මාරවිල හොරගොල්ලේ විසු ඇන්තනි පින්නවල හා විනිප්‍රීඩා පින්නවල විදුහල්පති යුවලගේ දෙටු පූත්‍රයා ලෙස 1951 පෙබරවාරි මස 28 වැනිදා උපත ලද ජයන්ත පින්නවල මාරවිල සාන්ත සේවියර් හා වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල්වලින් අධ්‍යාපනය හදාරා ගරු ලුවිස් හෙට්ටිආරච්චි පියතුමාගේ මග පෙන්වීම යටතේ නිර්මල මරිය නිකායික ආධුනික දෙව්සත්හලට බැඳුනේ 1968 දීය.

ගරු ජයන්ත පින්නවිල (නි.ම.නි) පියතුමා සඟ සායක් වී 2018.10.31 දිනට වසර 18 පිරේ. මේ ලිපිය එ් නිමිත්තෙනි.

මාරවිල හොරගොල්ලේ විසු ඇන්තනි පින්නවල හා විනිප්‍රීඩා පින්නවල විදුහල්පති යුවලගේ දෙටු පූත්‍රයා ලෙස 1951 පෙබරවාරි මස 28 වැනිදා උපත ලද ජයන්ත පින්නවල මාරවිල සාන්ත සේවියර් හා වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල්වලින් අධ්‍යාපනය හදාරා ගරු ලුවිස් හෙට්ටිආරච්චි පියතුමාගේ මග පෙන්වීම යටතේ නිර්මල මරිය නිකායික ආධුනික දෙව්සත්හලට බැඳුනේ 1968 දීය.

1976 දී පූජකවරයෙකු බවට පත් වූ මෙතුමා උපාධිධරයෙකි. තම සිසුන් වෙත ලබැඳී සෙනෙහසින්, ජීවිත සාක්ෂියෙන් ඉගැන්වූ මෙතුමා සැම විටම ඔවුන්ව සිතන්නට හා නි්රමාණශීලිවන්නට පෙළඹවිය. තම සිසුන් තමන්ගේම කෙනෙකු සේ සලකා ආදරය කරන්නටත් රැකබලා ගන්නටත් නිතර උත්සහ කළේය. දෙව්සත් හලේ මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේද එතුමා ඉගැන්වීම කළේය.

1989 දී පොළොන්නරුව අනුරාධපුරය, පුත්තලම, මහනුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල දුෂ්කර උපදිසාපති කොට්ඨාශ කීපයක දිළිඳු ජනතාව නගා සිටුවීමේ වැඩ පිළිවෙලක් සමඟ දුෂ්කර සේවය සඳහා තරුණයන් පුහුණු කරන වැඩසටහනක් ආරම්භ කිරීමට ජයන්ත පියතුමා පුරෝගාමි විය. සහභාගිත්ව සංවර්ධනය පිළිබඳ විශ්වාසය තබමින් ක්‍රියාත්මක කළ එම වැඩ සටහන ළමා තරුණ කාන්තා පිරිස් සවි බලගන්වන කුඩා කණ්ඩායම් වැඩ පිළිවෙලක් විය. දිළිඳුම ජනයා තෝරා ගනිමින් වැඩ කිරීමට එතුමා අනුප්‍රාණය ලැබුවේ කිතු සමිඳුන්ගෙන් මෙන්ම තම නිකාය නිර්මාතෘ දිළිඳුන්ගේ සාන්තුවරයකු වූ එවුජින්ද මැසනඩි මුනිතුමාගෙනි. මැසනඩි අධ්‍යාත්මය සමඟ මුසුවු දුප්පතුන්ගේ විමුක්තිය පතා වැඩ කිරීමේ කිතුතුකම තුළ එතුමා පන්සල සමඟ ද ඉතා සුහදව ක්‍රියා කළේය. භික්ෂූන් වහන්සේලා සමඟ ජනතා සුභ සෙතට වැඩ කිරිමේ කලාව එතුමා ප්‍රගුණ කරගන්නේ පටු ආගම්වාදයෙන් මත් නොවිම නිසාවෙනි. එතුමාගේ සේවය ආගම් ජාතිකුලභේද ඉක්මවා ගිය සේවයක් විය.

"ආගම ධර්මය තිබෙන්නේ මගේ ඇඳුමේ නෙමෙයි හදවතේ" ඇතැම් විට ලෝගුවෙන් බැහැර ඇඳුමකින් ඇවිද යන පියතුමාගෙන් ලෝගුව ගැන විමසු පරිසිවර්ගයේ මිනිසුන්ට එතුමා එසේ පැවසුවේය. පොළොන්නරුවේ බෞද්ධ තරුණයෙකු එතුමාගේ අවමගුලට සහභාගි වි මෙසේ පැවසුවේය “මම අද ඔබ ඉදිරියේ සිටින්නේ මගේ දෙපයින් නොවේ ජයන්ත පියතුමාගේ දෙපයිනි"

දිළිඳුන් සඳහා බොහෝ සුභසාධන හා සංවර්ධන වැඩසටහන් දියත් කළ එතුමා ජනතාව දිළිඳුන් කිරීමේ මූලීක හේතු සාධක ඉවත්කිරීිමේ අරගලය වෙත යොමු වූයේ මද වශයෙන් වුවත් සාතිශය බහුතරයක් වූ දිළිඳුන් අමතක කළ පූජකයින් අතර එම ක්‍රියාවද අතිශය වැදගත් විය. එම ක්‍රියාවලියේදී පවා එතුමා කොතරම් දුක් ගැහැට වින්දාද යන්න එතුමාගේ අභාවය ගැන පූජක සොයුරෙකු තබා ඇති මෙම සටහන පෙන්වයි.

"මෙම සටහන අවසන් කරන්නේ තවත් සුන්දර ජීවිතයක් ගතකළ පියතුමෙකුගේ අවමගුලකට සහභාගි වී තැවුණු සිතිනි. දර්ශනය හදාරද්දි ඔහු අපට මානව සම්බන්ධතා විෂය උගැන්වීය. ඔහු රට පුරා යමින් දුගී දුප්පත් මිනිසුන්ගේ හදවත් තුළ පදිංචි වූයේය. බිඳිගිය ශිෂ්ටාචාරයක් යලි ගොඩනඟන සිහිනයක් දුටුfවිය. මිනිසුන්ගේ වේදනා අනුභව කළේය. කඳුළු පානය කළේය. ඔවුන්ට ආදරය කළේය. ජීවිතය කොපමණ සුන්දරදැයි ඔහු අත්දුටු මිනිස්සු තේරුම්ගත්හ. නමුත් බොහේ අය ඔහුව කොන් කළහ. විවේචනය කළහ. පිළිවෙලක් නැති ස්වාමි කෙනෙකැයි චෝදනා කළහ. නමුත් ජීවිතය විඳවන්නට නොදී දෙවියන් එතුමාව කැඳවා ගත් සේක. ඔහුගේ ජීවිතය මගේ හදවතට අභියෝග කරනවායැයි මට දැනේ.

මිනිස් බව දුබලය ජේසු තුමන්ගේ දහම ජීවිතය වෙලාගත් කල ඔවුහු ප්‍රබල මිනිස්සු වූහ. ඔවුහු සාමාන්‍ය මිනිසුන් සමඟ ජීවත් වෙමින් අසාමාන්‍ය සතුටක් වින්දාහ. නමුත් බොහෝ අය ඔවුන්ව තේරුම් නොගත්හ. විවේචනය කළහ, චෝදනා කළහ, නෙරපූහ, වද දුන්හ, නමුත් ජේසුගේ වචන හදවතේ රඳවාගෙන ඔවුහූ තනිවම ගමන් කළහ තමන්ව නොපිළිගන්නා කළ සමිඳු වදන් සිහිපත් කළහ.

නැති වූ බැටළුවන් වෙතට යන්න කවරකු වූවද ඔබ පිළිගන්නේවත් ඔබගේ වචන අසන්නේවත් නැත්නම් ඒ ගෙදරින් හෝ ඒ නුවරින් හෝ නික්ම යන කල ඔබේ පාද වල දූවිලි ගසා දමන්න. මෙතෙවි (10 5-15) ඔවුහු එසේම කළහ. රබීන්ද්‍රනාත් තාගෝර් තුමා පැවසු වදන් ද සිහි කරමින් ඔවුහු තනිවම ගමන් කළහ."

Jesustodaysl 2 වන වසර 34 වන සතිය 2018 නොවැම්බර් 04

Comments powered by CComment