ඉතා චාම් සරල ගැහැනියක වු රාජිනි බොහෝ යාපනයේ වෘත්තිකයින් සේම තම රාජකාරියට ගියේ පා පැදියෙනි. මිනිමරුවාට ඇය පහසුවෙන් ඉලක්ක කර ගත හැකි වුයේ ඒ නිසාය. තම හෘදසාක්ෂියට අවංක සැබෑ මිනිසුන් තම ස්ථාවරය ඉදිරියේ හැසිරෙන අනම්‍ය නිර්භය ස්වරූපය අවසන් මොහොත වන තුරු ඈ දරා සිටියාය.

රාජිනි තිරණාගම මරා දමා සැම්තැම්බර් මස 21 වන දිනට විසි නව වසරකි. 

සාමය ළඟා කර ගැනීම හිංසාවෙන් කළ නොහැකි බව ඇදහු රාජිනි තිරණගම නම් වු වීරියවන්ත ගැහැණිය ලෝක සාම දිනය යෙදෙන සැප්තැම්බර් 21 වෙනිදාවක තම පා පැදියේ නැගී නිවෙස බලා යමින් සිටියදි යාපනයේ තිරුනල්වේලි හි ඇගේ නිවස ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කරන ලදී.

රාජිනි දෙමළ ගැහැනියකි. ඇය තිරණාගම වූයේ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වු දයාපාල තිරණාගම නම් සිංහල මිනිසා සමඟ විවාහ වු නිසාය. රාජිනි ක්‍රිස්තියානි ගැහැණියක වූවාය. දයාපාල බොදුණුවෙකු විය. ජාතිවාදි ආගම්වාදි සියලු බාධා අභිබවා මනුෂ්‍යත්වයේ මහා ධර්මය තුළ ඔවුන් දෙදෙනා විවාහ වූයේ 1977 දීය.

යාපනයේ බැතිමත් කිතුණු පවුලක උපත ලැබු ඕ 1973 දී කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත්ව වෛi විiාව හැදැරීය. 1978 දී ආධුනික වෙෙද්‍යවරයෙකු ලෙස යාපනය රෝහලට පත්වීම ලද ඇය 1979 දී වෛiවරියක් ලෙස සේවය කිරීම සඳහා හපුතලේ හල්දුම්මුල්ල නම් කුඩා ග්‍රාමීය රෝහලට පැමිණියාය.

විශ්ව විද්‍යාල සමයේ සිටම ශිෂ්‍ය දේශපාලනයට පිවිසි ඇය තුළ මානව දයාවත්, අහිංසාවත් පිළිබඳ තදබල යොමුවක් පැවැතුණි. ලංකා සභා ශිෂ්‍ය හා තරුණ ව්‍යාපාරය ප්‍රබල ක්‍රියාකාරිනියක් වු ඇය දෙවියන් කෙරෙහි අන්ධ නොවු බැතියකින් යුක්ත වූවාය. ඇගේ සේවය ගැන ලියන බොහෝ දෙනා ඇය විඥානවාදි කෙනෙකු යැයි නම් කළද, ඇගේ විඥානවාදය තුළ වු දෙවියන් මානව වර්ගයාගේ විමුක්තිය සඳහා ක්‍රියාකාරි, අහිංසාවාදයෙන් යුතුව පෙනී සිටින රැඩිකල් දෙවි කෙනෙකු විය.

රාජිනි වගේ මානව දයාවෙන් යුතු අසාධාරණය නොඉවසන බොහෝ දෙනෙකු එල්. ටී. ටී. ඊ. ක්‍රියාධරයින් වන විට රාජිනි ඉන් ඔබ්බට ගිය හිංසාවට එරෙහි වූ නමුත් අසාධාරණය නොඉවසු ගැහැණියක බවට පත්වූයේ ඒ දෙවියන් පිළිබඳ ඇදහීම නිසා යැයි කිව හැකිය.

1980 දී යාපනයේ විශ්ව විද්‍යාල වෙෙද්‍ය පීඨයට කථීකාචාර්යවරියකව බැඳුනු ඕ තොමෝ තම පශ්චාත් උපාධියට විදෙස්ගත වූ කාලය හැරුනු විට මිය යන තෙක් එහි ජීවත් විය.

එල්. ටී. ටී. ඊ. සාමාජිකාවක වු තම වැඩිමල් සොයුරිය නිසාම තුවාල වූ එල්. ටී. ටී. ඊ. සෙබළුවන්ට සාත්තු කිරීම ඇය දිගටම සිදු කරන ලදී. එය ඇය එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරිනියක යැයි රජයේ පැත්තෙන් ලේබල් ඇලවීමට හේතු විය. ත්‍රස්ථවාදි පනත යටතේ අත් අඩංගුවට පත් තම සොයුරිය බේරා ගැනීම සඳහා මෙරට මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් සටන් කළාය. ඒ නිසාම ඉහත කී ලේබලය තහවුරු කිරීමට අගේ සතුරන්ට හැකි විය.

නමුත් ඇය විය යුතු පරිදිම හිංසාව නොඉවසුවාය. සියලු පාර්ශ්වයන් වෙතින් දියත්වන හිංසාවට එරෙහිව හඬ නැගු ඇය එල්. ටී. ටී. ඊ. යේ, ඉන්දීය සාම සාධක හමුදාවේ මානව හිමිකම් උල්ලංඝනයන්ද හෙලා දකිමින් ඊට විරුද්ධව හඬ නැගුවාය. මානව හිමිකම් උදෙසා වු යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පිහිටුවීමට පුරෝගාමි වු කීප දෙනා අතර ඇය ද විය.

ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද 80 දශකයේ යාපනය හා උතුරේ සියළු පාර්ශ්වයන් සිදු කළ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ ප්‍රබල ප්‍රකාශනයක් වු බිඳුනු තල් රුක (Broken Palmyrah) කෘතියේ සම සංස්කාරිකාව වු ඇය ඝාතනයට ලක්වන්නේ ඒ කෘතිය නිකුත් වී සති කීපයකට පසුවය. රාජිනිගේ සොයුරිය මෙන්ම යාපනය විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය එවකට ප්‍රකාශ කළේ එල්. ටී. ටී. ඊ. විවේචනය කළ නිසා එල්. ටී. ටී. ඊ. ය විසින් ඇය මරා දමා ඇති බවයි.

ඉතා චාම් සරල ගැහැනියක වු රාජිනි බොහෝ යාපනයේ වෘත්තිකයින් සේම තම රාජකාරියට ගියේ පා පැදියෙනි. මිනිමරුවාට ඇය පහසුවෙන් ඉලක්ක කර ගත හැකි වුයේ ඒ නිසාය. තම හෘදසාක්ෂියට අවංක සැබෑ මිනිසුන් තම ස්ථාවරය ඉදිරියේ හැසිරෙන අනම්‍ය නිර්භය ස්වරූපය අවසන් මොහොත වන තුරු ඈ දරා සිටියාය.

නර්මදා හා ශාරිකා නම් වු ඇගේ දියණියන් දෙදෙනාට මවක් නැති වීමේ සපුරාලීය නොහැකි පාඩුව උරුම විය. අවසන දරු දෙදෙනා සමඟ ඇගේ සැමියා විදේශගත විය. තිරණාගම මහතා වසර 20 කට පසුව ලංකාවට පැමිණ ලියු ලිපියක් 2014 වසරේ රාවයේ පළ විය. භීෂණයෙන් මව්පියන් මිය ගිය දරුවන් ගැන හරස් කඩක් එහි දැකිය හැකිය.

2005 වසරේදි රාජිනිගේ ජීවිත සාක්ෂි දැරීම ප්‍රබලව සිත්තම් කරන වාර්තා චිත්‍රපටියක් කැනඩාවේ ජාතික චිත්‍රපටි මණ්ඩලය නිපදවන ලදි. "No more tears sister, An antony of hope and betraya" නම් වු එකි වාර්තා චිත්‍රපටිය තුළ රාජිනිගේ චරිතය ඇගේ දියණිය විසින් නිරූපනය කරයි.

කිතුනු පවුල් උරුමයෙන් ඇයට ලැබුණු ලිබරල් දැක්ම හා මානව ප්‍රේමිත්වය මේ ප්‍රාණ පරිත්‍යාගිවරුයි බිහිවීමට හේතු විය. ඇය යාපනය තුළ රැඳී සිටියේ පහසුවෙන් රට හැර යා හැකිව තිබියදීය. ඒ පිළිබඳ ඉල්ලිම් රැසක් ලැබෙන අතර තුරදීය. රාජිනි තම පිළිගත් සත්‍යයන් හි ස්ථිරව සිටි යකඩ ගැහැණියකි. අව්‍යාජ සිනහාවෙන් මුව මෙන්ම හදවතද පුරවාගත් රැජිනකි.

Jesustodaysl වන වසර 28 වන සතිය 2018 සැප්තැම්බර් 16

 

 

 

 

 

 

 

 

 

 

 

Comments powered by CComment