16

ආසියාවේ වැදගත් තෙත් බිමක් ලෙස රැම්සා සම්මුතිය 1989 දී පිළිගත් මුතුරාජවල 1996 ඔක්තෝම්බර් 31 අභ්‍ය භූමියක් ලෙස ගැසට් කර ඇත. හෙක්ටයාර් 1285 මුළු භූමි ප්‍රමාණයකින් යුක්ත යැයි කියැවෙන නමුත් ඉන් සෑහෙන ප්‍රමාණයක් විවිධ අය විසින් අල්ලාගෙන සිටින බවද පෙනේ.

 

මුතුරාජවල රැකගැනීමේ සටන දශන තුනකටත් අතීතයට දිව යන්නකි. ඒ සටන් නොවන්නට මුතුරාජවල මේ තරම්වත් සුරැකෙන්නේ නැත. ප්‍රධාන පක්ෂ දෙකේ ආන්ඩු මාරුවෙන් මාරුවට මුතුරාජවෙල විනාශ කරන්නේ තරඟයට වගේ.

ඉතා ඉහළ ජෛව විවිධත්වයක් ඇති මුතුරාජවෙල කාන්ඩ 6 කට අයත් වන ජීවි විශේෂ 449 ක් සිටින බව වාර්තා වී ඇත. සමනල විශේෂ පමණක් 48 හමු වී තිබෙන අතර ඉන් 26 ක් ශ්‍රී ලංකාවට ආවේනික සමනලුන් වේ.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් වල ගං වතුර, වැහි වතුර පාලනයේ ප්‍රධාන භූමියක් වන්නේ මේ මුතුරාජවෙලයි. එය හරහා රාජ පක්ෂවරු අධිවේගය ඉදිකළ අතර එතැන් සිට වෙනදා නොමැති ගංවතුර තර්ජනයකට ජනතාව මුහුණ දෙයි.

කොලොන්නාව කුණු කන්ද කඩා වැටුනාට පසු කොළඹ කුණු මුතුරාජ වලට බැහැර කිරීමට යාමක් සමඟ දැවැන්ත මහජන විරෝධතා ඇති විය. කිතුනු හා බොදුනු පූජක පූජ්‍ය පාර්ශ්වයන්ද ඊට එක්විය.

නොවැම්බර් 02 දක්වා අධිකරණ නියෝගය මත කුණු දැමීම නතර කර ඇතත් ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳී නෑ. මුතුරාජවෙල ප්‍රශ්නය වන්නේ කොළඹ කුණු ගෙනවිත් දැමීම පමණක් නොවෙයි. මේ පරිසර පද්ධතියේ විවිධ ආකාරයෙන් විනාශ කිරීමයි. ඒ විනාශයට ඉඩ දී වැඩිදෙනෙක් නිහඬව සිටීමයි.

මුතුරාජවෙල අවට ජීවත් වන්නන් බහුතරය කිතුනුවන්. ඔවුන් කුණු ප්‍රශ්නයෙන් ඔබ්බට යමින් මුතුරාජවෙල රැක ගැනීම සඳහා ක්‍රියා කිරීම යුගයේ කිතුනු දූත මෙහෙවරක්. එහිදි ප්‍රථමයෙන් තම තමන් විසින් මේ පරිසර පද්ධතියට කරන හානිය නතර කිරීමද අත්‍යාවශ්‍ය වෙනවා.

නොවැම්බර් 02 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය මුතුරාජවෙල පිළිබඳ ඉතා වැදගත් තීරණයක් ලබාදීම අප සැමගේ අවධානයට ලක් විය යුතුය. පැසසුමට ලක් විය යුතුය. තීන්දුව වූයේ, මුතුරාවලට කුණු දැමීම, එහි වැලි හෑරීම, පස් පිරවීම වළකා ලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමයි.

මෙම තීන්දුව විසින් මුතුරාජවෙල අභය භූමිය ආරක්ෂා කිරීම තහවුරු කරයි. එය විනාශ කිරීම වැරදි බව පෙන්වා දෙයි. එය විනාශ කිරීමට ගියේ කව්ද? මුතුරාජවෙල අභය භූමියක් බව හොඳින් දන්නා කොළඹ නගර සභාවයි. පාලකයින් හා නිලධාරිනුයි. මීතොටමුල්ලේ කුණු මේ අභය භූමියට දැමීමට තීරණය කළේ ඔවුන්ය. පරිසර ඇමති ජනපති වු ආණ්ඩුවක් යටතේ ඇති ආයතනයකි. ජනතාව අධිකරණයට ගියේ ඔවුන්ට විරුද්ධවය.

අධිකරණ තීරණයෙන් ජනතාවට සැනසිය නොහැකිය. මන්ද මීතොටමුල්ලේ කුණු මුතුරාජවෙලට දැමීම නතර වූවද මුතුරාජවෙල විනාශ කරන තවත් බොහෝ ක්‍රිියාමාර්ග ජනතාව අතිනුත් තවත් අය අතිනුත් සිදුවන නිසාය.


jesustoday 37 සතිය 2017 නොවැම්බර් 12

 

Comments powered by CComment