2018 වර්ෂය එළඹුනේ පාරිසරිකව වැදගත් තීන්දුවක් ක්‍රියාවට නැංවීම අරඹමිනි. ප්‍රතිචක්‍රීකරණය නොවන සිලි සිලි බෑග්, ලන්ච් ෂීට් හා රිජිෆෝම් තහනම ක්‍රියාත්මක පරිසර දූෂණය අවම කිරීමට ගත් වැදගත් පියවරකි. පොලිතින් භාවිතය අප රට ද වෙලාගත් ඉතා දරුනු පරිසර ප්‍රශ්නයකි. එය මිනිස් ජීවිත පමණක් නොව සතා සිව්පාවා පමණක් නොව මුහුදු ජීවින් පවා විනාශ කරන දැවැන්ත ප්‍රශ්නයකි.

 

පොලිතින් ලෝකයේ බහුල වශයෙන්ම භාවිතා කරන ප්ලාස්ටික් වර්ගයකි. ඔබ මේ ලිපිය කියවන මොහොතේ හාත්පස නිරීක්ෂණය කලොත් පොලිතින් හා ප්ලාස්ටික් වර්ග කොපමණ අප එදිනෙදා භාවිතා කරනවාදැයි දැකිය හැකිය.

 සාමාන්‍යයෙන් පොලිතින් වර්ග දිරාපත් වීමට ගත වන කාලය වර්ෂ 500-1000 අතර වේ.
 පොලිතින් බෑග් ලෝකය තුළ ප්‍රතිචක්‍රීකරණය වන ප්‍රතිශතය 0.1-0.3% ක් පමණි. එනම් 99.7% ක්ම ප්‍රතිචක්‍රීකරණය නොවේ.
 වාර්ෂික පොලිතින් බෑග් ප්‍රමාණය ටි්‍රලියන 5 කි. (5 000 000 000 000 කි) එය ලෝක ජනගහනය මෙන් දහස් ගුණයක් පමණ වේ.

මේ තහනම මගින් යම්කිසි පමණකට පොලිතින් අවභාවිතයේ හානි මඟ හරවා ගැනීමට හැකි වනු ඇත.

නමුත් ජනතාව ලෙස එයට අප දක්වන සහයෝගය මත මේ පියවර ඉදිරියට යනු ඇත. මන්ද තහනම් කිරීමෙන් ඔබ්බට ගොස් පරිසර හිතකාමි ජීවිත පැවැත්මක් ගොඩනගා ගැනීමට ජනතාවක් ලෙස අපි තීන්දු තීරණ ගත්තේ නැත්නම් මේ ආරම්භය අර්ථවත් අවසානයක් කර ගෙන යාමට නොහැකි වනු ඇත.

කිතුනු ජනතාවක් ලෙස මෙම යහපත් පියවර හා ඉන් ඉදිරියට යාම පිළිබඳ සංවාදයක් සිදු කිරීම යුගයේ යාච්ඥාවක් වන්නේය. එම ක්‍රියාකාරි යාච්ඥාව සඳහා සභාවන්ගේ සියළු ස්ථිරයන්ගේ සහභාගීත්වය අවශ්‍යය.

මේ ලියුම්කරු මංගල්‍ය සඳහා පොලිතින් සැරසිලි තහනම් කරන ලෙස විවෘත ඉල්ලීමක් සභාවන්ගේ නායකත්වයන්ගෙන් ඉල්ලා සිටියේ වර්ෂ 15 කටත් පෙරය. ඒ භක්ති ප්‍රබෝධනය සඟරාාවේ තෙවෙනි ඇස ලිපි පෙළෙනි.

අවමංගල්‍යයන් වලදි පොලිතින් සැරසිලි වලින් මිදීමට ජනතාව තීරණය ගත යුතු බවද ඒ සඳහා කිතුනු ඒකක දේවස්ථාන සභා මට්ටමින් රෙදි සැරසිලි සකසාගන්නැයි ද අප ඉල්ලිම් කළෙමු.

ඒ ඉල්ලිම් නැවත සිදු කරමින් අප ඉල්ලා සිටින්නේ පරිසරය සුරැකීමට 2018 වසර ආරම්භයේ රටක් ලෙස ගත් පියවරට සභාවන් ලෙස ලංකාවේ සියලු කිතුනුවෝ සහය දැක්විය යුතු බවයි.

පොලිතින් තහනමටත් ඇස්බැස්ටොස් තහනමට වු කල යයිද ? මේ තහනමත් තව ටික දවසකින් ඉවත් කරාවිද? වැනි සෘණාත්මක සිතුවිලි වලින් මිදි. තහනම තිබුණත් නැතත් අප පොලිතින් අවභාවිතාවයෙන් මිදීමට දෙවිදුන් තුළ තීරණයක් ගනිමු. පෞද්ගලිකවද, සාමුහිකවද,


jesustoday 49 සතිය 2018 පෙබරවාරි 04

 

 

Comments powered by CComment