‘තමන්ට පහර දෙනු ලබන විට සහ පාගා දමනු ලබනා විට කෑගෑම හරි දෙයක්දැයි මම නොයෙක්විට කල්පනා කළෙමි. ප්‍රබල අභිමානයක් පාමින් සාවඥ නිහැඬියාවක් මගින් වධකයන්ට පිලිතුරු දෙමින් ඔවුන්ට මුහුණ දීම වඩා හොඳ නොවන්නේද?

ජෙරාර්ඩ් රදගුරු තුමන්ව මරා දැමුනේ වසර 30 ක පමණ ගෞතමාලාවේ පැවැති සිවිල් යුද්ධ කාලයේ සිදු වු අපරාධ පිලිබඳ එතුමාගේ නායකත්වයෙන් යුතුව සකස් කළ වාර්තාව නිකුත් කර හරියටම දින දෙකකට පසුවය. එකී වාර්තාව නම් ගෞතමාලා රජය පත් කළ සංහිදියා කොමිසමට සමගාමීව ගෞතමාලා කතෝලික සභාව පත් කළ අගරදගුරු මානව හිමිකම් කාර්යාලය විසින් සකස් කළ සත්‍ය කොමිශමේ වාර්තාවයි. එම වාර්තාව නම් කර තිබුනේ ගෞතමාලා - නැවත එය සිදු නොවේ යනුවෙනි.

අවුරුදු 32 ක තරුණයෙකු ලෙස ඔහු පූජකවරය තෝරා ගත්තේය. එය කුඩා කල තිබු ආසාවක ප්‍රතිඵලයක් නොව පරිනත හදවතක තෝරා ගැනීමකි. ඒ වන විටත් ඔහුට දෙමළ තරුණයෙකුට නැති අනාගත සුරක්ෂිතභාවයක් තිබුණි. ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙසද, සහය බැංකු කළමනාකරුවෙකු ලෙසද ඔහුට අවැසි නම් දකුණට වී රැකියාව කරගෙන සිටීමටද ඉඩ තිබුණි.

"රාජ්‍ය නායකයන් පාලනය කරනු වෙනුවට කුරිරු වනු වෙනුවට සේවක නායකත්වය පිළිබඳ ජේසු සමිඳුන් ගේ අාදර්ශය තේරුම් ගත්තා නම් යුද්ධ කීයක් වලක්වා ගත හැකිව තිබුණාද ? "

”මිනිසුන් වෙහෙසට පත්වන කාලයක් එනවා. මේ සැන්දැවේ අප රැස්ව සිටින්නේ මෙතෙක් කල් වෙනස්කම් කල අප වෙහෙසෙට පත්ව ඇති බව, කොන් කරනු ලැබීමෙන් අවමානයට ලක් කිරීමෙන් වෙහෙසට පත්ව ඇති බව, පීඩනයේ අමානුෂික පහර දෙනු ලැබීමෙන් වෙහෙසට පත්ව ඇති බව දැන්වීමටය”