අපේ ටීන් සෙට් එකේ කීප දෙනෙක්ම ශුද්ධාත්මාලේපනය ලැබීමට confirmation සූදානම් වෙනවා.
ඉතිං ඒ සඳහා පංති පැවැත්වෙනවා. ඉරිදා හවසට උන් කීප දෙනා පංති නිසා වෙනදාට හවස 4. ට විතර සෙට් වෙන අපි දැන් සෙට් වෙන්නේ 5.30 ට.
‘මල ඇනයක් මචං’ සමහරු ඒ පංතිය හැඳින්වූවේ ඒ විදිහට.
ඒත් මේ සතියේ පංතිය ඉවර වෙලා නම් අපේ උන් කිව්වේ ‘අද නම් පට්ට’ කියලයි.
“බොරු බයිල නෑ මචං බොක්කටම වැදුනා”
“නව යව්වනය හා ශුද්ධාත්මඅලේපනය ” ඒ තමයි මාතෘකාව


පංතියට ඉස්සෙල්ලා අපේ සෙට් එකේ නොවන එකෙක් දෙන්නෙක් පංතියට ආව කෙල්ලෙක්ව බයට් කරලා හුඟ දෙනෙක් දන්නේ නෑලු ඒ කෙල්ලව. නමුත් අර බයිට් කරපු උන් දෙන්න දන්නවලු. ඒ කෙල්ලට බබෙක් ඉන්නවලු දැන්. ඉන්න ඕනා 11 වසරේලු හැබැයි ඉස්කෝලේ යන්නෑලු.
පංතිය කරන්න ඇවිල්ල ඉන්න සර්ව අපේ උන් හඳුනාගෙන නෑ. කොහොම හරි මේ බයිට් කිරිල්ල ඒ සර් අහගෙන ඉඳලා ඒ කෙල්ල පංතියට ඉන්නැතිව යන්න යද්දි සර් කොහොම හරි නතර කරගෙන කතා කරලා.
සර්ගේ කතාවේදි නව යොවුන් විය කියන්නේ මොකක්ද කියලා විතරක් නෙවෙයි ලොකු ළමයෙක් වෙන එක අර්ථය ීැං ගැනත් කියලා.
ශුද්ධාත්මලෝකය තුළ අපි අපේ හැඟීම්, ශාරීරික වෙනස්වීම්, ලිංගිකත්වය හඳුනා ගන්නවා නම් ළමා මව්වරු බිහිවෙන්නේ නෑ කියන දේ කථා කරන කොට අර ළමයත් ඉඳලා තියෙනවා.
කොහොම හරි අන්තිමට අර ගෑනු ළමයා තමයි සර්ට ස්තූති කරන්න ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. එ ළමයා ප්‍රසිද්ධියේ කිව්වලු සමහරු මට එක එක ඒවා කිව්වා. මම ඒකට තරහා නෑ. ඕගොල්ලන්ට අද ලැබුනු මඟ පෙන්වීම මට මීට කලින් ලැබුනා නම්
මට මෙහෙම වෙන්නේ නෑ. දෙවියන් පව්කාරයින්ට සමාන දෙන බව. මම දැන් දන්නවා. මම මෙතනට ආවේ පියතුමා මගේ කථාව අහලා අද මේ පංතියට එන්න කිව්ව නිසා. ඒත් මම අද ඉඳලා දිගටම එනවා. මට ශුද්ධාත්මයාණන්ව අවශ්‍යයි. ඒ ආලෝකය ඕනැ.
“ඇත්තටම මචං අපි පිස්සු කෙලිනවා. ඒ වල ප්‍රතිඵල තමයි ඒ කෙල්ලත්”
“මට බොක්කටම වැදුනා. අපි වල්පල් කතා කරනවා මිසක් අපේ ජීවිතයේ වෙනස් කම් වල හරි තේරුම සොයන්නේ නෑ”
අද හුඟාක් වෙලාවට මේ වගේ කෙල්ලෝ කොල්ලෝ පල්ලියෙන් ඈතට විසි වෙනවා. පව්කාරයේ හැටියට ඒ
අතින් අපේ ඒ ස්වාමි මාරයි ඒ වගේ කෙල්ලෝ කොල්ලෝ හොයාගෙන පල්ලියට කිට්ටු කරගන්නවා.
“අරුන් දෙන්නට බඩ කපාගන්න හිතෙන්න ඇති”
“නෑ මචං උන් දෙන්නත් පුල් සැරන්ඩර්. අන්තිමට ඉස්සරහට ඇවිල්ල ප්‍රසිද්ධියේ සමාව ගත්තා”
“මගේ ජීවිතේට අද තමයි මචං ආගම ඇඟට දැනුනේ”
“දේව තාත්තා අපේ අතීතය අනුව අපිට ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මනස්ථාපනය වන පව් කාරයෙක් ගැන ස්වර්ගයේ මහත් ප්‍රීතියක් ඇති වෙනවා. ඔබට වෙනස් වෙන්න අයිතිය තියෙනවා”
“ඒ වචන තාම දෝංකාර දෙනවා. ඇත්තටම ඒක ආයේ ඇයේ අහන්න ඕනි”
“අහලා වැඩක් නෑ මචං කියපුවා ක්‍රියාත්මක කරන්න ඕනි”
අපේ යාළුවෝ ටිකට ඩොෆ් වගේ උන් කියවනවා. හැබැයි සතුටුයි. ජීවිතය වෙනස් කරගන්න අවස්ථාවක් අපි හැමෝටම ලැබෙන්න ඕනි.
“මම හිතන් හිටියේ 18 පිරුනම පිට රට යන්න. දැන් මගේ මහත්තයා මාව දාලා ගිහින්. ඒත් අද අහපු කථා එක්ක මම හිතුවා ඉගෙන ගන්න සාමාන්‍ය පෙළ කරන්න” ඒ කෙල්ල අන්තිමට එහෙමත් කිව්වලු.
“ඇත්තටම ඒ ළමාය ශූද්ධාත්ම ආලේපය ලැබුවා කියලයි මට හිතුනේ” අපේ එකෙක් එහෙම කිව්වා.
න්‍ැිමිඑදා්හික 35 සතිය 2017 ඔක්තෝම්බර් 29

 

Comments powered by CComment