යහපත පැතිරයාමේ ප්‍රවනතාවයක් අැත්තා සේම, අසාධාරණය සහ නපුර ඉවසා සිටිමෙන් සිදුවන්නේ, කෙතරම් ශක්තිමත් සමාජ දේශපාලන පද්ධතියක් වූවද ක්‍රම ක්‍රමයෙන් අනර්ථකාරි තත්වයට පත්වීමයි. හැම ක්‍රියාවකටම එ් හා බැඳුණු විපාකයක් අැති නම් සමාජ ව්‍යුහයකට කාවැදි අැති අයහපත විසින්ද මතු දවසක එ් සමාජය කඩා බිඳ මරණයට පත් කරනු අැත.

සුතුම් පියාණන් ඉහත මැය යටෙත් කරන සාකච්ඡාව සෑම කිතුනුවෙකුටම සෑම මිනසෙකුටම ඉතාම අවශ්‍ය සිතා බැලීමක මඟ විවර කරයි. ලොව පුරා සෑම රාජ්‍යයක්ම පාහේ ජාතික අාරක්ෂාව ගැන බරපතලව සිතා බලයි. අාරක්ෂක වියදම් බොහෝ රටවල ප්‍රධාන වැය බරක් බවට පත් වේ. තිස්වසරක යුද්ධයේ ඊනියා අවසානයෙන් පසුත් අප රටේත් අාරක්ෂක වියදම් වසරින් වසර ඉහළ යයි.

"ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීම" අාරක්ෂක වියදම සුජාත කිරීමට පෙරට දමන ප්‍රධාන තර්කයයි. ත්‍රස්තවාදය, ප්‍රචණ්ඩත්වය උපදින්නේ කොතනින්ද ? හේතුව සෙවිය යුතුය. ත්‍රස්තවාදය පරාජය කළ පසුත් ජාතික අාරක්ෂාව තහවුරු නොවන්නේ අැයි ?

සුදතුම් පියතුමෝ මෙසේ  පවසති.

"අද බොහෝ ස්ථානයන්හී අාරක්ෂාව සඳහා විශාල අවශ්‍යතාවයක් අැති බව අපට අසන්නට ලැබේ. එහෙත් සමාජයේ හා ජනතාව අතර කොන් කිරිම හා අසමානතාවය තිබෙන තුරු අපරාධ මුලිනුපුටා දැමීමට නොහැකිය. දිළින්දන් හා අන්ත දිළිඳු ජනතාව අපරාධ චෝදනා ලැබ සිටිති. එහෙත් සමානාත්මක අවස්තාවන්ගෙන් තොර බව විවිදාකාර ප්‍රචණ්ඩත්වයන් සහ ගැටුම්වල ක්‍රමික ව සිදුවන ශීඝ්‍ර වර්ධනයක් ද, එ් තුළ අවසානයේ විශාල විනාශයන් සඳහා ද සාරබිමක් සොයාගනී. දේශීය වශයෙන්, ජාතිව වශයෙන් හෝ ගෝලීය වශයෙන් යම් සමාජයක් එහි කෙලවරක වෙසෙන කොටසක් අතහැරීමට අහිමත කරන විට, දේශපාලන වැඩසටහන් හෝ සම්පත් නීතියේ අාධිපත්‍ය, හෝ සමාජ පද්ධතින් අාවේක්ෂණ විසින් තහවුරු කරන්නේය. මෙය හුදෙක් අස්ථීර සාමයකි. ශාන්ත බවකි. අසාමානතාව හේතුවෙන් සමාජ පද්ධතියෙන් ඉවත් කරන ලද්ද වුන් ප්‍රකෝපකරන්නා වු ප්‍රචණ්ඩ ප්‍රතික්‍රියාවක් නිසා හටගන්නවා නාෙවේ. සමාජ අාර්ථික පද්ධතියේ මූල්‍යයන්ගේ පවතින අසාධාරණත්වය නිසා හටගන්නකි."

සමාජයක් තුළ පැන නගින විශේෂයෙන් පීඩිත ජනතාව අතරින් පැන නගින ප්‍රචණ්ඩත්වය යනු හේතුව නොව ඵලයකි. අසාධාරණ සමාජ ක්‍රමයක් තුළම ප්‍රචණඩත්වයේ බීජ සැඟවී තිබේ. තිරසර සංවර්ධනයක් නැති තැන ප්‍රචණ්ඩත්වය ජනිත වේ.

"යහපත පැතිරයාමේ ප්‍රවනතාවයක් අැත්තා සේම, අසාධාරණය සහ නපුර ඉවසා සිටිමෙන් සිදුවන්නේ, කෙතරම් ශක්තිමත් සමාජ දේශපාලන පද්ධතියක් වූවද ක්‍රම ක්‍රමයෙන් අනර්ථකාරි තත්වයට පත්වීමයි. හැම ක්‍රියාවකටම එ් හා බැඳුණු විපාකයක් අැති නම් සමාජ ව්‍යුහයකට කාවැදි අැති අයහපත විසින්ද මතු දවසක එ් සමාජය කඩා බිඳ මරණයට පත් කරනු අැත. යහපත් අනාගතය බලාපොරොත්තව සඳහා පදනම නොවන අයහපත අසාධාරණ සමාජ ව්‍යුහයන්හි විනිවිද දැකිය හැක. "ඉතිහාසය අවසානය" යන යථාර්ථයෙන් අපි බොහාේ සේ දුරස් වී සිටිමු. මන්දයත්, තිරසාර සහ සාමකාමි සංවර්ධනයකට අදාළ කොන්දේසි ප්‍රමාණවත් ලෙස විග්‍රහ කරන්නට සහ යථාර්ථ ගැන්වීමට අපි අපොහොසත්වී සිටිමු."

ජාතික අාරක්ෂාවට බිලියන ගණන් වැය කළත් අසමානතාවය තිබෙන තාක්කල් අපරාධ උත්පාදනය වැළැක්විය නොහැකි.

"අද අාර්ථික යාන්ත්‍රණය උනන්දු කරන්නේ අධිකතර පරිභෝජනයයි. එහෙත් පාලනය කළ නොහැකි තරමේ පරිභෝජනවාදය අසමානාත්මතාවය සහ සම්බන්ධ වන විට සමාජ රාමුව ම දෙගුණයික් පරිහානියට පත් වේ. අසමානාත්මතාවය ක්‍රමයෙන් අපරාධ උත්පාදනය කරන අතර එ්වා අායුධ මඟින් කිසිදා විසඳිය නොහැකිය. එ්වා මඟින් සිදුවන්නේ අාරක්ෂාව පතා මොරගසන වුන් සඳහා බොරු බලාපොරොත්තු අැති කිරීමයි. ප්‍රශ්නවලට පිළිතුරු සපයනවා වෙනුවට අායුධ හා ප්‍රචණ්ඩත්වය අලුත් බරපතල ගැටුම් නිර්මාණය කරයි."

ලෝක පරිමානව පවතින පරිභෝජනවාදි අාර්ථික ක්‍රමය අසමානාතාවයේ ප්‍රධාන මූලාශ්‍රය වේ. දිළිඳුකම නූගත්කමේ ප්‍රතිඵලයක් යැයි කියමින් අධ්‍යාපනය එකම විසඳුම ලෙස ඉදිරිපත් කිරිම වැරදි අර්ථ කථනයක් බව සුදතුම් පියතුමා පැහැදිලිව පෙන්වා දෙයි.

"සමහරු දිළින්දන්ට සහ දිළිඳු රටවලට ඔවුන්ගේ ප්‍රශ්න මුල් කරගෙන දෝශාරෝපණය කිරීමෙන් සෑහීමට පත්වෙති. අසාධාරණ සහිත කාරණා මත තෘප්තිමත් වෙමින් ඔවුන් පවසන්නේ දිළින්දන්ව හීලෑ කොට උපද්‍රව රහිත කරන එකම විසඳුම "අධ්‍යාපනය" පමණක් බවයි"

පීඩිත වූවන් වඩ වඩා කුපිත කිරීමට පවතින අසාධාරණ අාර්ථීක ක්‍රමයට අමතරව රටවල් වල ක්‍රියාත්මක දූෂිත දේශපාලන තන්ත්‍රයද හේතු වේ.

"ඉහත කී හැම දෙයම තව තවත් කොන්වූවන්ව කුපිත කරනුයේ බොහෝ රටවල මුල්බැස ගෙන අැති දූෂණය, ඔවුන්ගේ රජයන්, ව්‍යාපාර, අායතන සහ දේශපාලකයන්ගේ දේශපාලන සංකල්ප නිසාවෙනි."

Jesustodaysl 2 වන වසර 35 වන සතිය 2018 නොවැම්බර් 11  

Comments powered by CComment