පාවුළු තුමාද පවසන්නේ "සාමය" උදෙසා සියළු ජාතින්ගේ එකමුතුවට ක්‍රියා කළ යුතු බවයි. එදා තද බල ලෙස එකිනෙකා නොරිස්සු ජාතින් අතර එකමුතුභාවයට ක්‍රියා කිරීම ධර්මදූත කාර්යය බවයි එතුමා පෙන්වා දෙන්නේ.

හම්බ කරන දෙය තමා සඳහා භාවිතා කරනවා කියලා දෙයක් නෑ. ඔහු / ඇය කන්නේ බොන්නේ අදින්නේ, යන්නේ, හිතන්නේ, සියල්ල කරන්නේ දෙවිදුන් දුන් දූත කාර්ය උදෙසා නම් එතැන තියෙන්නේ 10 % ක් දීමේ ක්‍රිස්තියානිය නොවෙයි.

ධනවාදය, වන බල තන්හාව සාධාරණිකරණය කිරීමට දේව වචනය යොදා ගැනීම ප්‍රඥාවට පිටු පෑමකි. දේව වචනය නිගරු කිරීමකි. අද බොහෝ කිතුනුවන් එසේ කරති. එසේ කිරීමෙන් වළකින්න තීරණය කරමු.

සැබැ ලෙස විවාහය ද පැවැතිය හැක්කේ දේව රාජ්‍ය තුළය. දික්කසාදයට බැන වැදීමෙන් හෝ එ් ගැන නීති ගෙන එ්මෙන් මේ තත්වය වෙනස් කල නොහැකිය. "විවාහය" පැවැතිය හැකි දේව රාජ්‍යයේ ලක්ෂණ පිරි සමාජයක් සඳහා කැපවිය යුතුය.

අදට නියමිත දෙවන ප්‍රකාශය පටු සිතීමේ ප්‍රායෝගික හා අාර්ථීක මානයක් අපට පෙන්වා දෙයි. එනම් ලෝකයේ අැති පටුම මතවාදය, දැක්ම ධනවාදය බවයි. ධනය ගොඩගැසීම මිනි මැරීමක් බව පෙන්වා දෙයි.