4

ඉන්දියාවේ නව දිල්ලි හි පැවැත්වෙන ශ්‍රී ලංකා - ඉන්දියා තුන්වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වු නොවැම්බර් 03 වනදා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මුකවාඩම් බැඳ තරඟයට සහභාගී වීම නිසා ආන්දෝලානාත්මක තත්වයක් ඇති විය.

මෙම මුකවාඩම් බැදීමට හේතු වුයේ ක්‍රීඩාංගනය වසාගෙන පැතිරුනු මිහිදුම් වැනි තත්වයකි. එය වායු දූෂණය මත ඇති වන තත්වයක් විය. මෙම තරඟය ඇරීඹීමට සතියකට පෙර සිටම දිල්ලියේ වායු දුෂණය ඉතා ඉහළ මට්ටමකට පැවැති අතර පාසල් 6000 ක් වසා දැමීමට දිල්ලි පාලන අධිකාරිය කටයුතු කරන ලදී. ළමුන් ලක්ෂ 220 කගේ පෙනහළු ක්‍රියාකාරිත්වය බිඳවැටි ඇති බව වාර්තා විය.

යම් ප්‍රදේශයක වාය දූෂණය මනින ඡඵ අගය අනුව ඡඵ 2.5 ට අඩු තත්වයක් පැවැතිය යුතුය. සාමාන්‍යයෙන් ඡඵ අගය 10 දක්වා යහපත් මට්ටමක් සේ සලකනු ලබයි. එහෙත් දිල්ලියේ එම අගය 800 දක්වා ඉහළ ගොස් තිබියදීත් ඉන්දීය නිලධාරින් මෙම තරඟය වෙනස් නොකිරීම කනගාටුදායක තත්වයකි. ශ්‍රී ලංකාවේ බලධාරින් ද එම තත්වය දැන සිටිය යුතු විය. නමුත් මේ කිසිවෙකුටත් පරිසර දූෂණය වැදගත් නැත. වංචා දූෂණ මගින් මඩි තද කර ගැනීම පමණක් වැදගත්ය.

නමුත් නොවැම්බර් මුල දිල්ලියේ මෙම වායු දූෂණය නිසා ලෝ ප්‍රකට යුනයිටඞ් එයාර්ලයින් සමාගම දිල්ලිය වෙත තම ගුවන් වාර නවතා දමන ලදී.

දිල්ලියේ මහා ඇමති කෙජිරිවාල් දිල්ලිය ‘ගෑස් කුටිරයක්’ යැයි හැඳින්විය. ගෑස් කුටිරයක් යනු මිනිසුන් විෂ වායුවෙන් මරණයට පත් කරන ගෑස් කාමරයක් යන්නයි.

ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකයක් ලෙස සලකනු ලබන්නේ චීනය හා ඉන්දියාවයි. එසේම ලේකයේ වඩාත්ම පරිසර දූෂණයට ලක් වන රටවල් දෙක බවටද එම රටවල් පත්ව තිබීම මඟින් සංවර්ධනයේ සැබෑ අරුත පෙනීයයි.

මේ මොහොතේ ලෝකයේ වායු දුෂණය වැඩීම නගර වන්නේ චීනයේ බීජිං හා ඉන්දියාවේ නව දිල්ලියයි. දින ගණන් පවතින විෂ වායු මීදුම් තත්ව මේ නගර විටින් විට වසා ගනී. ඇතැම් විට හිරු එළිය පවා නොවැටෙන තරමට මේ වායු මීදුම් බල පැවැත්වෙයි.

චීනයේ බීජිං ඇතුළු නගර වල හෝටල් හා නිවාස වල වායු පිරිසිදු කිරීමේ යන්ත්‍ර සවිකර ඇති අතර වායු බෝතල් ආනයනය කරනු ලබයි. ජනතාව මුකවාඩම් බැඳ ගමන් කිරීම ඉතා සුලභය.

සංවර්ධනය විසින් ජනතාවට උරුම කර දී ඇත්තේ හුස්ම ගන්න බැරි රටක් නම් එහි අරුත කුමක්ද ? ජනතාවගේ හුස්ම හිර කරවන සංවර්ධනය සංවර්ධනය නොවන බව කියන්නට අවැසිද ?

දිල්ලියේ වායු දුෂණයේ තරම දිනකට සිගරට් 50 ක ඇති විෂ පුද්ගලයෙකුට ලබා දෙන තත්වයක පවතින බව ටෙස්ට් තරඟය අතර වාර්තා විය. එයට විරෝධය දක්වා හෝ ඉන් මිදීමට මුකවාඩම් බැඳිම රටක් අපහසුතාවයට පත් කරන ක්‍රියාවක් වන්නේ නැත.


jesustoday 41 සතිය 2017 දෙසැම්බර් 10

 

 

Comments powered by CComment