ප්‍රැන්සිස් සුදතුම් පියාණන් පවසන්නේ දේශපාලනය ආර්ථිකයට යටත් විය යුතු නැතිවාක් මෙන් ආර්ථීකයද දේශපාලනයෙන් යටපත් නොකල යුතු බවයි. පරිසරය පිළිබඳ ප්‍රශ්නය හුදු පරිසර ප්‍රශ්නයක් නොව ආර්ථිකය හා දේශපාලනය සමඟ බැඳුනු ප්‍රශ්නයක් බවයි. ඒ නිසා පරිසරය රැක ගැනීම සඳහා වන ප්‍රයන්තයන් ආර්ථීකය හා දේශපාලනය පිළිබඳ ගැඹුරු සංවිඥානිකබවකින් ඉටු කල යුතු බවයි.

2018.09.07.08

වේ ප්‍රශංසා විශ්වලේඛනය විමසුමක් - 2

මේ කොළම වෙන් වන්නේ "ප්‍රශංසා වේවා මා සමිදුන්ට" ප්‍රැන්සිස් සුදතුම් පියාණන්ගේ විශ්ව චක්‍රලේඛනයේ ඇතැම් කරුනු කාරනා විමසා බැලීම වෙතටයි. මෙවර "ක්‍රියාදාමයකට යොමු කරන මං පෙත්’ නැමැති" එහි පස්වෙනි පරිච්ඡේදයේ වැදගත් කරුණක් කෙරෙහි යොමුවෙමු.

පරිසර රැක ගැනීම පිළිබඳ ප්‍රයන්තයන්හිදි සිවිල් සමාජ සංවිධාන ඉටුකල කාර්යභාරය උන්වහන්සගේ ඇගයීමට ලක්වෙති. "බොහෝ සිවිල් සමාජ සංවිධානයන්ගේ උත්සහයන්ට ද ස්තූතිවන්න වන්නට පාරිසරික ගමන විශ්වය පුරාම කැපී පෙනෙන ප්‍රගමනයක් ලබාගෙන ඇති බව කිව යුතුය".

අප රට තුළ ගත්තද රාජ්‍ය සංවිධාන, ආගමික සංවිධාන, ආගමික සංස්ථා මේ විෂයේදි ඉටුකල කාර්යභාරයට වඩා විශාල වැඩ කොටසක් ස්වේඡා සංවිධාන ඉටුකොට ඇත. එහිදි රාජ්‍ය නොවන සංවිධාන ලේබලය අලවා ස්වේඡා ක්‍රියාකාරිත්වයන් හෙලා දැකීමට ඇතැම් විට දැනුවත්ව ද තවත් විටක නොදැනුවත්ව ද රජය හා පූජ්‍ය පූජක පක්ෂ ක්‍රියාකිරිම අප රට තුළ දැකිය හැකිය. නමුත් ප්‍රැන්සිස් සුදතුම් පියාණන් නිවැරදිව ස්වේච්ඡා සංවිධාන වල ප්‍රයන්තය දෙස බලයි.

මෙම පරිච්ඡේදයේ උන්වහන්සේ ඉතා වැදගත් කාරණාවක් ඉස්මතු කොට දක්වයි. එනම් දේශපාලනය හා ආර්ථිකයේ බලපෑමයි. අප රට තුළ බොහෝ විට ආගමික ක්ෂත්‍රවල නායකයින් මෙම කරුණ ගැන දක්වන්නේ අඩු අවධානයකි. ඒ නිසාම පරිසරය රැක ගැනීමේ බොහෝ සටන් හා ක්‍රියාමාර්ග, දේශපාලන හා ආර්ථීකය හසුරුවන්නන් විසින් සියුම්ව යටපත් කර දමයි.

ප්‍රැන්සිස් සුදතුම් පියාණන් පවසන්නේ දේශපාලනය ආර්ථිකයට යටත් විය යුතු නැතිවාක් මෙන් ආර්ථීකයද දේශපාලනයෙන් යටපත් නොකල යුතු බවයි. පරිසරය පිළිබඳ ප්‍රශ්නය හුදු පරිසර ප්‍රශ්නයක් නොව ආර්ථිකය හා දේශපාලනය සමඟ බැඳුනු ප්‍රශ්නයක් බවයි. ඒ නිසා පරිසරය රැක ගැනීම සඳහා වන ප්‍රයන්තයන් ආර්ථීකය හා දේශපාලනය පිළිබඳ ගැඹුරු සංවිඥානිකබවකින් ඉටු කල යුතු බවයි.

සුදතුම් පියතුමා අවධාරණය කරන මෙම යථාර්ථය ශ්‍රී ලාංකීය සංදර්භය තුල අප ඉතා පැහැදිලි ලෙස මෑත කාලීනව අත්දුටු අවස්ථාවක් වන්නේ කොළඹ වරාය නගරය පිළිබඳ අත්දැකීමයි. එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක වන්නේ ගෝලීය දේශපාලන හා ආර්ථීක ක්‍රමයේ ගොදුරක් වශයෙනි. ඒ සඳහා ආගමික සංස්ථා දැක්වු ප්‍රතිචාරය හා ස්වේච්ඡා සංවිධාන දැක්වු ප්‍රතිචාරය අතර වෙනස වන්නේ ද ඉහතින් විස්තර කළ ආර්ථික හා දේශපාලන සවිඥානික බව හා තම ආර්ථීක හා දේශපාලන අරමුනු පිළිබඳ කාරණයයි.

ප්‍රැන්සිස් සුදතුම් පියාණන් පවතින වෙලඳපල ආර්ථීකය මෙම පරිච්ඡේදයේදි හඳුන්වා දෙන්නේ “එය පරිසරය මත අනවශ්‍ය බලපෑමක් ඇති කරන්නාවුද හා ප්‍රාදේශීය ආර්ථීකය මත ඝෘණ ප්‍රතිඵල ඇති කරන්නාවු ව්‍යායාමයක් වශයෙනි.”

අප උදාහරනයට ගත් පෝට් සිටිය ඇරඹීම, පෝට් සිටිය තාවකාලිකව අත්හිටුවීම, පෝට් සිටිය නැවත ඇරඹීම මෙන්ම එයට පක්ෂ මතයක් දැරිම සිදුවන්නේ පාප්තුමන් තම විශ්ව ලේඛනයේ 190 ජේදය මගින් දැඩීව හෙලා දකින ලාභය හා බලය මුල්කරගත් ආර්ථික හා දේශපාලන ක්‍රමය හා එයට ඇති පක්ෂපාතිබව මතයි.

නැවත වරක් අපි හුදෙක් ආයතන නැතහොත් පුද්ගලික ලාභය වැඩි කිරිම මගින් ගැටළු අරුම පුදුම ලෙස විසඳිය හැකි යැයි පවසන වෙළඳ පොළ ආශ්‍රීත මායාවි සංකල්පය ප්‍රතික්ෂේප කළ යුතු වෙමු. ලාභ ලැබීමේ උපරිමය කරා ගෙනයාමේ බලපෑමට හසුව සිටින්නන්, මතු පරම්පරා සඳහා ඉතිරි කර තබා යන පරිසරය හානිය පිළිබඳව විමසා බැලීමට නවතිනු ඇතැයි අපෙක්ෂා කිරිම යථාර්ථවාදි ද? ලාභ ලැබීම එකම අරමුණ වන විට, ස්වභාව ධර්මය ගැන, එහි පරිහානිය හා පුනර්වර්ධනය ආශ්‍රිත විවිධ අවධි පිළිබඳව, නැතහොත් මානව මැදිහත්වීම් මඟින් බරපතල ලෙස වියරු වැටෙන පරිසර පද්ධතියේ සංකීර්ණත්වය ගැන සිතන්නට එහි ඉඩක් නොමැත

තවද, ජෛව විවිධත්වය වෙත යම් අවධානයක් යොමු කෙරේ නම් ඒ, සූරාකෑමට හැකි ආර්ථීක සම්පත් නිධීයක් වශයෙන් පමනි. මෙහිදි, ද්‍රව්‍යවල සැබැ අගය පිළිබඳව පුද්ගලයන් හා සංස්කෘතින් වැදගත් කොට සැලකීම පිළිබඳව, නැතහොත් දිළිඳුන්ගේ වුවමනා එපාකම් හා අවශ්‍යතා පිලිබඳව බරපතළ ලෙස සිතා බැලීමක් සිදු නොවේ.

jesustodaysl 2 වන වසර 27 වන සතිය 2018 සැප්තැම්බර් 09

Comments powered by CComment