වායු දූෂණය ලෝකයේ ප්‍රමුඛ මාරයෙක් බවට පත් ව අැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබුවේ වායු දූෂණය නිසා 2017 වසරේ ලෝකයේ තුළ මිනිසුන් 4200 000 ක් මිය ගොස් තිබෙන බවයි.

අප jesustodaysl වෙබ් අඩවිය මේ වසරේ පළමු ලිපිය ලිව්වේ "හුස්ම ගන්න හොඳ සුළං පොදක්" ගැනය. ඒනම් වායු දූෂණයේ බරපතලකම ගැනය.

ඒ් බව සනාථ කරමින් හොරණ බැල්ලපිටියේ රබර් කම්හලක විෂ වායු අාඝ්‍රහරණය වීමෙන් පස් දෙනෙකු මිය ගිය පුවත අැසීමට තරම් අපි අවසානවන්ත වීමු.

ඒ් මරණ පහම මිනිස් ඝාතන ලෙස සැලකිය යුතුය. මේ ඝාතනයට වගකිව යුත්තෝ

  • කම්හල් හිමියන්ය.
  • මෙරට පරිසර බලධාරින්ය

මෙම කම්හලින් සිදුවන පරිසරික විනාශය ගැන වර්ෂ ගණනාවක් පුරා ජනතාව බලධාරින් දැනුවත් කරන ලදී. නමුත් ඔිව් හු දේශපාලන බලයට හා මුදල් බලයට යට වී කම්හලේ පරිසර ද්‍රෝහි පිළිවෙතට ඉඩ හැරියෝය. පුවත් පත් පිටු පුරා මේ විරෝධතා සටහන් වූයේ වරක් දෙවරක් නොවේ. මිනිසුන්ට පෙර මිය ගියේ කම්හල අසල දොල පහරේ මාළුන්ය. කම්හල අසල කෙත්වතුවල තණ කෑ ජලය බීව් ගවයන්ය.

එහෙත් නිලධාරින්ද, හිමිකරුවන්ද තම පරිසර ද්‍රෝහි පිලිවෙතට දිගටම ක්‍රියාවට නැංවිය. කම්කරු මුදල්, දේශපාලන බලය පමණක් නොව හිටපු හමුදා මේජරවරයෙකු ලෙස රණවිරු බලයද පැවැතුනි.

බැල්ලපිටියේ කම්හල පිහිටි ඉඩමද රාජපක්ෂ සමයේදි දේශපාලන බලය හා හමුදා බලය යොදාගෙන ලබාගත් ඉඩමක් බව හෙලි වී අැත. එහෙත් මිනි පහකට පසුත් මේ රණවිරු ලේබලයට වැසුනු මහතාට විරුද්ධව දේශප්‍රේමින් කථා නොකරති. මේ ධනවතා අන් ජාතිකයෙකු වූයේ නම් සිදුවන දේ කිව යුතු නැත.

අද අපට අවශ්‍ය වන්නේ සැබෑ ධාර්මික මිනිසුන් මිස ව්‍යාජ ධාර්මික මිනිසුන් නොවේ. සැබෑ ධාර්මික මිනිසා සොබාදහම රැකීම ශිලයක්, පනතක් කරගත් අයෙකි.

වායු දූෂණය ලෝකයේ ප්‍රමුඛ මාරයෙක් බවට පත් ව අැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබුවේ වායු දූෂණය නිසා 2017 වසරේ ලෝකයේ තුළ මිනිසුන් 4200 000 ක් මිය ගොස් තිබෙන බවයි. 

6cac3e4af71ab8dda6dba234a97e4887 පංකජ

jesustodaysl 2 වන වසර 9 වන සතිය 2018 මැයි 06

Comments powered by CComment