දිනකට මිනිසුන් 25 000 පමණ කුසගින්න නිසා මිය යද්දී ලෝක ආදායමින් 50 % ක් පුද්ගලයින් අට දෙනෙකු සතුවීම පමණක් වූවද ආර්ථික අර්බුදයේ දිග පළල පෙන්වා දෙයි. එසේම ගතවු වසර 50 තුළ පෘතුවී උෂ්ණත්වය සෙල්සියස් අංශක 05 කින් පමණ වැඩිම උත්තර ධ්‍රැවයේ හිම තට්ටුවේ ඝණත්වය 40 % කින් පමණ අඩු වීම පමණක් වුවද පාරිසරික අර්බුදයේ දිග පළල අපට පෙන්වා දෙයි.

ආර්ථිකය හා පරිසරය එකිනෙකින් වෙන් කළ නොහැකි තරමට බැඳී පවතී. ගෙවුනු ආසන්න ශත වර්ෂ කීපය තුල මෙම සත්‍ය අමතක කරනු ලැබු අර්ථ ක්‍රිමය හේතු කොට ගෙන වත්මන වන විට මුළු ලෝකයම දැවැන්ත පාරිසරික හා ආර්ථික අර්බුදයක් වෙතට ඇද දමා ඇත. 

දිනකට මිනිසුන් 25 000 පමණ කුසගින්න නිසා මිය යද්දී ලෝක ආදායමින් 50 % ක් පුද්ගලයින් අට දෙනෙකු සතුවීම පමණක් වූවද ආර්ථික අර්බුදයේ දිග පළල පෙන්වා දෙයි. එසේම ගතවු වසර 50 තුළ පෘතුවී උෂ්ණත්වය සෙල්සියස් අංශක 05 කින් පමණ වැඩිම උත්තර ධ්‍රැවයේ හිම තට්ටුවේ ඝණත්වය 40 % කින් පමණ අඩු වීම පමණක් වුවද පාරිසරික අර්බුදයේ දිග පළල අපට පෙන්වා දෙයි.

මෙවන් පසුබිමක් තුළ මානව වර්ගයාගේත් පෘතුවියේත් තිරසර පැවැත්ම තහවුරු කිරීමට නම් ආර්ථිකය හා පරිසරය පිළිබඳ නිවැරදි දැක්මක් මත පිහිටා ක්‍රියා කිරීම ඉතා ඉක්මන් අවශ්‍යතාවයක් වී ඇත. ක්‍රිස්තියානි දේව ධර්මය මේ පිළිබඳව ඉදිරිපත් කරන්නේ කෙබඳු දැක්මක්ද ? එය මේ අර්බුදය ජයගැනීමට උපකාරි වේද ?

ආර්ථිකයේ පදනම

ක්‍රිස්තියානි දේව ධර්මය ඉතා පැහැදිලිව පෙන්වා දෙන්නේ ආර්ථිකයේ පදනම සොබාදහම හා මිනිස් ශ‍්‍රමය බවයි. 

”උන්වහන්සේ අහස හා පොළව මවන විට පොළවේ හටගත් පැලැටියක්වත් පැළවුනු බීජයක්වත් නොවීය. එසේ වූයේ දෙවි ස්වාමින් වහන්සේ පොළව පිට වැස්ස නොඑවු නිසාත් භූමිය වගා කිරීමට කිසිවෙකු නොසිටි නිසාත්ය.” (උත්පත්ති 2/5)

කෘෂි කාර්මික පසුබිමක ලියැවෙන මෙමගින් මතු කරන ධර්මය වන්නේ ආර්ථිකය ගොඩනැගෙන්නේ ‘වැස්ස’ - සොබාදහමේ හා ‘වගා කරන මිනිසා’ - ශ‍්‍රමය මත බවයි. පවතින ධනවාදි ආර්ථික විද්‍යාව අනුව ආර්ථිකයට පදනම් වන ‘භූමිය’ ‘ශ‍්‍රමය’ ‘ප්‍රාග්ධනය’ හා ‘ව්‍යවසහයයි’ ‘ප්‍රාග්ධනය, හා ව්‍යවසහය’ භූමිය හා ශ‍්‍රමය මතම පදනම් වු නිර්මිතයන්ය. බයිබලීය දහම අනුව පදනම වන්නේ භූමිය හා ශ‍්‍රමයයි.

දෙවියන් වහන්සෙගේ කැමැත්ත වන්නේ, මිනිසා විසින් තම ශ‍්‍රමය යොදාගෙන මැවිල්ල වැඩිදියුණු කිරීමයි. එම වැඩි දියුනු කිරිම රැකබලා ගනිමින් කරන වැඩි දියුනු කිරීමක් විය යුතුයි.

”ඒදන් උයන වගාකර එය රැක බලා ගැනීම පිණිස දෙවි ස්වාමින් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කරවු සේක.” (උත්පත්ති 2/15)

මේ අනුව බයිබලිය දහම මැවිල්ල හෙවත් සොබාදහම ඵලදායි ලෙස වර්ධනය කිරීම මිනිසාගේ යුතුකමක්, වගකිමක්, මෙහෙවරක් බව පෙන්වා දෙයි. ශ‍්‍රමය යොදා වැඩි දියුණු කිරීම යනු කෘෂි තාක්ෂණයයි. තාක්ෂණය හෝ සංවර්ධනය බයිබලීය දහම ප්‍රතික්ෂේප නොකරයි. එය දේව වන්දනාවක් බව පෙන්වා දෙයි. මිනිස් ශ‍්‍රමය සහ දේව වන්දනාව, දේව සේවය යන ඒවාට ශුද්ධ වු බයිබලය භාවිතා කරනුයේ ‘ආබාද්’ යන එකම ක්‍රියා පදයයි.

පරිසරය පූජනීයයි.

සොබාදහම මැවුම්කරුවාණන් හමුවිය හැකි ‘සක්‍රමේන්තුවක්’ ලෙස කිතු දහම සලකයි. සක්‍රමේන්තුවක් යනු දෙවියන් වහන්සේව හමුවන දේව ක්‍රියාකාරිත්වය සිදුවන ප්‍රසාද නිධානයකි. එම අරුතින් මැවිල්ල පූජනීය වේ. එය හුදු උපකරණයක් නොවේ. ඒ හුදු භාණ්ඩයක් හෝ දෙයක් නොවේ. එය පැවැත්මේ පදනමයි. මිනිසාට පෙර දෙවිදුන් මවන්නේ සොබාදහමයි.

ශ‍්‍රමයද පූජනීයයි.

මැවිල්ල සේම මිනිස් ශ‍්‍රමය ද පූජනීයයි. හුදෙක් මිනිස් ශ‍්‍රමය භාණ්ඩයක් ලෙස සැලැකීම දේව අභිමතයට සපුරා පටහැනිය. දේව ස්වරූපය හා සමාන කමට මවනු ලැබු මිනිසා තුළ සැඟවී පවතින දේව ස්වරූපයේ ගති ලක්ෂණයෙකි ශ‍්‍රමය. මැවුම්කරුගේ මැවිමේ ගුණය නිර්මාණශීලිත්වය මිනිසා තුළ රැඳී ඇත්තේ ශ‍්‍රමය මතයි.

ශ‍්‍රමය, කායික ශ‍්‍රමය හා මානසික ශ‍්‍රමය ලෙස වෙන්කර මානසික ශ‍්‍රමයට වැඩි වටිනාකමක් දෙමින් කායික ශ‍්‍රමය හා භූමිය (මැවිල්ල) සූරාකමින් ගොඩනගාගත් අතිරික්තය (ප්‍රාග්ධනය) මෙහෙවන මානසික ශ‍්‍රමය ව්‍යවසහයකත්වය ලෙස උත්කර්ෂයට නංවා එයට වෙනම ප්‍රතිලාභ කොටසක් හිමිකර ගැනීම ධනවාදි ආර්ථීක විද්‍යාව විසින් කරනු ලැබුවකි.

ආර්ථිකය අත්‍යාවශ්‍යයි.

ජේසු තුමන් තම ශ‍්‍රාවකයින්ට උගන්වනු ලැබුවේ එකම එක යාච්ඥාවකි. ඒ යාච්ඥාවේදි ඉතා පැහැදිලි ලෙස මිනිසාගේ ජීවත්වීම පිණිස ‘ආර්ථිකයක්’ අත්‍යාවශ්‍ය බව පෙන්වා දෙයි.

”අපගේ එදිනෙදා භෝජනය අද අපට දේව” (ලූක් 11/3)

මෙහිදි ‘භෝජනය’ යන පදයට යොදන ග්‍රීක වචනය වන්නේ ‘අර්තෝන්’ ය. අර්තෝන් යනු ‘අර්ථ’ නැතිනම් ‘ආර්ථිකය’යන අදහසයි. ඒ නිසා මේ යැදුමෙන් අදහස් කරන්නේ කෑම පමණක් නොවේ. ‘අපගේ එදිනෙදා ආර්ථිකය අද අපට දේවා’ යන්නයි. ජීවත්වීම සඳහා අත්‍යාවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගැනීමකින් තොරව මිනිසාට පැවැතිය නොහැකිය. එය සෑම මිනිසෙකුටම මිනිසෙක් ලෙස ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට තරම් ආර්ථිකයක් හිමි වීම දේව අභිමතයයි.

මෙහිදි ඉතා වැදගත් කිතුනු ඉගැන්වීමක් වන්නේ ‘එදිනෙදා’ යන්නයි. එනම් පරම්පරා රාශියකට ගොඩගසන අන් අයගේ දේ සූරාකන ආර්ථිකයක් නොවේ.

”පොහොසත් වන්නට නොවෙහෙසෙන්න. ඒ අදහස ඔබේ සිතින් අත් හරින්න” (හිතෝපදේශ 23/4)

”මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නුදුන මානව මට වුවමනා පමණට ආහාර දුන මැනව” (හිතෝපදේශ 3/8)

මේ මගින් පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් ආර්ථිකයක් මිනිසාට ලැබිය යුතු බවයි. ඌන ආර්ථිකය මෙන්ම අධි ආර්ථිකය ද මිනිසාව විනාශ කර දමයි. පදනම පුපුරුවා හරියි. වත්මන් පාරිසරික හා ආර්ථික අර්බුදය යනු පරිසරය හා ආර්ථිකය පිළිබඳ බයිබලීය පදනම කනපිට හැරවීමේ ප්‍රතිඵලයකි. 

මැවිල්ල රැක බලාගෙන වැඩි දියුණු කිරීමේ වගකිම ජාතින් සූරාකෑම, සොබාදහම සූරාකෑම මගින් ධනය ගොඩගැසීම බවට ප්‍රති අර්ථකථනය කරනු ලැබු බටහිර දේව ධර්මයේ ප්‍රතිඵලයක් ලෙස වත්මන් අර්බුදය එක් අතකින් හඳුනාගත හැකිය. මිනිසා සොබාදහම් ‘රැකවලාය’ ‘භාරකරුය’ යන බයිබලීය පදනම වෙනුවට මිනිසා සොබාදහමේ ස්වාමියාය යන්න ආදේශ කරමින් පැමිනි ගමනක ප්‍රතිඵලයකි.

ධනය මුල්කරගත් වෙළඳ පොළ වාදි ආර්ථිකය දේව කැමැත්ත නොවේ. එම ආර්ථිකයේ මූලික පදනම් බයිබලය අනුව කිසි ලෙසකින්වත් සාධාරණිකරණය කළ නොහැකිය.

”වැඩි පොලියෙන් හා අයුතු ලාභයෙන් උපයන ඔබේ ධනය ඔබට හිමි නැත.” යන අදහස බයිබලය පැහැදිලිව දක්වා ඇත. (හිතෝපදේශ 28/8 බලන්න)

ලාභය පාපයක් බව බයිබලය පෙන්වා දෙයි. ලාභය වැඩි කර ගැනීම මත පදනම් වන නිෂ්පාදනය හා වෙළඳාම හෙළා දකී. 

”හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි. හරි පඩි සමිඳුන්ට ප්‍රීතියකි.” (හිතෝපදේශ 11/1)

"අයුතු ලාභයට ගිජුවන්නා එයින්ම වැනසේ” (හිතෝපදේශ 1/9)

"ගල් දෙකක් සන්ධි වන තැන ඇබය බසින්නේය. විකිණිම හා මිලට ගැනීම අතරට පාපයක් ඇතුළුවන්නේය." (උපදේශකයා 27/2)

”පව්කාරයා තමාගේ අයුතු ලාභය නිසා දඩුවම් නොලැබ නොයන්නේය. (උපදේශකයා 16/13)

”දුප්පතුන්ට අයිති දේවලින් යාගයක් ඔප්පු කිරීම පියා ඉදිරියෙහි පුතා මරාද දැමීම මෙන් දුෂ්ඨය.” (උපදේශකය 34/20)

*අසල්වාසියාගේ ජීවන මාර්ගය උදුරා ගැනීම ඔහු මැරීමකි. ඔහුට හිමි වැටුප නොදී සිටීම ලේ වැගිරීමකි. (උපදේශකයා 34/22)

අප මෙහි උපුටා දැක්වූයේ සූරාකෑම් ආර්ථිකයට, ලාභය මුල්කරගත් ආර්ථිකයට, නිසි වැටුප් නොගෙවන ආර්ථිකයට, පොලි ආර්ථිකයට බයිබලීය දහම දක්වන විරෝධය පිලිබඳ අංශු මාත්‍රයක් පමණි. වත්මනේ පවතින සූරාකෑමේ ආර්ථික ක්‍රමය බයිබලීය දහම අනුව පාපිෂ්ඨ ආර්ථිකයකි. ලේ වගුරුවන ආර්ථිකයෙකි. මිනිමරු ආර්ථිකයෙකි.

සංවර්ධනයේ මිථ්‍යාව.

තිරසර සංවර්ධන ඉලක්ක නැමැති ඉතා ප්‍රගතිශීලි දැක්මක් එක්සත් ජාතින් මැදිහත් වී නිර්මාණය කර තිබුණද ආර්ථික සංවර්ධනය හඹා යන සංවර්ධන මාදිලිය ලෝකයේ කොතැනකදීත් සිදු කරන්නේ මැවිල්ලත් මානව වර්ගයාත් විනාශයට ඇද දැමීම බව පෙනීයමින් තිබේ. ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර වේවා, චීනය හා ඉන්දියාව ප්‍රමුඛ ආසියාතික කඳවුර වේවා, රුසියාට ප්‍රමුඛ කඳවුර වේවා, හඹායන්නේ මේ ඊනියා සංවර්ධනයයි. එය බයිබලීය දහම පෙන්වා දෙන භූමිය රැකබලා ගෙන වැඩි වර්ධනය කිරීමේ සංවර්ධනය නොවේ.

ප්‍රැන්සිස් සුදතුම් පියාණන් වේ ප්‍රශංසා විශ්ව ලේඛනයේ මෙසේ සඳහන් කරන්නේ අප ඉහත දැක් වු යථාර්ථයයි.

ආර්ථිකය, මිනිස් වර්ගයා මත නිෂේධාත්මකව සිදුකළ හැකි හානිය පිළිබඳව නොසලකා, තාක්ෂණයේ හැම සංවර්ධනයක්ම ලාභ ලැබීමේ අරමුණින් යුතුව භාරගනී. මුදල් වැයකිරිම, සැබැ ආර්ථික තත්ත්වය අභිබවා නැගී සිටියි. ගෝලිය මූල්‍යමය අර්බුදයෙන් අප පාඩම් ඉගෙන ගෙන නැති අතර, පරිසර පරිහානියෙන් ගුරුහරුකම් ගැනීම ද සිදුවන්නේ ඉතා සෙමිනි.

සමහර කණ්ඩායම් තත්කාලීන ආර්ථිකය හා තාක්ෂණය මඟින් සියලූම පාරිසරික ගැටළු විසඳෙනු ඇත යන මතය දරමින්, ජනප්‍රිය හා තාක්ෂණික නොවන පද වහර භාවිත කරමින් වැඩි දියුණුවීමත් සමඟ විසඳෙන බවය. ඔවුහු අද කිසිවෙකු ආරක්ෂා කිරීමට තරම් එඩිතර නොවන ඇතැම් ආර්ථික සිද්ධාන්ත වෙත යොදවන්නේ, ආර්ථිකය සැබැවින් ක්‍රියාත්මක කිරීම වෙත යොදන අවධානයට වඩා අඩු අවධානයකි. එවැනි සිද්ධාන්ත වචනයෙන් තහවුරු නොකළ ද, ක්‍රියාවෙන් එයට අනුග්‍රහය දක්වනුයේ, වඩා සමතුලිත මට්ටමේ නිෂ්පාදනයක් වෙත, වඩා හොඳ ධනය බෙදීයාමත් වෙත, පාරිසරික සැලකිල්ල හා අනාගත පරම්පරාවේ අයිතිවාසිකම් වෙත උනන්දුවක් නොදැක්වීම මඟිනි. 

ඔවුන්ගේ හැසිරීම පෙන්නුම් කරනුයේ, තමන් ලබන ලාභ ප්‍රයෝජන උපරිම මට්ටමට නංවා ගැනීම පමණක් තමන්ට සෑහෙන බවය. එසේ වූවද, වෙළඳ පොළට තනිවම, ඒකාග්‍රාර මානව සංවර්ධනයක් හා සමාජමය අන්තර්ගත කිරීමක් සහතික කළ නොහැකිය. ඒ හා සමඟම ”යම් ආකාරයක ඉවතලෑමේ හා පරිභෝජනයේ ‘සුපිරි සංව්ධනයක්” අප සතුව පවතී.

එය අමානුෂික අහිමිකිරිම් අඛණ්ඩව සිදුවීම හා සමඟ, පිළිගත නොහැකි වු පරස්පර විරෝධයක් ගොඩනැගීමේ දායක වෙයි. මේ සියල්ල සිදුවන අතර අපි දිළිඳු ජනතාවට මූලික සම්පත් නිරතුරුව ලබා ගැනීමට අවකාශ සැලසීම සඳහා වු ආර්ථික ආයතන හා සමාජමය මුල් පියවර වැඩි දියුණුකිරීමේ ගමන තුළ මන්දගාමීව පසුවෙමු.

අපගේ අසාර්ථකවීම් සඳහා වු ගැඹුරුතම මූලයන් දකින්නට අපි අපොහොසත් වෙමු. ඒවා තාක්ෂණික හා ආර්ථික සංවර්ධනයේ මඟපෙන්වීම්, අරමුණු අර්ථය හා සමාජ ප්‍රතිමානය සමඟ සම්බන්ධ සාධකය. (වේ  ප්‍රශංසා විශ්ව ලේඛනය)

6cac3e4af71ab8dda6dba234a97e4887මහින්ද නාමල්

jesustodaysl 2 වන වසර 6 වන සතිය 2018 අප්‍රේල් 15

Comments powered by CComment