"මෙවන් වූ දේ ගැන අවබෝධයකින් තොරව අප දැන් ළඟා වී සිටින්නේ, අසරණ මිනිසුන්ගේ විලාප හඬට  සංවේදි නොවන අන් අය වෙනුවෙන් හඬා නොවැටෙන  උදව් කිරීම් අවශ්‍යතාවයක් නොදැනෙන තත්වයටය. එ් සමඟම අප හැසිරෙන්නේ එ්වා අපගේ යුතුකම් ලෙස සලකා නොව අන් අයගේ වගකිම් ලෙස සලකාය. මෙම ඊනියා සෞභාගවත් සංස්කෘතිය තුළ අපව මළකඳක් කර අැත."

සුදතුම් පිය දැක්ම

වර්ථමාන යුගයේ ලෝකය මුහුණ පාන අභියෝග මොනවා ද යන්න ගැන ප්‍රැන්සිස් සුදතුම් පියාණන් තම සුපුවතේ අානන්දය කෘතියේ දෙවන පරිච්ඡේදයේ කරන විවරණය තුළ එතුමා දෙවනුවට කතා කරන්නේ මුදල දේවත්වයෙන් පිදීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවයි.

එ් පිළිබඳ අදහස් දැක්වීමට එතුමා ළඟා වන්නේ පළමු අභියෝගය ලෙස එතුමා හඳුන්වන "බැහැර කිරීමේ අාර්ථීකය ප්‍රතික්ෂේප කිරීම" යන පරිච්ඡේදය සමඟ සම්බන්ධ වෙමිනි.

එතුමා පවතින අාර්ථික ක්‍රමය පිළිබඳ අැති කරන විශ්වාසය එනම් මේ ක්‍රමය තමයි පිළිතුර යන අදහස ඉතා පැහැදිලිව අභියෝගයට ලක් කරනවා.

සමහර මිනිසුන් බිදෙන් බිඳ පහළට කාන්දුවන අාර්ථික න්‍යායක් නොකඩවා රැකීමට තර්ක කරන බව පෙන්වා දෙන එතුමා, මෙසේ සඳහන් කරනවා.

"පැහැදිලි තතු මඟින් කවදාවත් ස්ථිර නොකරන ලද මෙම මතය, අාර්ථිකය බලය දරන අයගේ හා පවතින අාර්ථීක ක්‍රමයේ පූජනීය බව යහපත් බව පිළිබඳ අප තුළ බොළඳ විශ්වාසයක් අැති කරයි"

එතුමා ගෝලීයකරණය මෙසේ ප්‍රති අර්ථ කථනය කරනවා.

"අනෙකාගෙන් බැහැර වුණු ජීවිත පැවැත්මක් ගෙවීමට, අාත්මාර්ථකාමි අරමුණු වෙනුවෙන් උද්යෝගිමත් වීමෙන් අනුන් නොසලකා හැරීමනම් වූ ගෝලීයකරණයක් දියුණු වී අැත."

උන්වහන්සේ පවසන්නේ ගෝලියකරණය පිළිබඳ මේ අැත්ත ගැන අවබෝධයක් නැති ලෝකය මරණය කරා යන බවයි. 

"මෙවන් වූ දේ ගැන අවබෝධයකින් තොරව අප දැන් ළඟා වී සිටින්නේ,

අසරණ මිනිසුන්ගේ විලාප හඬට 

සංවේදි නොවන

අන් අය වෙනුවෙන් හඬා නොවැටෙන 

උදව් කිරීම් අවශ්‍යතාවයක් නොදැනෙන තත්වයටය.

එ් සමඟම අප හැසිරෙන්නේ එ්වා අපගේ යුතුකම් ලෙස සලකා නොව අන් අයගේ වගකිම් ලෙස සලකාය. මෙම ඊනියා සෞභාගවත් සංස්කෘතිය තුළ අපව මළකඳක් කර අැත."

මේ පදනම මතයි උන්වහන්සේ "මුදල පූජනීයත්වයෙන් පිදීම ප්‍රතික්ෂේප කිරිම" නම් පරිච්ඡේදයට පිවිසෙන්නේ. එ් මෙසේය.

"මෙම තත්වයට හේතුවක් වන්නේ මුදල් සමඟ අපගේ අැති සම්බන්ධතාවයයි. මන්දයත් මුදල අප හා සමාජය මත දරන්නාවු අාධිපත්‍ය සැකයකින් තොරව අප පිළිගන්නා නිසාවෙනි"

"වර්ථමාන මූල්‍ය අර්බුදය නොසලා හරින කරුණක් එය පැන නගින්නේ ගැඹුරු මානව අර්බුදයක් මත යන කාරණාවය. එනම් මානව පුද්ගල ප්‍රමුඛතාවය නොසලකා හැරීමය."

ක්‍රිස්තියානි විමුක්ති කතාවේ ඉතා වැදගත් සංඛේතයක් වන රන් වස්සා වන්දනාවේ වර්ථමාන ස්වරූපය "මුදල" දේවත්වයෙන් පිදීම බව එතුමා සෘජුව අවධාරණය කරයි.

"අප දේවත්වයෙන් සලකන නව රූප ගොඩනඟා අැත. මුදල් හා අාර්ථීක අාධිපත්‍ය සැබෑ මනුෂ්‍ය අරමුණු ගිල දමන අතර අතීතයේ පැවැති රන් වස්සා වන්දනාව (නික්මයාම 32/1-35) අද දවසේ මුදලට පමණක් වන්දනා කිරීම තුළින් දක්වයි."

මුදල් මුල්කරගත් ක්‍රමය තනි කරම පරිභෝජනය ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වේ.

"මූල්‍ය හා අාර්ථික ක්‍රමයේ ලෝක පරිහානිය පෙන්වන්නේ අසමතුලිතභාවයයි. ඊටත් වඩා මනුෂ්‍යා පිළිබඳ සැබෑ සැලකිල්ලේ මඳ බවයි. එක් දෙයකට සියල්ල උෟනනය කර අැත. එනම් පරිභෝජනයයි."

ලෝකය තුළ පවතින අසමානතාවය වෙළඳ පොළ ක්‍රමයේ ප්‍රතිඵලයක් බව පවසන සුදතුම් පියාණන් එය ලෝකයේ අති අලුත් කුරිරුකම බව ද පෙන්වා දෙයි. පීඩිතයා වඩ වඩා පීඩාවට පත් කරන රාජ්‍ය නීති නව කුරිරු බව විදහා දක්වයි.

"බලයට හා වස්තුවට අැති පිපාසාව සීමාව නොහදුනයි. වැඩි ලාභ ලබන මාර්ගයන් අවහිර කරන සියලු දේ ගිල දමනවා මෙන්ම පද්ධතියක් තුළ එක ලෙස පාලනය වන දේවත්වයට පත් කරන ලද වෙළඳ පොළ ඉදිරියේ දුර්වල වන කුමන දෙයක් වූවද අනාරක්ෂිත වේ"

Jesustodaysl 2 වන වසර 33 වන සතිය 2018 ඔක්තෝම්බර් 28

 

Comments powered by CComment