අන් දිනවල සවස 7 ට සිදු කරනු ලබන දිව්‍ය පූජාව එදින, එනම් 1987, නොවැම්බර් 10 වන දින සවස 5 ට ආරම්භ කළේය. පියතුමා කියා සිටියේ "අද අපිට දෙවියන් වහන්සේ සමග ගත කිරීමට බොහෝ වේලාවක් උදාවෙයි. මෙය ජීවිත තීරණයක් ගැනීමේ මොහොතකි."

කැනිසියස් ප‍්‍රනාන්දු තම මිතුරන්ගෙන් දිවි පිදු පේදුරුගේ පරපුරට අයත් ගිහි පූජකයෙකි. ඔහුව මරා දැමුවේ ඔක්තෝම්බර් 05 වෙනිදාය. මේ සටහන ඔහුගේ අනුස්මරණය වෙනුවෙනි.

2016 ඔක්තෝම්බර් 5 වනදා ආජන්ටිනාවේ ටුකුමාන් පදවියේ භඑර් ිර් ෘැක ක් ත්‍කදරසා් මීසමේ මීසම් සේවකව සිටි ගරු ජුවාන් හෙරල්ඞ් විරෝචේ පියතුමා මීසම් ගෘහයේ එල්ලී මිය ගොස් සිටියදි හමුවිය. ඒ පිළිබඳ පළමු දේශීය පුවත වාර්තා වන්නේ එතුමා දිවි නසාගෙන ඇත යනුවෙනි. එම නිගමනයට හේතුව කිසිදු බාහිර තුවාලයක් සිරුරේ නොමැිත වීම බවද වැඩි දුරටත් වාර්තා විය.

ව්‍යවස්ථාවලීය, දිවැසියාවලීය හා ජේසු තුමා

ජේසු තුමාගේ මෙහෙවර වුයේ දේව රාජ්‍යයේ ලක්ෂණ සහිත ජීවිත ක‍්‍රමයට අදාල ව්‍යවස්ථාව සම්ූපර්ණ කිරිමයි. දිවැසියාවලිය යනු ඉහතින් සඳහන් කල නිවහල් සමානාතා සමාජ ආර්ථික දේශපාලන පැවැත්මෙන් ජනයා බැහැර වන විට (නැවත අධිරාජ්‍යයේ ලක්ෂණ වැලඳ ගන්නා විට* ඒ නිවහල් සමානතා පැවැත්ම වෙත ජනතාව ගෙන ඒමේ කාර්්‍යභාරයයි. ’‘මම ව්‍යවස්ථාවලිය හා දිවැසිවාවලිය අවලංගු කරනු පිණිස ආවෙමියි නොසිතන්න. මා ආවේ ඒවා අවලංගු කිරිමට නොව සම්පූර්ණ කිරිමටය. (මැතිව් 5/17,18*
සාධාරණත්වයේ ව්‍යවස්ථාව වඩාත් සම්පූර්ණ කිරිම සඳහා පේ‍්‍රමයේ ව්‍යවස්ථාවක් බවට පත් කිරිම උන්වහන්සෙගේ කාර්්‍යය විය. ව්‍යවස්ථාව බොරු පිරුවටයක් කරගෙන ධනබල සමාජ ක‍්‍රමය පවත්වා ගැනීමට එරෙහිව එතුමා නිර්දය විවේකයෙක් විය.