වුවකි. එය ඉතා වැදගත් කාරණයකි.
  •  මේ දෙවිදාණෝ ගැලවීම ගෙනෙන්නේ කාටද ?
    “සමිඳුන්ගේ තේජාලංකාරය එවිට එළිදරව් වන්නේය. සකල මිනිස් වර්ගයා එය දකින්නෝය”

කිසිවෙකු විනාශවීම දේව කැමැත්ත නොවේ.

  • පේදුරු තුමාගේ සංදේශය තුළින් අනාවරණය කරන්නේ දේව රාජයයේ උදාවයි.
    “ධර්මිෂ්ඨකම වාසභවනය වු නව අහසක්ද නව පොළවක් ද දෙවියන් වහන්සේ අපට පොරොන්දු වී ඇත”
  • ජනතාව ඒ නව උදාව ඉක්මන් කර ගැනීමට ක්‍රියා කළ යුතු බව පේදුරු තුමා පෙන්වා දෙයි. “දෙවියන් වහන්සෙගේ පැමිණීම බලාපොරොත්තුව සිටිමින් එය ඉක්මන් කිරීමට උත්සහ කරන්න”
  • දෙවියන් වහන්සෙගේ අරමුන වන්නේ සියල්ලන් ගැලවීම ලැබීමයි. තෝරාගත් පිරිසක් ගැලවීම ලැබීම නොවේ.
    “කිසිවෙකු විනාශවීම ඔවුන් වහන්සෙගේ කැමැත්ත නොවන බැවින් සියල්ලන්ට මනස්තාපනයට අවස්ථාවක් ලැබෙනු පිණිස”

දේව රාජ්‍යයට මඟ පිළියෙල කරන්න.

  • ශුද්ධ වු සුවිශේෂය ස්නාවක ජුවාමි තුමාගේ භූමිකාව අවධාරණය කරයි.
  • සියල්ලන්ට ගැලවීමට මාවතක් ඇත. ඒ මනස්තාපනයේ මාවතයි. “පව් සමාව පිණිස මනස්තාපනය වන්න”
  • මනස්තාපනය සඳහා අත්‍යවශ්‍ය වන්නේ මේ ලෝකයේ ප්‍රඥාව නොව ශුද්ධාත්ම ආලේපයයි.
  • මනස්තාපනය ප්‍රකාශ වන්නේ ඔහු / ඇය දේව රාජ්‍ය උදෙසා කැපවී වැඩ කිරීම මගිනි. දේව රාජ්‍ය සඳහා කැපවී නැති සියල්ලෝ සැබෑ මනස්තාපනයකට ඇතුළු වී නැත.

 

  • jesustoday 41 සතිය 2017 දෙසැම්බර් 10

Comments powered by CComment