පසුගිය මාස කීපය තුළ දිගින් දිගටම නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය අවට ජනයා බලාගාරයෙන් තමන්ටත් පරිසරයටත් සිදුවන හානිය ප්‍රදේශීය සභාවෙන් පටන්ගෙන ජනපතිවරයා දක්වා දැනුම් දුන්නෝය. අවසානයේදි පසුගියදා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා බලාගාරයේ නිරීක්ෂණ චාරිකාව යෙදුනේය.

ඒ සඳහා රාජ්‍ය නිලධාරින් මෙන්ම බලාගාරයේ නිලධාරින්ද එක් විය. එසේම ජනතාවගේ පීඩාව ගැන දිගින් දිගටම බලධාරින් දැනුවත් කිරීමට ක්‍රියාකළ ඉලංතඩිය අරෝග්‍ය මාතා දේවස්ථානයේ මීසම් සේවක පියතුමාද එම නිරීක්ෂණ කණ්ඩායමට එකතු කර තිබුනි. මේ මැදිහත්වීම ගැන පියතුමාට අපගේ ප්‍රසාය හිමි වේ.

න්‍ැිමිඑදා්හික වෙබ් අඩවියද සභාව මේ ප්‍රශ්නයට බරපතළව මැදිහත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදී.

වර්ථමාන තත්වය

වර්ථමාන තත්වය වන්නේ ගල් අඟුරු කුඩු වලින් පරිසරය සේම අවට ගම්මාන වල මිනිස් ජීවිතද විනාශ වෙමින් පැවතීමයි. ගියවර අප වෙබ් අඩවියේ ලිපිය මෙන්ම සත්හඬ පුවත්පතේ ඉහත දැක්වෙන ලිපියද ඒ පිළිබඳ වැඩ දුර තොරතුරු ඔබට සපයනු ඇත.

අතීතය

හරියට මීට වසර 20 කට පෙර 1997 මැයි මාසයේ කිතුසර පුවත්පත් මැද පිටුවේ වෙන් වී තිබුනේ තාප බලාගාරය ගැන සාකච්ඡා කිරිමටය. එහි ශීර්ෂ පහත පරිදියි.

“ජීවිතය මිරිකා හපකර නිපදවන්න හදන තාප විදුලිය”

ඒ සටහන තබන විටත් තාප බලාගාරයට විරුද්ධව උද්ඝෝෂණය කළ ජනතාව අතරින් එක් අයෙකුට පොලිසිය විසින් වෙඩි තබා මරා දමා තිබුණි. ඔහු සෝමසිරිය. සෝමසිරි යනු ගමේ සමිති සමාගම් වල නායකත්වය දැරු ගමේ පොදු කටයුතු වල බරට කරට ගැසු සය දරු පියෙකි.

සෝමසිරි මරා දැමෙන විට ලොකු පුතාට වයස 14 ක් විය. ඔහු කවදාවත් පාසල් නොගිය දරුවෙක් විය. ඔහුගේ ලොකු දියණිය 3 වසරින් පාසලට සමු දී නංගිලා මල්ලිලා හදාවඩා ගැනීමට ගෙදර නැවතී සිටියේය.

මේ එදා ඒ තාත්තා මරා දැමු පවුල, තාත්තාගේ සොහොන අභියස අසරණව සිටි අයුරුයි.

එදා සෝමසිරිගේ මළගමට යාමට ජනතාවට රජය ඉඩ නුදුන්නේ නොරොච්චෝලේට ඇදිරි නීතිය දැමීම මගිනි. ඔහුගේ මිනිය වැළලුවේ ඔහු මරා දැමු නොරොච්චෝලේ හන්දියෙන් සැතපුම් 20 ක් පමණ දුරින් වු බුන්දලම කලපුව අයිනේ පාළු සොහොන් පිටියකදීය.

අද සෝමසිරි සිටියා නම් සීයා කෙනෙකු වනු ඇත. අද සෝමසිරිගේ බිරිඳ දරුවන් කෙබඳු ජීවිත ගත කරනු ඇත්දැයි අපි නොදනිමු. නොරොච්චෝලේ හන්දියේ සෝමසිරි ගැන මතකයක් දැකිය නොහැකිය.

එදා තාවකාලිකව නවතා දැමු නොරොච්චොලේ රාජපක්ෂ යුගයේදි නැවත ඉදිවුනේ පුත්තලම් දිස්ත්‍රික්කයේ කිතුනු යැයි කියාගන්නා දේශපාලකයින්ගේ මැදිහත්වීම් මත කතෝලික සභාවේ දැඩි විරෝධයද තුනි කරමිනි.

හිටපු ක්‍රිස්තියානි කටයුතු ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ දේශපාලන දිවියේ සැමරුමකදි රාජපක්ෂ හිටපු ජනපති ඒ මැදිහත්වීම ගැන ප්‍රසිද්ධියේ ඔහුට ස්තූති කරනු ලැබුවේය. තාප බලාගාරයට විරුද්ධ වු කිතුනු පැවිදි පූජකවරු පිරිසක් එදා ඒ කතාව අසමින් හිටපු කිතුනු ඇමතිට සුබ පතන්න ඒ උත්සවයට එක් වී සිටිනු දැකිය හැකි විය. හිටපු රදගුරු ප්‍රෑන්ක් මාකස් හිමි ඔවුන් දෙස බලා කුමක් සිතන්නට ඇද්දැයි අපි මෙහි නොලියමු.

නමුත් ක්‍රිස්තියානි කටයුතු ඇමතිගේ නෙරුවාව සෝමසිරිගේ ඝාතනයට හේතු වු බවට එදා ජනතාව දුන් සාක්ෂිය මෙකි සටහන් කරන්නේ අතීතය අමතක කොට වර්ථමානය දෙසත් අනාගතය දෙසත් බැලීය නොහැකි නිසාය.

මිල්රෝයි මහත්තයා හමුවෙන්න යමුයි කියලා පිරිස යෝජනා කළාම මිනිස්සු වෙරළේ ඉඳලා පාරට එන්න පටන් ගත්තා. නොරොච්චෝලේ හන්දියේ එකම හිස් ගොඩයි. දහස් ගණනක් මිනිස්සු ගැහැණු.. එච්චර පිරිසක් කොහොමද නියෝජ්‍ය ඇමතිව හොයාගෙන යන්නේ ? අපි පොලිසියට කිව්වා අපි කිසිම කලබලයක් කරන්නේ නැහැ. අපිට වගකිව යුත්තෙක්ව මෙතැනට ගෙනත් දෙන්න කියලා. එතකන් අපි පාරේ වාඩිවෙලා ඉන්නවයි කියලා. ඒ. එස්. පී. මහත්තයා කිව්වා ඔහොම හිටියම තමයි ඉහළතැන්වලට දැනෙන්නේ කියලා. ඒ වෙලාවේ පොලිසියේ සමහර මහත්තුරු අපිටත් ඔතැනින් ඉඩ ටිකක් දෙනවාද මල්ලිලා කියලා අහලා පාර හරහට දාලා තිබුණ පොල් කොට උඩ වාඩි වුණා. අපි කෑගැහුවා පොලිසියට ජය වේවා කියලා. පැය කීපයක් අපි බලන් හිටියා. කවුරුහරි වගකිව යුත්තෙක් එනකන්. කවුරුත් ආවේ නැහැ.

අපේ හාමුදුරුවන්ට ඕනවුණා මේක සාමාකාමිව විසඳන්න. උන්නාන්සේ කිසිම කෙනෙකුව ඇවිස්සුවේ නැහැ. මේ වෙලාවේ උන්නාන්සේ මැදිහත් වෙලා මිල්රෝයි මහත්තයා දුරකථන ඇමතුමක් ගත්තා. දහස් ගණනක් සෙනඟ පාරේ. පන්දාහක් විතර මේ ප්‍රශ්නේ විසඳන්නf් නැද්ද කියලා ඇහැව්වම ඇමතිවරයා කියලා තියෙන්නේ ගෙවල් එකසිය ගණනයි කැඩෙන්නේ ? දහස් ගණනක් ආවේ මොකද ? ගොඩබිමෙන් ඇවිත් හදන්න බැරිනම් උඩින් හරි ඇවිල්ල අපි ඕක හදනවා. හාමුදුරුවෝ පන්සලට වෙලා ඉන්න. බොහොම සුහදවෙලා හිටපු පොලිසියේ ස්වරූපේ වෙනස්වෙන්න පටන් ගත්තා. ඒ. එස්. පී. මහත්තයා එයා ළඟ හිටපු කීප දෙනාට කියනවා අපිට ඇහුණා. ටික වෙලාවක් දෙනවා කැමති අයට ගෙවල්වලට යන්න පුළුවන් කියලා. ඒත් එක්කම එයා පොලිස් භටයන්ට අණ දුන්නා. සෙනඟ වැඩි පිරිසක් දැනගෙන හිටියේ නෑ මොකද වුනේ කියලා. කඳුළු ගෑස්, රබර් උණ්ඩ වරුසාව ආවා. කරගන්න දෙයක් නැති තැන සමහරු අතට අසුවුණු ගල්වලින් ඒ දෙසට ගැහැව්වා. ඒත් එක්කම වෙඩි වරුසාවක් අවා. මරළතෝනි  හඬ. කල්පිටිය පැත්තෙන් හමුදාවත් එයි කියලා හිතිලා මිනිස්සු පාර මැද ටයර් දාලා පිච්චුවා. කීප දෙනෙක් බිම වැටිලා හිටියා. වෙඩි වැදිලා සෝමසිරි මැරුණ බව ආරංචි වුණා.  පස්සේ සෝමසිරිගේ මිනිය බලන්න ආපු අයවත් පොලිසිය අත්අඩංගුවට අරගෙන පහර දීල තිබුණා.

මෙතැනට පොලිසිය නෑවිදින් හිටිය නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආවත් කිසිත් නොකර හිටිය නම්, මේ දේ සිදුවෙන්නේ නෑ. පොලිසියට මිනිසුන්ව විසුරුවා හරින්න ඕනෙ නම් නිසි විදිහක් තිබුණා. මේ කිසිවක් සිදුවුනේ නැහැ. බලයම පාවිච්චා කළා මිසක.

අනාගතය

අනාගතය වර්ථමානයේම දිගුවකි. දැනටමත් ජනතාවත් පරිසයත් එදා මිනිසුන් අනතුරු හැඟ වු තත්වයෙන්ගෙන් පීඩා විඳිති.

මධ්‍යම පරසර අධිකාරියේ සභාපති තුමාගේ මැදිහත්වීමෙන් යෝජිත විසඳුම් නිසි පරිදි ක්‍රියාත්මක වේ යැයි විශ්නාස කිරිමට ඇත්තේ ඉතා කුඩා ඉඩකි.

දහස් ගණන් දිවි ගෙවන. සරුසාර වගා බිමක් වු ප්‍රදේශයක මේ බලාගාරය ඉඳි කිරිම වලකාලිය නොහැකි හානි රැසක් උදා කරනවා යන්න ඔප්පු වී හමාරය.

 

jesustoday 35 සතිය 2017 ඔක්තෝම්බර් 29

Comments powered by CComment