යුද්ධය නිමා වු පසු ‘උතුරු වසන්තය’ හා ‘නැගෙනහිර නවෝදය’ ලෙස වැඩසටහන් දෙකක් ප්‍රචාරය විය. ඒවාට ණය ආධාර විදේශ වලින් ලැබුනි. එහෙත් සිදුවූයේ යුද්ධයෙන් බැට කෑ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට වඩා ව්‍යාපාර වලට අවශ්‍ය යටිතල පහසුකම් ඒ මුදලින්

ගොඩනැගීමය.

රාජ පක්ෂ රෙජිමයේ හිතවතෙක් උතුරු නැගෙනහිර නිවාස ඉදිකිරීමට දුන් මිලියන 6000ක් එකදු නිවසක් හෝ ඉදිනොකර ගසා කෑම උතුරු නැගෙනහිර සංවර්ධනයෙන් කළ ගසා කෑම්වල තරම පෙන්වන එක් නිදසුකනකි.

අපගේ මේ සටහන ඒ ගැන නොවේ. පසුගිය නොවැම්බර් 20 වනදා නාගරික සංවර්ධනය අධිකාරිය තම ආයතනයේ දෙවසරක ප්‍රගතිය ගැන ඵලකල පුවත්පත් දැන්වීමක් ඇසුරින් උතුරු නැගෙනහිර හා රටේ සෙසු පළාත් අතර විෂමතාවය හඳුනාගැනීටය.

නාගරික සංවර්ධනය අධිකාරිය එම දෙවසර තුළ ලාභ ලබන ආයතනයක් වීම ගැන ජනතාව සතුටු වනු ඇත. ජනතාවට බරක් නොවන ආයතන ඇති වීම ඇත්තටම සතුටකි.

අපගේ අවධානය යොමුවන්නේ එම දැන්වීම තුළ පැහැදිලිව පෙනෙන යථාර්ථයක් ගැනයි. මේ බලන්න වසර දෙක තුල ව්‍යාපෘති 263 බෙදී ඇති සැටි.

5

1. බස්නාහිර
2. දකුණ
3. මධ්‍යම
4. උතුරු මැද
5. සබරගමුව
6. ඌව
7. වයඹ
8. උතුර
9. නැගෙනහිර 
 147
27
26
21
12
12
08
08
02
12593.42
1132.82
1083.91
951.81
670.45
519.41
323.73
241.93
38 

නැගෙනහිර පළාතට වෙන් කල ව්‍යාපෘති ගණන මුළු ව්‍යාපෘතිවල ප්‍රතිශතයක් ලෙස 0.76% කි. වැය කළ මුළු මුදල ප්‍රතිශතයක් ලෙස 0.21 %කි. උතුරු පළාතට වෙන් කල ව්‍යාපෘති ගණන ප්‍රතිශතයක් ලෙස 3.04% කි. වැය කළ මුදල ප්‍රතිශතයක් ලෙස 1.37% කි.

අමාත්‍යාංශය මහ නගර හා බස්නාහිර සංවර්ධනය අමතා්‍යාංශය නිසා බස්නාහිරට විශාල වැය කිරීමක් වීම තේරුම් ගත්තද, අතිනත් පළාත් සමඟ සසදද්දී උතුර හා නැගෙනහිර වෙත නාගරික සංවර්ධනයේදි ලැබී ඇති අවධානය පෙන්වා දෙන්නේ යුද්ධයෙන් බිඳ වැටුනු මේ ප්‍රදේශ වෙත තවමත් රට දක්වන්නේ අඩු සැලකිල්ලක් බව නොවේ.


jesustoday 39 සතිය 2017 නොවැම්බර් 26

 

Comments powered by CComment