නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් සිදුවන පාරිසරික විනාශය ගැන සේම රටේ පොදු පාරිසර විනාශය ගැන හඬ නැගීම මෙන්ම අඛණ්ඩව පොදු නිවහන රැක ගැනීමට ක්‍රියා කිරීම කිතුනු යුතුකමකි. එ් යුතුකම ඉටු කිරිම අතපසු කිරීම මරණීය පාපයකි.

ඉන්දියන් සාගරේ මුතු අැටය, ධර්මද්වීපය, ලෝකෙන් උතුම් රට, ස්වභාවික විපත් නැති පුණ්‍ය භූමිය අාදි විවිධ හැඳින්වීම් වලින් අපි අපිම උත්කර්ෂයට නැංවූ අපේ මාතෘ භූමිය ගෝලිය දේශගුණික අවධානම් දර්ශකයේ 4 වන ස්ථානයට පත් ව අැත. 

ස්වභාවික විපත් වලින් අධි අවධානම් රටවල් ඉහල සිට පහළට පෙළගස්වන මෙම දර්ශකයේ 2016 වර්ෂයේ 95 වන ස්ථානයේ සිටි අප රට 2018 වන විට 4 වන ස්ථානය දක්වා පහත වැටී අැත්තේ හයිට්, සිම්බාබ්වේ හා පී ජී යන රටවලට පමණක් පැරදෙමිනි. 1997-2016 දක්වා පාරිසරික අවධානම් හා දේශගුණික බලපෑම මත මේ ගණන් බැලිම් සිදු කර අැත.

අැත්ත වශයෙන්ම පසුගිය වසර කීපය තුළ සෑම වර්ෂයකම අප රට බරපතළ ව්‍යසන වලට ගොදුරුව අැත.

  • 2014 ඔක්තෝම්බර් කොස්ලන්ද මීරියබැද්දේ සිදුවූ නායයාමෙන් 150 දෙනෙකු මිය ගිය අතර බොහෝ දෙනෙකුගේ මළ සිරුර පවා හමු නොවීය.
  • 2018 මැයි අරනායක පබසර කන්ද නාය යෑමෙන් 127 දෙනෙකු මරණයට පත් විය.
  • 2017 අප්‍රියෙල් මීතොටමුල්ල කුණුකන්ද නායයාමෙන් 23 දෙනෙකු මරණයට පත් විය.
  • 2017 මැයි ගංවතුරෙන් 196 දෙනෙකු මරණයට වූ  පත් විය. 94 දෙනෙකු අතුරුදහන් වුණා.
  • 2018 මැයි ගංවතුරෙන් පුද්ගලයික් 24 දෙනෙකු මරණයට පත් විය.

මේ ප්‍රධාන ව්‍යසන පමණී,

රටෙන් අඩක් ගංවතුරට ලක්වන විට, තව අඩක් දැවි නියගයෙන් වර්ෂ 2 ක් පමණ පීඩාවට පත් විය. jesustodaysl වෙබ් අඩවිය පසුගිය වසරේද පෙන්වා දුන්නේ මේවා ස්වභාවික විපත් නොවන බවයි. ජනතාවන්, නිලධාරිනුත්, දේශපාලනකයිනුත්  එකතුව මේ රට සමාජ අාර්ථික දේශපාලනිකව පමණක් නොව පාරිසරිකවද විනාශ කර තිබෙන බව පැහැදිලිය.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් සිදුවන පාරිසරික විනාශය ගැන සේම රටේ පොදු පාරිසර විනාශය ගැන හඬ නැගීම මෙන්ම අඛණ්ඩව පොදු නිවහන රැක ගැනීමට ක්‍රියා කිරීම කිතුනු යුතුකමකි. එ් යුතුකම ඉටු කිරිම අතපසු කිරීම මරණීය පාපයකි.

jesustodaysl 2 වන වසර 13 වන සතිය 2018 ජූනි 03

 

 

Comments powered by CComment