මුතුරාජවෙල යනු පරිසර පද්ධති රැසක එකතුවකි. වගුරු බිම්, කඩොලාන, තෘණ භූමි, ලවන ජලය හා මිරිදිය ජලය සහිත ඇල මාර්ග (හැමිල්ටන් ඇල හා ඕනන්ද ඇල* තෘණ භූමි, ගංගාගාශ‍්‍රිත වනාන්තර, පඳුරු වනාන්තර ආදිය එහි දැකිය හැකිය. මේ සා සුවිසල් ජෛව විවිධත්වයක් ඇති මුතුරාජවෙල විනාශයට පත් කිරිම යනු දැවැන්ත පාප කර්මයකි.

2018.03.23 සිකුරාදා සිංහල පුවත්පත් බොහොමයක මුල් පුවත වූයේ මුතුරාජවෙල නීති විරෝධි ඉදි කිරිම් ජනපති දහනම් කරයි යන්නයි. රැස පුවත්පත එය වාර්තා කර තිබුනේ මෙසේය.

මුතුරාජවෙල අභය භූමි ප්‍රදේශෙය් කෙරෙන ඉදිකිරීම්, ගොඩකිරිම් ඇතුළු පරිසරය විනාශයට හේතු වන සියලූ කි‍්‍රයාකාරකම් වහාම තහනම් කිරිමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් තී තිබේ.

ඊයේ (22* එම ප්‍රදේශෙය් නිරීක්ෂණ චාරිකාවක නිරත වු ජනාධිපතිවරයා, අභය භූමියේ ඉඩම් කොටස් ගොඩකිරිම් සඳහා යම් රාජ්‍ය ආයතනයක් මගින් දැනට කුමන හෝ අවසරයක් ලබා දී ඇත්නම් ඒ සියල්ල අහෝසි කිරීමට ද උපදෙස් දී ඇත.

මෙරට වැදගත් තෙත්බිම් පද්ධතියක් වන මුතුරාජවෙල අභය භූමිය ආශ‍්‍රිතව සිදු කෙරෙන පරිසර විනාශයන් පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළ කෙරුණු අතර, ඒ පිළිබඳඅවධානය යොමු කර ඇති ජනාදිපතිවරයා මෙම නිරීක්ෂණ චාරිකාවෙන් පසු ප්‍රදේශෙය් මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානින් සමඟ විශේෂ සාච්ඡාවකට එක්වෙමින් ඉහත තීරණය ගෙන තිබේ. සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් වූවද, අභ්‍ය භූමියට පාරිසරික බලපෑම් ඇති කරන්නේ නම් එහි ගොඩකිරිම් සහ ඉදිකිරිම් සඳහා ඉඩදිය නොහැකි බව සාකච්ඡුාවේදි අවධාරණය කර ඇති ජනාධිපතිවරයා, මෙම ක‍්‍රියා පිටුපස දේශපාලන බලවේග තිබේ නම් ඒවාට එරෙහිවද නොපැලිඛිව කටයුතු කරන බව පවසා ඇත.

මුතුරාජවෙල අභ්‍ය භූමි ප්‍රදේශෙය් සිදු කෙරෙන පරිසර විනාශයන් මැඩලීම සඳහා එම ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහ ප්‍රවේශ මාර්ගවලට මාර්ග බාධක යෙදීමටද ජනාධිපතිවරයා මෙහිදි පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇත. ප්‍රදේශය තුළ ඉඩම් ගොඩකිරිම් සඳහා පස් ලබාදෙන ස්ථානවලට භූ විද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශය මගින් බලපත‍්‍ර නිකුත් කර තිබේ නම්, ඒවාද වහාම අවලංගු කිරීමට ජනාධිපතිවරයා මෙහිදි නියෝග කර ඇත.

රැස පුවත්පත් මෙන්ම සියලූ පුවත්පත් වාර්තා බැලූ බැල්මට පෙනී යන්නේ ජනාධිපති තුමා මේ ප්‍රශ්නය පිළිබඳ මාධ්‍ය වාර්තා දැක එතුමාගේ පඬුපුල් ආසනය උණුවී මේ ක්‍රියාමාර්ගය ගත් බවයි. නමුත් ජනාධිපතිවරයාගේ මෙන්ම මාධ්‍යයේද අවධානයට මේ ප්‍රශ්නය ගෙන ඒම සඳහා මුතුරාජවෙල රැකගැනීම සඳහා ව්‍යාපාරය සිදු කළ දැවැන්ත සටන හේතු වූ බව මේ වාර්තා සඳහන් නොකිරීම විශාල අඩුවකි.

සැබැවින්ම මෙහි සිරස් තලය විය යුත්තේ මෙයයි,

මුතුරාජවෙල රැකගැනීමේ සටනේ ප්‍රතිඵලයක් ලෙස,

ජනපති මුතුරාජවෙල නීතිවිරෝධි ඉදිකිරිම් නතර කරයි.

මුතුරාජවෙල විනාශයට ප‍්‍රධාන වග උත්තරකරුවා වන්නේ පරිසර ඇමතිවරා ලෙස ජනපතිවරයා හා ඊට අදාළ අනෙකුත් අැමතිවරැය. එසේම රාජ්‍යය ආයතන ගණනාවක පරිසර රැකීම පිළිබඳ පඩි ලබන නිලධාරින්ය. ප්‍රදේශෙය් දේශපාලකයින්ය. මන්ද, මුතුරාජවෙලා රැකගැනීමේ ව්‍යාපාරය මෙම විනාශය පෙන්වා දුන්නේ ජනවාරි මාසයේ සිටය. ඒ ගැන බලධාරින් වගකිව යුත්තන් කි‍්‍රයා නොකළේය. නමුත් ගමේ පරිසරයට ආදරය කළ මුතුරාජවෙල රැක ගැනීමේ ව්‍යාපාරයේ සභාපති අනිල් ජයමහ හා ලේකම් සේනාරත්න වනසිංහ හා ඇතුළු කීප දෙනෙකු දිගින් දිගටම කළ සටහනේ ප්‍රතිඵලයක් ලෙස මේ ජයග‍්‍රහනය ලැබුනු බව ඔවුන්ට ගෞරවයක් ලෙස සටන් කළ යුතුය.

jesustodaysl. හි අපි මේ ජයග්‍රහනය ගැන සුභ පැතු විට අමල් ජයමහ පැවසු කරුණු මෙසේය.

”සටන ඉවර නෑ. එය දිගින් දිගටම පවතින සටනක්. මේ එක් පියවරක් පමනයි. අදින් පසු අත පය අහුලාගෙන පැත්තකට වී සිටිය නොහැකියි. මීට පෙර මුතුරාජවෙලට කුණු දැමීමේ අවස්ථාවේ තමයි අපි මේ සටන පටන් ගත්තේ. අපිට සටන් කරන්න වෙලා තිබෙන්නේ මැතිඇමතිවරු නිලධාරින් තමන්ගේ යුතුකම් ඉටුනොකරන නිසාය.
කුණු දැමීමේ ප්‍රශ්නය අවස්ථාවේදි මේ ව්‍යාපාරය ආරම්භ කරන කොට ලොකු තල්ලූවක් ගරු පියවරුන්ගෙන් හා පැවිදි සොයුරියන්ගේ අපට ලැබුනා. එහිදි අපි අධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මගින් මුතුරාජවෙල විනාශයට වැට බඳින්න ක්‍රියා කළා. කනගාටුවෙන් වුනත් කිව යුතු දේ තමයි මේ අනවසර ගොඩකිරිම් සිදුවුනේ ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයත් තිබීයදීත් වීම ඒකෙන් පේනවා පරිසරය රැක ගැනීම කොතරම් අපහසු කාර්යයක් ද කියන එක. පරිසර විරෝධි ක්‍රියා කරන අයට කොතරම් බලයක්, ධනයක් තිබෙනවාද කියන එක,

මේ අරගලය කරගෙන යාම පහසු කාර්යයක් නෙවෙයි. තර්ජන, ගර්ජන මෙන්ම මුදලින් අපව යටපත් කිරිමද බොහෝ උත්සහයන් තිබෙනවා. නමුත් අපි හැදී වැඩුනු අපගේ පැවැත්මට දෙවිදුන් දුන් තිළිණයක් වන මේ පරිසර පද්ධතිය රැක ගැනීම අපේ යුතුකමයි. ඒ වෙනුවෙන් මාත් සමඟ අපි හතර දෙනෙක් ප්‍රමුඛව වැඩ කරනවා. මේ පරිසර පද්ධතිය වටා සිිටින සියලූ ජනතාව එකාවන්ව පෙළ ගැසෙනවා නම් පරිසරය රැුක ගැනීම කළ හැකි දෙයක්.”

පසුබිම් කථාව,

මුතුරාජවෙල තෙත්බිම් අක්කර 406 ක් ගොඩකර නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරිම සඳහා රජය පෞද්ගලික සමාගමකට පැවරු බව පුවත්පත් වාර්තා කර තිබුණා.

පුරන් කුඹුරක් සේ සැලකෙන මෙම ඉඩම ගොඩ කිරීමට අවසර දී ඇත්තේ ගොවිජන සේවා දෙපාර්තුමේන්තුවයි.

තුඩුව, බෝපිටිය, කුංජවත්ත යන ග්‍රාම නිලධාරි කොට්ඨාශවලට අයත් පර්චස් 65102 ක් සඳහා පර්චසයක් රු 500 බැගින් රු 325 51000 ක මුදලක් අදාල පෞද්ගලික සමාගම ගොවි ජන සේවා දෙපාර්තුමේන්තුවට ගෙවා ඇත. එසේ පවරා දී ඇත්තේ නීති විරෝධිවය.

අප මීට පෙරද jesustodaysl. හරහා මුතුරාජවෙල ගැන කථා කළ ”මුතුරාජවෙලට චෞර බැල්ම” යන මැය යටතේයි. මුතුරාජවෙල මීගමු කලපු පරිසර පද්ධතිය හා එකට ගත් විට දැවැන්ත පරිසර පද්ධතිය. බ්‍රිතාන්‍ය ජාතිකයින් පවා අති සංවේදි පරිසර පද්ධතියන් ලෙස සංරක්ෂණය කළ යුතු බව පෙන්වා දුන් පරිසර පද්ධතියක්.

මුතුරාජවෙල යනු පරිසර පද්ධති රැසක එකතුවකි. වගුරු බිම්, කඩොලාන, තෘණ භූමි, ලවන ජලය හා මිරිදිය ජලය සහිත ඇල මාර්ග (හැමිල්ටන් ඇල හා ඕනන්ද ඇල* තෘණ භූමි, ගංගාගාශ‍්‍රිත වනාන්තර, පඳුරු වනාන්තර ආදිය එහි දැකිය හැකිය. මේ සා සුවිසල් ජෛව විවිධත්වයක් ඇති මුතුරාජවෙල විනාශයට පත් කිරිම යනු දැවැන්ත පාප කර්මයකි.

වැඩි විස්තර සදහා බලන්න මුහුණු පොතේ -  (Save Muthurajawela) 

jesustodaysl 2 වන වසර 3 වන සතිය 2018 මාර්තු 25

Comments powered by CComment