"පෘතුවි ගෝලය අයුතු ලෙස පරිහරණය කිරීම දැනටමත් පිළිගත් සීමාවන් ඉක්මවා ගොස් ඇති අතර අප තවමත් දුගීභාවයේ ගැටළුව විසදා නැත." දිළිඳුබවේ ගැටළුව විසදීම හා පාරිසර ප්‍රශ්න විසඳීම එක්ව ගමන් කළ යුතුය. එසේ නොවන තාක්කල් පරිසරය රැකගැනීමට අපට හැකි නොවේ. පරිසරය පිළිබඳ කාරණයේදි පෝසත් රටවල් දුප්පත් රට වලට ණය ගැති බව පාප්තුමන් පෙන්වාදෙයි.

 2018.09.14.05

පරිසර ප්‍රශ්න ලෙස අප බොහෝ විට හඳුනාගන්නේ මොනවාද? ගෝලීය උණුසුම, කාන්තාරකරණය. දේශගුනික විපර්යාස, පෘතුවි ජල මට්ටම, වර්ධනය, අම්ල වැසි, වන විනාශය. ජෛව විවිධත්වය අහිමි වීම ආදි ප්‍රශ්නයන්ය.

දුප්පත්කම ඉතා ගැඹුරු පරිසර ප්‍රශ්නයක් බව අපි හඳුනා නොගනී, එහෙත් පරිසරය ප්‍රශ්න නිසා දුප්පකමත්, දුප්පත්කම නිසා පරිසර ප්‍රශ්නත් වර්ධනය වන බව අප හඳුනා ගත යුතුය.

පරිසර ප්‍රශ්න නිසා පීඩා විඳින්නන්ගෙන් 95% කටත් වඩා දුප්පතුන් බව පෙනීයයි. පෝසතුන් පරිසරයේ අහිතකර බලපෑම්වලින් බේරි සිටීමට ඔවුන් සතු ධනය භාවිතා කරයි. අපිරිසිදු ජලය නිසා පෝසතුන් මියයන්නේ ඉතා කලාතුරකිනි. පෝසතුන් ඉතා නවීන ජල පවිත්‍රකාරක උපකරණ හෝ බෝතල් කල පානිය ජලය භාවිතා කිරිමෙන් ඒ මගින් වන මරණයෙන් බේරිමට කටයුතු කරයි. නමුත් දුප්පතුන්ට අපිරිසිදු ජලය පරිහරනය කිරීම හැර විකල්පයක් නැත. මෙය එක් නිදසුනක් පමණි. මේ පිළිබඳ වේ ප්‍රශංසා විශ්වලේඛනය මෙසේ සඳහන් කරයි.

දුගී ජනතාවට ලැබෙන ජලයේ ගුණාත්මක බව යම් ආකාරය වු බරපතළ ප්‍රශ්නයකි. ක්ෂුද්‍ර ජීවින් හා රසායනික ද්‍රව්‍ය ඇතුළත්ව, දිනපතා අනාරක්ෂිත ජල භාවිතය හේතු කොටගෙන සිදුවන මරණ සංඛ්‍යාව හා ජලය ආශ්‍රීත රෝග පැතිර යාම ද බොහෝය. ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් හා ජලය සැපයීමක් නොමැතිවීමට සම්බන්ධ පාචනයද බලපාන වැදගත් හේතු සාධකයක් වෙයි.

ප්‍රැන්සිස් සුදතුම් පියාණන් තම වේ ප්‍රශංසා විශ්වලේඛනයේ මෙසේද සඳහන් කරයි.

"පෘතුවි ගෝලය අයුතු ලෙස පරිහරණය කිරීම දැනටමත් පිළිගත් සීමාවන් ඉක්මවා ගොස් ඇති අතර අප තවමත් දුගීභාවයේ ගැටළුව විසදා නැත."

දිළිඳුබවේ ගැටළුව විසදීම හා පාරිසර ප්‍රශ්න විසඳීම එක්ව ගමන් කළ යුතුය. එසේ නොවන තාක්කල් පරිසරය රැකගැනීමට අපට හැකි නොවේ. පරිසරය පිළිබඳ කාරණයේදි පෝසත් රටවල් දුප්පත් රට වලට ණය ගැති බව පාප්තුමන් පෙන්වාදෙයි.

දිළිඳු රටවල් විසින් ගෙවිය යුතු විදේශණය, ඔවුන්ව පාලනය කරන මාර්ගයක් බවට අද පත්ව ඇත. එහෙත්, පාරිසරික ණය සම්බන්ධව එය එසේ නොවේ. ජෛව ගෝලයේ වැදගත් සංචිත වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන සංවර්ධනය වෙමින් පවතින රටවල්, විවිධාකාරයෙන් තමන්ගේම වර්තමානය හා අනාගතය පරදුවට තබා, වඩා ධනවත් රටවල සංවර්ධනය සඳහා ඉන්ධන සැපයීම දිගටම කරගෙනයයි. දකුණේ දිළිඳුන්ගේ දේශය, සම්පතින් අනූන හා වඩාත්ම දූෂණයට පාත්‍ර නොවු ප්‍රදේශයක්වන නමුදු, ජීවත් වීමට අවශ්‍ය අත්‍යාවශ්‍ය දේ සපුරා ගනු සඳහා දේපළ හා සම්පත් අයත් කර ගනු ලැබීමට එහි ඉඩ සලසා ඇත.

එපමණක් නොවේ පෝසත් රටවල ක්‍රියාවලට වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ ද දුප්පත් රටවලට බව එතුමා පෙන්වා දෙයි.

"සමහර රටවල් විසින් සිදු කරන විශාල පරිභෝජනයහට ගත් ගෝලීය උණුසුම් වීමේ ප්‍රතිවිපාක විඳින්නට සිදු වී ඇත්තේ ලෝකයේ වඩාත්ම දිළිඳු ප්‍රදේශවලටය."

දිළිඳුන්ගේ ප්‍රශ්නය විසදීම සඳහා තම රටවල වැරදි ප්‍රතිපත්ති වෙනස් නොකර දිළිඳු රටවල උපත්පාලනයට ක්‍රියා කිරීම පාප් තුමන් හෙලා දකියි.

දිළිඳුන්ගේ ප්‍රශ්න විසඳීමෙන්, ලෝකය තුළ වෙනසක් ඇති කරන්නේ කෙසේ ද යන්න සිතනවා වෙනුවට, උපත් සංඛ්‍යාව අඩුකිරීමට යෝජනා කිරීම පමණක් අයකුට කළ හැකිය. විටක, මූල්‍යමය ආධාර ලැබීම සඳහා ‘ප්‍රජනක සෞඛ්‍ය’ මත පනවනු ලැබෙන යම් ප්‍රතිපත්තිවලට යටත් විය යුතුය යනුවෙන් ජාත්‍යන්තරය විසින් කෙරෙන පීඩනයකට සංවර්ධනය වෙමින් පවතින රටවල්, මුහුණ දෙයි. එහෙත් ජනගහනය අසමානව පැතිර තිබීම සහ ලබාගත හැකි සම්පත් ප්‍රමාණය සංවර්ධනය මෙන්ම පාරිසරික සම්පත් ක්ෂයවීම වළක්වමින් පරිහරණය කිරීම සඳහා ද බාධා මතු කළ හැකි බව සැබෑවුව ද, ජන සංඛ්‍යා වර්දනය ඒකාග්‍රතාවෙන් යුත් පොදු සංවර්ධනයක් හා පූර්ණ අනුකූලතාවක් දක්වන බව හඳුනා ගැනීම ද සිදු විය යුතුය.“ ඇතැම් අය විසින් කෙරෙන අධික තරහාවරණීය පරිභෝජනය වෙනුවට ජන ගහන වර්ධනය මත වරද පැටවීම, මතුව ඇති ප්‍රශ්නවලට මුහුණ දීම යම් ආකාරයකින් ප්‍රතික්ෂේප කිරීමකි. එය දැන්පවතින්නා වු බෙදාහැරීමේ සැලසුම නීත්‍යානූ කූල කිරීමට දරන ප්‍රයන්තයකි.

Jesustodaysl වන වසර 28 වන සතිය 2018 සැප්තැම්බර් 16

 

Comments powered by CComment