අප මීට මෙර මේ මාතෘකාව යටතේම ලිපියක් ලිවිමු. ඒ කල්පිටිය දූපත් ආශ්‍රයෙන් ඇති වු පාරිසරික ප්‍රශ්න අරඹයාය.

නැවතත් අපි මේ මැය යටතේම මේ කෙටි ලිපිය ලියන්නේ කල්පිටිය අර්ධ ද්වීපයේ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ඇසුරින් ජනතාව මුහුණ දී තිබෙන පාරිසරික ආපදා පිළිබඳවයි.

කිතුනුවන්ගේ සදාදරණිය වන්දනා ස්ථානයක් වන තලවිල සාන්ත ආනා සිද්ධස්ථානය පිහිටි කල්පිටිය අර්ධ ද්වීපය සාන්තානාදීපය ලෙස හඳුන්වන්නේ ඒ තරමට ඒ අර්ධ ද්වීපයේ ලකුණ සාන්තානා මෑණියන් හා බැඳි තිබෙන නිසාය.

නොරොච්චෝලේ තාප බලාගාරයට ආරම්භයේ සිටම එවකට හලාවත පදවි එඬේරාණන් ඇතුළුව ජනතාව විරෝධය දැක්වුයේ එමගින් සිදු විය හැකි පාරිසරික හානි කල් තියා දුටු නිසාය. එහෙත් එකි විරෝධයන් කිතුනු යැයි කියාගන්නා පුත්තලම් දිස්ත්‍රික්කයේ මැතිවරුන් මගින් තුනිකොට රාජපක්ෂ රෙජිමය නොරොච්චෝලේ ගල් අඟුරු බාලාගාරය ඉදි කළේය.

ආරම්භයේ සිටම විද්වතුන් හා පරිසරවේදින් පෙන්වා දුන් කරුණක් වූයේ බලාගාරයෙක් ඉවත ලන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීමේ දුෂ්කරතාවයක් පවතින බවයි. විශේෂයෙන් මුහුද ආශ්‍රිත සුළං නිතර හමන ප්‍රදේශයේදි එය අපහසු විය හැකි බවයි.

අද එය සත්‍යයක් වී ඇත. බලාගාරය අවට වාතයේ ගල් අඟුරු කුඩු බහුලවීම නිසා ජනතාව ස්වශන රෝග වලට ගොඳුරු වීම මෙන්ම විවිධ චර්ම රෝග වලට ද ගොඳුරුව සිටිති. එසේම ප්‍රදේශයේ ජලයටද ගල් අඟුරු කුඩු එකතු වී ඇති බව ජනතාව සාක්ෂි ඇතිව පෙන්වා දී ඇත.

එක් දිනකට පිට කරන අළු ප්‍රමාණය මෙටි්‍රක් ටොන් නවසිය දහයක් පමණ වන බව හඳුනාගෙන ඇත.

3

Untitled 5 copy

සාන්තානාදීපයේ ජීවිත අනතුරේ හෙලා ඇති තත්වය යටතේ සභාව විසඳුම් පතා ප්‍රබල ලෙස මැදිහත්විය යුතු බව ජනතාව පෙන්වා දෙයි. ඊට නිසි නායකත්වයක් ලබා දෙමින් මෙම තත්වයන්ට ස්ථිර විසඳුම් දිනා ගැනීම පමා කරන හැම දිනයකම ජනතාව මරණයට ලං වීමේ වගකීමෙන් සභාවටද පළා යා නොහැකිය.

2017 ඔක්තෝම්බර් 08 ඉරිදා සත්හඬ පුවත්පතට ප්‍රසාද් ජයමාන්න මේ පිළිබඳ සවිස්තර ලිපියක් සපයා ඇත.

එදා නොරොච්චෝලේ නාය බලාගාරයට විරුද්ධ හඬට සභාව දුන් නායකත්වයට වඩා වැඩි නායකත්වයක් මේ මොහොතේ ලැබිය යුතුය. මන්ද දැන් විනාශය සක්සුදක් සේ පැහැදිලි වන නිසාය.

 

jesustoday 33 සතිය 2017 ඔක්තෝම්බර් 15

Comments powered by CComment