මුදල් පසු පස හඹායන ලොවක අලි ඇතුන් රයිනොවන් යන දැවැන්තියින් ද අසරණ බව ඉන් කියාපානවා. සූඩාන් මිය ගියද සුදු රයිනොවන් බිහිකර ගැනීමේ සටන විද්වතුන් අත්හැර නැති බවයි වාර්තා වෙන්නේ. ඇත්තටම විද්‍යාව විසින් සොයාගත යුතු වන්නේ මිනිසුන්ට සොබාදහම සමඟ සාංඝිකව ජීවත්වෙන්න කියලා  දෙන, නැත්නම් පොළඹවන ඖෙෂධයක්.

පෘතුවිය මත විසු අවසාන සුදු පිරිමි රයිනෝවා මිය ගිය පුවත මා හදවත මොහොතකට නැවතුවා. මට ඒ හා මතක් වූයේ සියැටල් නමට ලියැවි ඇති පහත කවිය.

අවසාන ගඟත් සිදුණු පසු

අවසාන ගසත් කැපු පසු 

අවසාන මත්ස්‍යයත් මිය ගිය පසු

මිනිසුනේ නුඹලාට තේරේවි 

මුදල් කන්නට නොහැකි බව

අන්තිම මිනිසාත්

ඉන්පසු මා හඳවතට නැගුනේ නුදුරු අනාගත දිනකදි අවසාන මිනිසාත් පෘතුවියෙන් සමූගනී කියා වාර්තා කරන්නටවත් කෙනෙකු නොසිටින බව.මේ විශ්වයේ වෙනත් ග‍්‍රහලෝවක සිටින අපගේ විශ්ව සොහොයුරෙකු විසින් මිස වාර්තා කරන්නටත් ඒ වාර්තාව කියවන්නටත් පෘතුවිවාසින් නොසිටිනු ඇත.

මේ සටහන අසුබවාදි භවතශීය එකක් යැයි කෙනෙකුට පිතිය හැක. එහෙත් සොබාදහම හා අනෙකුත් ජීවින් නොසලකා මිනිස් වර්ගයා යන ගමන එසේ නිමා විය හැකි බවට විද්වතුන් දැනටමත් අනතුරු හඟවා තිබෙන බව නම් ඇත්තකි. 

සූඩාන්ගේ කතාව

මෙසේ පෘතුවියෙන් සමුගත් අන්තිම සුදු පිරිමි රයිනෝවාගේ නම සූඩාන්ය. ඌට සූඩාන් යන නම ලැබුනේ ඌගේ නිජබිම සූඩානය වූ නිසාය. බොහෝ මිනිසුන් තම ජීවිතයේ අවසාන කාලය ගත කිරීමට තම උපත් ප්‍රදේශයට පැමිණිමට කැමැත්තක් දක්වනවා සේ සූඩාන් ද සූඩානයට පැමිණියේය. ඒ චෙක් ජනරජයේ සත්වෝද්‍යානයක වසර තිහක් ගත කිරීමෙන් පසුවය. සූඩාන් මිය යන විට ඌගේ වයස අවුරුදු 49 කි. අවුරුදු 49 න් අවුරුදු 30 ක් තම සුපුරුදු වන වාසයෙන්ද, භූමියෙන්ද පැහැරගෙන ගොස් කොන්ක්‍රිට් සිරගෙයක ආරක්ෂාව යටතේ දිවි ගෙවු මේ අසරණයාට තම සහජ ශක්තින්ද චර්යාද අහිමි වීම කොයිතරම් අපරාධයක්ද.

සත්තු වත්ත මා කුඩා කළ මට සොඳුරු තැනක් වුවද තරුණ වියට එද්දී එය තව දුරටත් නැරඹීමට යාම මට කළ නොහැකි දෙයක් විය. තම භූමියෙන් ජීවන පරිසරයෙන් පැහැරගෙන සිරගත කරනු ලැබු සත්තුන් දැකීම තව දුරටත් මට ප්‍රිතියක් නොවීය. මිනිසෙකු ලෙස ඔබව අන් අයට නැරඹීම සඳහා කොන්ක්‍රිට් කාමරයක සිරගත කොට තැබුවහොත් ඔව් මුළු ජීවිත කාලයක් පුරා ඔබට එසේ සිටීමට සිදුවුවහොත් ඔබට කුමක් දැනේවිද ?

සතුන්ට එවැනි හැඟීම් දැනිම් නෑ. ඒ නිසා කමක් නැතැයි ඔබ කියනු ඇත. නමුත් තවමත් මාංශ භක්ෂණයෙන් මුළු මතින් ඉවත්ව නැති වුවද මගේ හදවත සතුන් කූඩු තුල දකින්නට කැමැති නැත. විද්‍යාව තාම දියුණු නෑ. සූඩාන් මිය යාමට පෙර ලොව පුරා සත්ව පර්යේෂකයින් සූඩාන් ලබා නව සුදු රයිනොවෙක් ලබා ගැනීමේ උත්සහයන් රාශියක් ගනු ලැබුවත් ඒවාත් අසාර්ථක වුණා. සුදු ගැහැනු රයිනෝවන් සමඟ ලිිංගිකව එක් වීමට තරම් හැකියාවක් අවසන් කාලය තුළ සූඩාන්ට තිබුනේ නෑ.

ඒකට හේතුව ලෙස වෛද්‍යවරුන් ඉදිරිපත් කර තිබුනේ වසර ගණනාවක් කොන්ක්‍රිට් කාමරයක ඒකාකාර උෂ්ණත්වයක් යටතේ හිරකර තැබීමෙන් සූඩාන්ගේ ශුකානු ශක්තියද හීන වී ගොස් තිබුනු බවයි. රයිනොවන්ට මරු කැඳවීමඅපේ රටේ පමණක් නොව ලොව පුරා ද දළ ඇතුන් මරණයට පත්වන්නේ උන්ගේ දළ නිසයි.

ඒ වගේම ලොව පුරා රයිනෝවන් මරා දැමුනේ, දමන්නේ උන්ගේ අං හා අස්ථි කොටස් වලට විශාල ඉල්ලූමක් පවතින නිසායි. සූඩාන් ට කොමාන්ඩෝ භටයින් විස්සකගේ ආරක්ෂාව සපයා තිබුණත් කුරිරු දඩයම් කරුවන්ගෙන් ඌ රැක ගැනීමේ පියවරක් ලෙස ඌගේ අං කපා දමා තිබුණු බවයි වාර්තා වෙන්නේ.

මුදල් පසු පස හඹායන ලොවක අලි ඇතුන් රයිනොවන් යන දැවැන්තියින් ද අසරණ බව ඉන් කියාපානවා. සූඩාන් මිය ගියද සුදු රයිනොවන් බිහිකර ගැනීමේ සටන විද්වතුන් අත්හැර නැති බවයි වාර්තා වෙන්නේ. ඇත්තටම විද්‍යාව විසින් සොයාගත යුතු වන්නේ මිනිසුන්ට සොබාදහම සමඟ සාංඝිකව ජීවත්වෙන්න කියලා  දෙන, නැත්නම් පොළඹවන ඖෙෂධයක්. එහෙම වුනොත් හුඟාක් දේවල් වගේම මේ පෘතුවියේ ජීවය ආරක්ෂා කරගන්න විද්‍යාඥයන්ට මේ හැටි මහන්සි වෙන්න  ඕනි නෑ.

මොන තරම් මිනිස්සු තමාට වඳ දුන්නත් සූඩාන් තමන්ගේ ආරක්ෂකයින් සමඟ ඉතාමත් ලෙන්ගතුව ජීවත් වු බව පැවසෙනවා. ඒ ආදරය කොතරම් ද කියලා මේ ඡායාරූප අපට කියනවා. කිතුනුවන් අදහන්නේ මිහිපිට සිටින සද්දන්තයන්ගේ සිට ක්ෂද්‍ර ජීවියා දක්වා දේව මැවිල්ලක් බවයි ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම දේව අභිමතය බවයි. එසේ නම් මෙලෙස ජීවින් මිහිපිටින් අතුරුදහන් කිරිමට ඉඩ සලසන මිනිස් ක්‍රියාකාරකම් යනු අපරාධ ලෙස සලකා ක්‍රියා කිරීම කිතුනු යුතුකමක්.

6cac3e4af71ab8dda6dba234a97e4887පංකජ

jesustodaysl 2 වන වසර 5 වන සතිය 2018 අප්‍රේල් 08

Comments powered by CComment