මිහිතලය අපගේ වාස භූමිය වන අතර එය දෙවියන් වැඩ සිටින ශුද්ධ භූමියයි. එය විනාශ කිරීම දෙවියන්ට එරෙහි වීමකි. ජංගම දුකරථන දෙක නැතත් සිම් තුන හතරක් අාදි ලෙස විද්‍යුත් උපාංග අධි භාවිතය දියුනුවේ ලක්ෂණ්‍යක් නොවේ. පරිසර ද්‍රෝහි පැවැත්මක ලක්ෂයකි බව වටහාගෙන ක්‍රියා කරමු.

දිනකට මිනිසුන් 25 000 පමණ කුසගින්න නිසා මිය යද්දී ලෝක ආදායමින් 50 % ක් පුද්ගලයින් අට දෙනෙකු සතුවීම පමණක් වූවද ආර්ථික අර්බුදයේ දිග පළල පෙන්වා දෙයි. එසේම ගතවු වසර 50 තුළ පෘතුවී උෂ්ණත්වය සෙල්සියස් අංශක 05 කින් පමණ වැඩිම උත්තර ධ්‍රැවයේ හිම තට්ටුවේ ඝණත්වය 40 % කින් පමණ අඩු වීම පමණක් වුවද පාරිසරික අර්බුදයේ දිග පළල අපට පෙන්වා දෙයි.

මුදල් පසු පස හඹායන ලොවක අලි ඇතුන් රයිනොවන් යන දැවැන්තියින් ද අසරණ බව ඉන් කියාපානවා. සූඩාන් මිය ගියද සුදු රයිනොවන් බිහිකර ගැනීමේ සටන විද්වතුන් අත්හැර නැති බවයි වාර්තා වෙන්නේ. ඇත්තටම විද්‍යාව විසින් සොයාගත යුතු වන්නේ මිනිසුන්ට සොබාදහම සමඟ සාංඝිකව ජීවත්වෙන්න කියලා  දෙන, නැත්නම් පොළඹවන ඖෙෂධයක්.

මේ තත්වය නිසා මීගමු කලපුවේ මාළු වලට ඇති ඉල්ලූම අනාගතයේදි අඩු වී යාමට හැකි තත්වයක් උදාවන බව පරිසරවේදිහු ප්‍රකාශ කරයි. කලපු ජලය හා මිශ‍්‍රවන රසායනික කලපු මත්ස්‍යයින්ගේ ශරීරවලට එකතුවීම නිසා මීගමු කලපුවේ මත්ස්‍යයින් පරිභෝජනයට නුසුදුසු සේ හැදින්වීමට සිදුවීම මේ ප්‍රශ්නයට විසදුම් සෙව්වේ නැත්නම් අනිවාර්යෙන්ම සිදුවීමට ඉඩ තිබේ.

චීන සංවර්ධනයේ දැස් නිලංකාරකරවන මහා ව්‍යාපෘති වලින් වසා දැමෙන එහි අනිත් පැත්ත පෙන්වන එක් දර්ශකයක් බවට චීනයේ වායු දූෂණය හඳුනාගත හැකිය. මේ ඉන් බිඳකි.