“මහ රජුගේ පවා ජීවිතය රදා ඇත්තේ කෙතේ අස්වනු මතය” (ධර්මදේශකයා, 5/9)

විශේෂයෙන් මිනිස් සංහතියේ පැවැත්ම රදා පවතින ප්‍රධාන කරුණක් වන්නේ කෘෂි කර්මාන්තයයි. කෘෂි කර්මාන්තය විනාශ වන්නේ ද මිනිසා විනාශ වන්නේය. මිනිසා වර්ගයාගේ ආහාරය මූලිකවම සම්පාදනය වන්නේ කෘෂි කර්මාන්තය ඇසුරිනි. කෘෂි කර්මාන්තය බිඳ වැටෙන විට මානවයා සාගින්නේ මිය යනු ඇත.

 

දැනටමත් අප ජීවත්වන්නේ සාහිගිනි ලොවකය.
වර්තමානය වන විට ලෝකයේ සෑම හයදෙනෙකුගෙන් එක් අයකු කුසගින්නේ නින්දට යන බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි. එපමණක් නොවේ සාගින්න හේතුවෙන් ලොව පුරා දිනකට 25 000 කට අධික පිරිසක් මිය යයි.

මේ ආහාර අර්බුදය වනාහි ජන ගහනය වර්ධනය වීමේ ප්‍රතිඵලයක්ම නොවේ ජනගහන වර්ධනය ආහාර ප්‍රශ්නය උග්‍ර කරයි. කෘෂි කර්මාන්තය සඳහා වැය කළ හැකි ඉඩම් එමගින් සීමා කෙරේ. නමුත් මේ ආහාර අර්බුදය භූමිය වෙනුවට ලාභය මුල් කරගත් මහා පරිමාණ කෘෂි කර්මාන්තයේත්, කෘෂි කර්මාන්තය නොසලකා හරින ඊනියා සංවර්ධනයේත් ප්‍රතිඵලයකි.

ශ්‍රී ලංකාව ගත්විට අප දකින්නේ දිනෙන් දින කෘෂි කර්මාන්තය අත් හරින ගොවින්ය. ගොවි දරුවන්ය. රජයේ කෘෂි ප්‍රතිපත්තිය විලාසිතාකාරි ප්‍රතිපත්තියකි. මැති ඇමතිවරුන්ගේ නිවාස වල සරුවට වවා ඇති ගෙවතු වගා රූපවාහිනියෙන් පෙන්වීම වැනි ප්‍රායෝග මිස පොළවටත් මිනිසාටත් හිතකර කෘෂි කර්මාන්තයක් ගැන සැබැ වැඩ පිළිවලක් නැත. සංචාරක ව්‍යාපාරය, විනෝද කර්මාන්තය, ගුවන්තොටුපල, අධිවේගි මාර්ග වැනි සටෝපකාරි යටිතල පහසුකම් සඳහාත් මිහින් ලංකා වැනි සුදු අලි ව්‍යාපෘති සඳහාත් වැය කරන හා නාස්ති කරන මුදල් සමඟ සසදද්දි කෘෂි කර්මාන්තය ඇත්තේ අත්හැර දැමු තැනකය.

වස විස සහිත ආහාර වගාකිරිම හා වෙළඳ පොළට එවීම අද දවසේ කෘෂි කර්මාන්තය වී ඇත. කාබනික වගාවන්ගේ ආහාර නිෂ්පාදන ඇති හැකි අය සඳහා සීමා වී තිබේ. පුද්ගල හෘද සාක්ෂිය කොතරම් මිය ගොස් ඇති ද යන් වස විස අලවි කිරිම හෘද සාක්ෂීයේ ප්‍රශ්නයක් නොවේ.

’‘බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ” යනුවෙන් කියමනක් ඇතත් අද බත් හා එළවළු කන මිනිසුන්ට කෙතට කමතට වගාවට සිදුවන දේ ගැන කිසිදු හැගිමක් නැති බව රටේ ලොවේ සිදුවන දෙයින් පෙනී යයි.

කෘෂි කර්මාන්තය යනු දෙවියන්ගේ මැවීමේ කාර්්‍යයට එක් වෙමින් මේ පෘතුවියත් එහි ජීවයත් වර්ධනය කර රැක බලා ගැනිමේ කාර්යයි. කෙත ගැන දේවධර්මය වන්නේ එයයි. කෙත වැනසීම වසවිස මුසු ආහාර නිපදවීම කෘෂි කර්මාන්තය අමතර කර දැමිම දේව ද්‍රෝහි කමක්වන්නේ ඒ නිසාය.

jesustoday 46 සතිය 2018 ජනවාරි 14

 

Comments powered by CComment