සුවපත් සමාජයක් සඳහා අවශ්‍ය වන්නේ පරිසරය සුරැකිම නොව යහපත් සෞඛ්‍ය සේවාවක් නොවේදැයි කෙනෙකුට ප්‍රශ්නයක් මතු විය හැක. සෞඛ්‍ය සේවාව යොමුව වී ඇත්තේ රෝගී වුවත් සුපවත් කිරිම සඳහාය. යහපත් පරිසරයක් පැවැතීම අවශ්‍ය වන්නේ රෝගී වීම වළක්වා ගැනීමටයි. ප්‍රතිකාරයට වඩා වළක්වා ගැනීම සෑම අතින්ම වඩා වැදගත් වේ.

සුවපත් සමාජයක් යනු කුමක්ද? සුවපත් සමාජයක් යනු සුවය ලැබු සනිපයෙන් සිටින පාපයෙන් සිටින මිනිසුන් සහිත සමාජයකි. නිරෝගී මිනිසුන් සිටින සමාජයකි. මෙහිදි එකි සුවය ශාරිරිකවද, මානසිකවද, අධ්‍යාත්මිකවද අත්විඳිය යුතුය. ශාරීරිකව රෝගි වු මානසිකව රෝගී වු අධ්‍යාත්මිකව රෝගී වු සමාජයක් යනු මිහිපිට අපායකි. නරකාදියකි.

දෙවියන් වහන්සේ විශ්වය මවා මිනිසා පදිංචි කරවුයේ ඒදන් උයනේය. ඉන් පැවසෙන දේව ධාර්මික පනිවුඩය වන්නේ මිනිසා සුවපත්, ප්‍රීතිමත් තෘප්තිමත් ජීවිතයක් ගත කරනු දැකිම දේව අභිමතය වු බවයි. මැවිල්ල නැමැති පාරාදීසය අද මිනිසා විසින් නරකාදියක් බවට පත්කරගෙන ඇති බව පෙනේ.

සොබාවික පරිසරය, මිනිසා දූෂණයට ලක් කිරිම මගින් පෙරලා දූෂණයට ලක්වන්නේ මිනිසා පමණක් නොවේ. සතා සිව්පවාද ඇතුළු සියලු ජීවින් දූෂණයට ලක් වේ.

මිනිසුන් රෝගී වීම සඳහා ඉතා ප්‍රබල ලෙස වායු දූෂණය, ජල දූෂණය, ගොඩබිම දූෂණය, ශබ්ද දූෂණය ආදිය බලපෑ තිබේ.

වායු දූෂණය හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් ලොව පුරා මරණයට පත් වේ. එය 2008 දි මිලියන 3.2 ක් වු අතර 2012 මිලියන 7 ක් දක්වා ඉහල ගොස් ඇති බව සංඛ්‍යා දත්ත පෙන්වයි. විශේෂයෙන් ආසියානු කලාපය තුල මේ මරණ ප්‍රමාණය ඉතා ඉහලය.

චීනය                     470 649
ඉන්දියාව                 168 601
පකිස්ථානය               45 300
ඉන්දුනීසියාව              25 315
ජපානය                   23 253
දකුණු කොරියා           11 984
පිලිපීනය                  11 014
ශ්‍රී ලංකාව                 882

මූලාශ්‍රය 2008 ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව

නිවාස තුල වායු දූෂණය නිසා මරණයට පත්වන පුද්ගලයින් පිළිබඳව සංඛ්‍යා ලේඛන දෙස බැලීමේදි පෙනි යන්නේ විශාල පිරිසක් ලොව පුරා මරණයට පත්වන බවයි. ලෝකයේ විවිධ කලාපවල පහල හා මධ්‍යම ආදායම් ලබන රටවල ගෘහස්ථ වායු දූෂණය නිසා මිය යන සංඛ්‍යාවන් කලාප කීපයක් මෙසේය.

ආසියානු කලාපය                      16 91 600
බටහිර පැසිපික් කලාපය              16 20 100
අප්‍රිකානු කලාපය                       5 81 30

පොදුවේ පරිසර ප්‍රශ්නය නිසා සිදුවන මරණ පිලිබඳ එක්සත් ජනපද සෞඛ්‍ය බලපෑම් ආයතනය නිකුත් කල වාර්තාවක තොරතුරු පහත පරිදි වේ.

ඉන්දියාව                              26 91 761
චීනය                                  23 98 455
ඉන්දුනීසියාව                          4 52 832
බංගලාදේශය                         3 23 498
පකිස්ථානය                            3 18 430
ජපානය                                1 82 908
ශ්‍රී ලංකාව                                44 771
ජල දූෂණය ගැන සැලකීමේදි ද පෙනියන්නේ ඉහත ආකාරයේ බියකරු චිත්‍රයකි. ජල දූෂණය නිසා මිය යන සංඛ්‍යාව ජනගහනයෙන් 100 000 කට කොපමණද යන්න ගැන ලෝක සෞඛ්‍ය දර්ශක අනුවා මෙසේ හඳුනාගත හැක.

ඇෆ්ගනිස්ථානය               1400
බංගලාදේශය                  340
කාම්බෝජය                    600
බූතානය                        300

ඉහත දක්වා ඇත්තේ සංඛ්‍යා දත්ත නොවේ. පරිසර දූෂණ්‍ය නිසා මිය යන මිනිසුන්ය. දෙවියන්ගේ දරුවන්ය. මේ වනාහි දේව කැමැත්ත නිසා සිදු වන මරණ නොවේ. දේව කැමැත්තට පිටුපා පරිසරය විනාශ කිරිම නිසා සිදුවන මරණයන්ය.

සාගරයට පොලිතින් ප්ලාස්ටික් මුදා හැරිම ඇතුළු, සාගර දූෂණය නිසා අද වන විට පිළිකා වැළදුනු මාළුවන් විශාල ලෙස හමු වේ. මිනිස් ආහාරයට එවන් මාළුවන් ගැනීම සිදු වේ.

පරිසරය දූෂණය නිසා සිදුවන මරණ වලට වග කිව යුත්තේ පොදුවේ මිනිස් සංහතිය වුවන් එහි ප්‍රධාන වග උත්තරකරුවන් වන්නේ සංවර්ධිත රටවල්ය. කාර්මික හා වෙනත් දූෂිත ජලය එක් කිරිම් වලින් 70්‍ර ක් ම සිදු කරන්නේ සංවර්ධිත රටවල් විසිනි. ඇමරිකා එක්සත් ජනපදය පමණක් එවැනි අප ජලය ගැලුම් ටි්‍රලියන 1.2 ක් (12 00 000 000 000 ) වසරකට පරිසරය එකතු කරයි.

වේගවත් සංවර්ධනය වඩ වඩා ලෙඩ රෝග වේගවත් කරන බව පෙනේ. ලොව වේගයෙන් සංවර්ධනය වන රටවල් දෙකක් වන චීනය හා ඉන්දියාවේ පරිසර දූෂනය ආශ්‍රීත මරණ හා ලෙඩ දුක්හි ඉහල වර්ධනයක් පවතින පව පෙනේ.

සංවර්ධනයේ නාමයෙන් ඉඳිවන මහා නගර මිනිස් ජීවිතයට හිතකර පරිසරයක් නොවන බව අප සියලු දෙනා තේරුම් ගත යුතුය. අද ලොව විශාල නගර සියල්ලම පාහේ පරිසර දූෂණයේ කෙම්බිම් බවට පත්ව තිබේ.

ලොව පුරා සිදුවන මේ ගැනිය නොහැකි පරිසර විනාශය නවත් වන්නේ නැත්නම් ලෝකටයම ලෙඩ රෝග වලින් මිය යාම වැලැක්විය නොහැකි වනු ඇත. ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පමණක් සැලකිල්ලට ගත්ත ද අපට මේ යථාර්ථය අවබෝධකරගත හැකි වනු ඇත.

මුළු පෘතුවිතලයම මිනිසාටත් ජිවයටත් නුසුදුසු තැනක් බවට පත්වෙද්දි මේ තත්වයෙන් ලාභ ලබන පිරිසක්ද සිටි. fඖෂධ වෙළෙන්දුන් තම ලාභය වැඩි කර ගැනීම සඳහා පරිසර දූෂණය ආශිර්වාදයක් වී තිබේ. සැලසුම් සහගත ලෙස ලොව පුරා ලෙඩදුක් ව්‍යාප්ත කිරිමට fඖෂධ සමාගම් ක්‍රියාකරමින් සිටින බව එක් වරක් නොව දස දහස් වරක් ඔප්පු වී ඇත.

සොබාදහම සුරැකීම කායික සුවයට පමණක් නොව මානසික හා අධ්‍යාත්මික සුවයටද ඉතා වැදගත්ය. ගහකොල පිරිසිදු ජලය, පිරිසිදු වාතය සහිත පරිසරයකදි මිනිසා විශාල මානසික සුවයක් අත්දකි. අධ්‍යාත්මික ගවේෂණයේ යෙදෙන බොහෝ දෙනාද සොබාවික පරිසරය වෙත ගමන් කරන්නේ එම පරිසරය තුලින් ලැබෙන සුවය අපමණ නිසාය.

මිනිසුන් රෝගී කරන තන්හාව, තෘෂ්ණාව, තරඟය සොබාදහම තුල දැකිය නොහැකිය. සොබාදහම තුල පවතින්නේ ගැඹුරු සහජීවනයේ පැවැත්මෙකි.

සොබාදහම ලංවන අය ඉතා නිරෝගී ජීවිත ගත කරන බව ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. පුංචි පැලයක් සිටුවා ඊට ජලය පොහොර එක් කරමින් එය රැක බලා ගනිමින් වැවෙන්නට සලස්වන විට එය දකින දකින මොහොතක් පාසා අප තුල මානසික අධ්‍යාත්මික ප්‍රීතියක් ඇති වේ. එය ඉතා සුලු නිදසුනකි. මෙලෙස දූෂනය නොවු පරිසරයක් තුල සොබාදහම හා සාංගිකව ජීවත් වීම මගින් සුවපත් දිවියක් අයිති කරගත හැකිය.

පරිසරය සුරැකීමේ වැදගත් කම අවධාරනය කරමින් පළමු ප්‍රැන්සිස් සුදතුම් පියාණන් නිකුත් කල විශ්ව ලේඛනයේ පරිදි අපි අපගේ පොදු නිවහන රැක නොගතහොත් අපි සියල්ලෝ විනාශයට පත්වනු ඇත. ජීවිතයට ආදරේ නම් නිරෝගී බවට පෙම්බඳී නම් පරිසරය සුරකින්න.


jesustoday 47 සතිය 2018 ජනවාරි 21

 

Comments powered by CComment