පාස්කුව හෙවත් එතෙරවීම සොබාදහම තුළම දොවදුන් අන්තර්ගත කර ඇත්තේ මූල්ම පාස්කු මංගල්‍යයේ සැමරුම් නිමිත්ත පරිසරයේ සිදුවන එතෙවීමකි. එනම් කටුක ගිම්හානයෙන් සොඳුරු වසන්තයට එළඹී ආරම්භයේදි පාස්කු මංගල්‍ය ලෙස සැමරුනි.

චතාරික සය තුළ කිතුනුවන් පශ්චාන්තය වෙත යොමුවෙයි පශ්චාත්ය තුළින් සැබෑ සිත් හැරීමක් අත්දැකිම ඉතා වැදගත්ය. එහෙත් අපගේ පශ්චාන්තායික මෙහෙයන් තුළ ද අප තුළ සිදුවිය යුතු පාරිසරික සිත් හැරීම අවධානයට ලක් නොකෙරේ.

 

මෙම ලියුම්කරු මෙම තෙවන ඇස ලිපි තුළින් අපි සොබාදහමට විරුද්ධව කරන පාප ගැන පසුතැයි යුතු බවත් ඒ ගැනද පාපොච්චරණය කළ යුතු බවත් සටහහන් කරනු ලැබුවේ මීට වසර 15 කට පමන පෙරදීය. නමුත් අපගේ ජනවන්දනා, දේව වන්දනා පිලිවෙත් අතර ඒ දේ එකතු කරගැනීමට නිල වශයෙන් කටයුතු කිරීමක් තවම සිදු වී නැත.

ප්‍රැන්සිස් සුදතුම් පියතුමා වේ ප්‍රශංසා විශ්ව ලේඛනයේ මෙසේ සඳහන් කර ඇත.

අප එකිනෙකා පෘථිවිය වෙත හානි පමුණුවා ඇති ආකාර පිළිබඳව පසුතැවිලි වීමේ අවශ්‍යතාවයි. “අප සියලුදෙනා සුළු හෝ පරිසර හානියක් උපදවා ඇති බැවින්, සුළු වශයෙන් වේවා, විශාල වශයෙන් වේවා, අප මැවිල්ල විරූපකිරිමට හා විනාශ කිරීමට දායක වී ඇති බව පිළීගත යුතුය. “එතුමා මෙය යළි යළිත් ස්ථීරව, ඒත්තු ගන්වන ආකාරයෙන් ප්‍රකාශ කර ඇත්තේ, මැවිල්ලට එරෙහිව අප විසින් සිදු කරන ලද පාපි ක්‍රියා පිළිගන්නා ලෙස අපට අභියෝග කරමිනි. “මිනිස් වර්ගයා දේව මැවිල්ලේ ජෛව විවිධත්වය විනාශ කිරීම, දේශගුණික විපර්යාස ඇති කිරීමට තුඩු දෙන්නා වු ස්වාභාවික වනාන්තර පොළොවට අහිමි කිරිම මඟින් නැතහොත් වගුරු බිම් විනාශ කිරීම මගින් පෘථිවියේ ඒකාග්‍රතාව පහත හෙලීම, පොළොවේ ජල සම්පත්, භූමිය, වාතය හා එහි ජීවින් ද දූෂණයට ලක් කිරීම, මේවා පාප කර්ම වෙයි. “මන්ද යත්, “ස්වාභාවික ලෝකයට එරෙහිව අපරාධයක් සිදු කිරිම, අපටම විරුද්ධව මෙන්ම දෙවියන් වහන්සේට විරුද්ධව ද සිදුකෙරෙන පාපයක් වන බැවිනි”

පාරිසරික සිත් හැරීම සිත් හැරීමේ අත්‍යවශය්‍ය කොටසක් බව ඔබට වැටහෙනු ඇත. ඉතා දිගුකලක් අපි වැරදි ලෙෂස පාපය ලෙස සොබාදහමට විරුද්ධව කරන පව් හඳුනාගෙන නොතිබීම නිසා මෙකි පාරිසරික සිත් හැරීම අපිට ආගන්තුක වූවත් අප වහා එය අපගේ පශ්චාත්තාපය තුළට පාපොච්චරණයට එක් කරගත යුතුය.

සුදතුම් පියාණන් මේ ගැන තව දුරටත් මෙසේ ප්‍රකාශ කරති.

“ලෝකයේ අභ්‍යන්තර කාන්තාර, සීමා මායිම් ඉක්මවා විශාල වීමේ හේතුවෙන්, බාහිර කාන්තාර වැඩී වර්ධනය වෙමින් පවතී” එහෙයින්, පාරිසරික අර්බුදය ද, ගැඹුරු අභ්‍යන්තර සිත් හැරීමක් සඳහා කෙරෙන කැඳවීමක් වෙයි. කැපවු හා යාච්ඤාශීලි ජීවිත ගත කරන ඇතැම් කිතුනුවන් පවා, යථාර්ථවාදය හා උපයෝගිතාවාදය හේතු වශයෙන් දක්වමින්, පරිසරය වෙත සැලකිල්ලක් දක්වන ක්‍රියාකාරකම් හෙළා දැකීමට නැඹුරු වෙයි. අනෙක් අය අක්‍රිය. ඔවුහු තම පුරුදු වෙනස්කර ගැනීමට අකමැතිව, අස්ථීර තත්වකට පත්වෙති. එබැවින් අප සියල්ලන්ටම අවශ්‍ය වනුයේ ”පාරිසරික සිත් හැරීමකි”

 

jesustoday 51 සතිය 2018 පෙබරවාරි 18

 

Comments powered by CComment