මේ තත්වය නිසා මීගමු කලපුවේ මාළු වලට ඇති ඉල්ලූම අනාගතයේදි අඩු වී යාමට හැකි තත්වයක් උදාවන බව පරිසරවේදිහු ප්‍රකාශ කරයි. කලපු ජලය හා මිශ‍්‍රවන රසායනික කලපු මත්ස්‍යයින්ගේ ශරීරවලට එකතුවීම නිසා මීගමු කලපුවේ මත්ස්‍යයින් පරිභෝජනයට නුසුදුසු සේ හැදින්වීමට සිදුවීම මේ ප්‍රශ්නයට විසදුම් සෙව්වේ නැත්නම් අනිවාර්යෙන්ම සිදුවීමට ඉඩ තිබේ.

මීගමු කලපුව රැකගැනීම සඳහා දිවි හිමියෙන් කැප වී ක්‍රියාකල ඇදහිල්ල අද මියගොස් ඇති බව පෙනේ. එවැනි අතිශය බරපතල ඛේදවාචකයකි. මීගමුවේ පවතිනවා යැයි කියන සවිමත් කිතුනු ඇදහිල්ල බිඳ වැටීමකි.

මීගමු කලපුව රැකගැනීමේ සටන් ඉතිහාසය මෙරට ක්‍රිස්තියානිෙය් සුවිශේෂි මැදිහත්වීමක් පෙන්නුම් කළ එකකි. කලපු දූපත්වල හෝටල් ඇරඹීමට විරුද්ධව ”කලපුව අපේ අම්මා” ලෙස නම් කොට ඇරඹි ව්‍යාපාරය කලපුවේ පොලිතින් ඉවත් කිරීම, කඩෝලාන වැවීම ආදි ක්‍රියාමාර්ග වල සිටම ක්‍රියාත්මක වූයේ කලපුව දෙවිදුන් මීගමුවට දුන් ජීවිත තිලිණය ලෙස සලකමිනි. එදා ඒ පටන ජයගත්තේ ධනවතුන් හා ධනවතුන් හා අත්වැල් බැදගත් ඇතැම් සභා නායකයින්ගේ අඩතේට්ටම් මැදයි.

ඉන්පසු සී ප්ලෙන් ව්‍යාපෘතියට එරෙහි සටන කලපුව, මතු නොව ශී‍්‍ර ලංකාවේ පරිසර සටන් ඉතිහාසයේම සුවිශේෂි සළකුණක් සටහන් කළේය. රාජපක්ෂ රෙජිමයට ඉහළින් කාක්කෙක්වත් පියාඹන්නේ නැති වැනි යුගයක සෘජුවම රාජපක්ෂ මැදිහත්වීම ඇති ව්‍යාපෘතිය පරාජය කරන්නට ජනතාවට හැකි වුයේ සභානායකයින් එය ජයගත නොහැකි සටනක් යැයි කියද්දීය. ඒ ඇදහිලලේ ගැඹුරු පියවරකි.

දැන් මීගමු කලපු පද්ධතිය තැනින් තැන විනාශ කරමින් තිබේ. සංවර්ධනයේ නාමයෙන් එය සිදු වේ. සූක්ෂම ලෙස පියතුමන්ලාව දිනා ගනිමින් එය සිදු වේ.

මෑතකදි අනාවරණය වූ ආකාරයට මීගමු කලපුව අද ශ‍්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය හා පොලිතින් අපද්‍රව්‍ය වලින් වැඩියෙන්ම දූෂණයට ලක් ව ඇති කලපුවයි.

කලපුවට බැහැර කරන අපද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය හැරුනු විට මීගමු කලපුව තර්ජනයට ලක්ව තිබෙන තවත් ප්‍රශ්නයක් තිබේ. එනම් මීගමුව කලපුවට ජලය එකතු කරන ප්‍රධාන ජල මූලාශ‍්‍ර දෙක වන දඩුගම් ඔය හෙවත් අත්තනගලූ ඔයත්, ජා ඇලින් කලපුවට වැටෙන ඌරුවල් ඔයත් කර්මාන්ත ශාලා වලින් පිටවන අපද්‍රව්‍යන්ගෙන් හොඳ හැටි දූෂණය වී කලපුවට එකතු වීමයි.

මේ තත්වය නිසා මීගමු කලපුවේ මාළු වලට ඇති ඉල්ලූම අනාගතයේදි අඩු වී යාමට හැකි තත්වයක් උදාවන බව පරිසරවේදිහු ප්‍රකාශ කරයි. කලපු ජලය හා මිශ‍්‍රවන රසායනික කලපු මත්ස්‍යයින්ගේ ශරීරවලට එකතුවීම නිසා මීගමු කලපුවේ මත්ස්‍යයින් පරිභෝජනයට නුසුදුසු සේ හැදින්වීමට සිදුවීම මේ ප්‍රශ්නයට විසදුම් සෙව්වේ නැත්නම් අනිවාර්යෙන්ම සිදුවීමට ඉඩ තිබේ.

මීගමු කලපුවෙන් යැපෙන සාතිශ්‍ය බහුතරය කිතුනුවන්ය. කිතුනු සභාවන්ට මේ කිතුනුවන්ගෙන් සැලකිය යුතු සම්මාදමක් ලැබේ. එහෙත් ඒ සා දායක මුදල් වලින් කිතුනු සභා කලපුව රැක ගැනීමට කිසිවක්ම වැය නොකිරීම සැබැවින්ම පාපයකි. දෙවියන්ට දෙන කොටසින් කොටසක්වත් දෙවියන් දුන් කලපුව රැකගැනීමට වැය කළ යුතුය.

jesustodaysl 2 වන වසර 4 වන සතිය 2018 අප්‍රේල් 01

 

 

Comments powered by CComment