ජෙරාර්ඩ් රදගුරු තුමන්ව මරා දැමුනේ වසර 30 ක පමණ ගෞතමාලාවේ පැවැති සිවිල් යුද්ධ කාලයේ සිදු වු අපරාධ පිලිබඳ එතුමාගේ නායකත්වයෙන් යුතුව සකස් කළ වාර්තාව නිකුත් කර හරියටම දින දෙකකට පසුවය. එකී වාර්තාව නම් ගෞතමාලා රජය පත් කළ සංහිදියා කොමිසමට සමගාමීව ගෞතමාලා කතෝලික සභාව පත් කළ අගරදගුරු මානව හිමිකම් කාර්යාලය විසින් සකස් කළ සත්‍ය කොමිශමේ වාර්තාවයි. එම වාර්තාව නම් කර තිබුනේ ගෞතමාලා - නැවත එය සිදු නොවේ යනුවෙනි.

ජුඅාන් ජොසේ ජෙරාර්ඩ්  රදගුරු තුමාගේ - (1922-1988) විසිවන සැමරුම නිමිත්තනි.

එ් 1988 අප්‍රියෙල් 26 වනදාය. ස්ථානය ගෞතමලාව් සාන්ත සෙබස්තියන් දෙව්මැදුරේ මීසම් ගෘහයේ ගරාජයයි.

ගරාජයේ පොළව මත ලෙයින් නැහැවුණු කොන්ක්‍රිට් ගොඩක් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එ් හැම තැනම ලේ විසිරි අැත. මරා දැමුනු මිනිසෙක් බිම වැතිරි සිටි. හිස මතට එල්ල කරන ලද දරුණු පහරවල් නිසා ඔහුගේ මුහුණ හදුනා ගත නොහැකි තරමට විකෘති වී තිබේ. අපරාධය සිදුවුනු මෙම ස්ථානය මිනිසුන්ගේ පය ගැටීම හේතුවෙන් අපරාධයේ සාක්ෂි අපැහැදිලි වී තිබේ.

එහෙත් මරා දමනු ලැබු මිනිසාව ද, ඔහුව මරා දැමීමේ හේතුව ද, ඔහුව මරා දැමුවේ කවුරුන්ද යන්නද ඉතා පැහැදිලි වන්නට ගත වූයේ සුළු කාලයකි.

ඝාතකයින්ගේ පහර දීම් කොතරම් කුරිරු වූවද ඝාතනයට ලක් වු තැනැත්තාගේ මුහුණු විකෘති වී තිබුණද ඔහුගේ සුරතේ වූ රදගුරු මුදුවෙන් ඔහු කව්දැයි හදුනාගැනීමට පහසු විය. එතුමා ගෞතමාලාවේ කතෝලික රදගුරු මානව හිමිකම් ක්‍රියාධර සත්‍ය සෙවීම උදෙසා අප්‍රමාණ ධෙෙර්යෙන් ක්‍රියා කළ අතිගරු ජුඅාන් ජොසේ ජෙරාර්ඩ් රදගුරු තුමාය.

2018.04.26.04

එතුමා ඝාතනයේ හේතුවද පැහැදිලිය. එය වනාහි මානව හිමිකම් ක්‍රියාධරයින් හා මානව හිමිකම් උදෙසා නැගී සිටි කිතුනු සභා නායකයින් බිය වැද්දීමට කළ සංඛේතවත් ක්‍රියාවකි.

ඝාතනය නිසැකවම ගෞතමාලාව තුළ වසර 36 ක් පුරා ක්‍රියාත්මක වූ රාජ්‍ය ත්‍රස්ථවාදින්ගේ ක්‍රියාවකි.

ජෙරාර්ඩ් රදගුරු තුමන්ව මරා දැමුනේ වසර 30 ක පමණ ගෞතමාලාවේ පැවැති සිවිල් යුද්ධ කාලයේ සිදු වු අපරාධ පිලිබඳ එතුමාගේ නායකත්වයෙන් යුතුව සකස් කළ වාර්තාව නිකුත් කර හරියටම දින දෙකකට පසුවය. එකී වාර්තාව නම් ගෞතමාලා රජය පත් කළ සංහිදියා කොමිසමට සමගාමීව ගෞතමාලා කතෝලික සභාව පත් කළ අගරදගුරු මානව හිමිකම් කාර්යාලය විසින් සකස් කළ සත්‍ය කොමිශමේ වාර්තාවයි. එම වාර්තාව නම් කර තිබුනේ ගෞතමාලා - නැවත එය සිදු නොවේ යනුවෙනි.

"තම රටේ බහුතරයක් ව දිළිඳුන් හා ස්වදේශිකයන්ගේ ජීවිත හා සමීපව බැඳෙමින් සොයාගත්තාවූ සත්‍ය සාක්ෂි සම්පූර්ණයෙන්ම අකා මකා අමතක කරලෑම ඝාතකයන්ගේ චේතනාව විය. නැවත ඔවුන්ගේ අරමුණ වූයේ මිනිසුන්ව බිය වද්දා නිහඬ කිරීමයි. කතෝලික සභාවේ ප්‍රධානියෙකු මෙලෙස ඝාතනය කළ හැකි නම් (දඬුවම් නොලබා) සාමාන්‍ය ජනතාවට රැකවරණයක් තිබිය හැකිද? කිසිවෙකුට විවෘතව කතා කිරීමේ හැකියාවක් නැත. පැවතියා වූ මර්ධනකාරි හා පීඩාකාරී ව්‍යුහයන්ට අභියෝග කිරීමට විවෘත වී තිබු සීමාසහිත ඉඩකඩ පවා මෙම ඝාතනයෙන් අවදානම් හා අනාරක්ෂිත බවට පත් විය.

2018.04.26.09

එළිමහනේ ක්‍රියාත්මක වූ ජනතාව පෙළුෑ බලවේගයන් පසු බැස්සා සේ දිස්වූවත් නැවත වාරයක් මෙම රටද එ් සමඟ සත්‍යය ද ඔවුන්ට හිමි බව ඔප්පු කර අැත. එලෙසම ඔවුන් ඔප්පු කිරීමට උත්සහ දැරුවේ, එෙතිහාසික මතකයන් ප්‍රත්‍යාවලෝකනය කිරීමේ ව්‍යාපෘතියේ (REMHI) වාර්තාවෙන් අනාවරණය කරන ලද සත්‍යයට කිසි අනුග්‍රහයක් නොදෙන බවත්, ඊට ජාතික කතිකාවේදි කිසිදු ඉඩක් නොදෙන බවත්ය. මෙම මරා දැමීම තුළින් තවත් මරා දැමු බොහෝ දෙනෙකු සතු විය යුතු සත්‍ය ඔවුන් පැහැරගෙන අැත. එහෙත් මෙම වාසි අවාසි සහගත තත්ත්වයන්ට එරෙහිව සිය දහස් ගණනක් වීදි බැස්සේ ඔවුන් (ඝාතකයන්) වැරදි බව ඔප්පු කිරීමටය. ඔවූහූ ප්‍රසිද්ධියේ වැලපුණෝය. දහස් ගණනින් විරෝධතා පා ගමන්, පෙළපාලි පැවැත් වූ අතර භූමදානයේදීද එලෙස සිදු විය."

ගෞතමාලා සිටි හී 1922 දෙසැම්බර් 27 වනදා උපත ලද එතුමා ඉතාලියානු සම්භවයක් සහිත වූවෙකි. අැමරිකා එක්සත් ජනපදයේ නිව් ඔරියන්ස් හි ශිෂ්‍යත්වයක් ලැබ උගත් එතුමා 1946 දෙසැම්බර් 21 දින පූජකවරය ලබා ගත්තේය. 1967 වේරුෆාස් හි රදගුරු ලෙස රදගුරු අභිෂේකය ලැබීය.

ලතින් අැමරිකානු රටවල් බොහොමයකම 1970-1980 දශකයන්හි අැමරිකන් ගැති දේශීය පාලකයින් දැවැන්ත මිලිටරිකරණයක් ක්‍රියාවට නැංවූ අතර සිවිල් යුද්ධ අැති විය. ගෞතමලාවද එම කාලය තුළ දැඩි මර්ධනාකාරි රාජ්‍ය ත්‍රස්තවාදයකට ගොඳුරැ විය. රජය හා ගරිල්ලා සංවිධාන අතර සිවිල් යුධමය තත්වයක් වර්ධනය විය. රාජ්‍ය ත්‍රස්තවාදය දරුනු මර්ධනයක් දියත් කළේය.

2018.04.26.11

එ් මර්ධනය ඉදිරියේ නිහඬව සිටීමට සැබෑ කිතුනුවන්ට නොහැකි විය. එකි හඬ නැගීම නිසා රාජය ත්‍රස්තවාදය මායා සම්භවයක් සහිත දේශිය ජනයා දහස් ගණනක් මරා දැමුහ. දහම් ගුරුවරුන්, කිතුනු එ්කක නායකයින් ඝාතනය කරනු ලැබීය. මිනිසුන් දෙලක්ෂකයකට වඩා ඝාතනයට හෝ අතුරුදහන් වීමට ලක් විය.

රදගුරුවරයෙකු වශයෙන් ජෙරාර්ඩ් හිමි ඊට විරුද්ධව නැගී සිටි අතර ගෞතමාලා රදගුරු මඩුල්ල ලෙසද රාජය ත්‍රස්තවාදයට එරෙහිව හඬ නැගීය. ඉන් නොනැවතුනු එතුමා වතිකානුව වෙතද මේ තොරතුරු ලබා දෙමින් රජයට එරෙහිව ජනමතයක් අැති කිරිමට ක්‍රියා කළේය. එහි ප්‍රතිඵලය වූයේ එතුමාට ටික කලකට රටින් පිටුවහල්ව සිටීමට වීමයි. එල්සැල්වදෝරයට  එතුමා ගියද, එහි රැඳී සිටිය නොහැකි විය. එතුමා සැල්වදොරයෙන් කොස්ටරිකා වෙත ගියේය.

පැවැති රෙජිමයේ යම් වෙනසක් අැති වු අතර එතුමා නැවත 1982 දී ගෞතමාලාවට පැමිණියේය. ගෞතමාලා සිටිහි සහයක රදගුරු ලෙස පත් වු එතුමා 30 වසරක් සිවිල් යුධ සමයේ සිදු වු අපරාධ පිළිබඳ සත්‍ය සෙවීම සඳහා කැපවිය.

රජය පත්කළ ජාතික සංහිදිය කොමිසමට සමගාමිව අගරදගුරු මානව හිමිකම කාර්යාලය ද එෙතිහාසික මතකයන් ප්‍රත්‍යාවලෝකන කිරීමේ ව්‍යාපෘතියක් (REMHI) අාරම්භ කළ අතර එහි නායකත්වයට ජෙරාඩ් රදගුරු තුමා හා රුඩොල්ෆේ හිමි පත් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය යටතේ අතිශය කැපවීමෙන් යුතුව රට පුරා අැවිදිමින් සිවිල් යුධ සමයේ සිදු වූ සිදුවීම් වල සත්‍ය ලේඛන ගත කරන ලද අතර එ්වා අැතුල් කර ගෞතමාලා-නැවත සිදු නොවේවා (Gautemala - Never again) නමින් වාර්තාව පිටවූයේ රදගුරු තුමන්ගේ ඝාතනයට දින දෙකකට පෙර එනම් 1988 අප්‍රියෙල් 20 වනදාය.

2018.04.26.07

මෙම වාර්තාවෙන් බලාපොරොත්තු වූයේ දුකට වේදනාවට ඝාතනයට ලක් වු මිනිසුන්ට අයත් වූ රාජ්‍ය හා අධිපතිවාදින් අර්ථ දක්වන ඉතිහාසයට වඩා වෙනස් වූ ගෞතමාලාවක් තිබෙන බවත් ඔවුන්ගේ සත්‍යය - සත්‍යය බවත් මින්පසු ගෞතමාලාව නිහඬ වන්නට ඉඩ නොදෙන බවත් පෙන්වීමය.

වසං කරන බිහිසුණු සත්‍ය හෙළිදරව් කළ යුත්තේ එවැනි කෘෘරතර දෑ නැවත සිදුවීම වැළැක්වීමටය. එයයි දේව කැමැත්ත. ජෙරාර්ඩ් රදගුරුතුමා පණ පෙවුයේ එ් දේව කැමැත්ත ඉටු කිරීමටය. 

6cac3e4af71ab8dda6dba234a97e4887 මහින්ද නාමල්

jesustodaysl 2 වන වසර 8 වන සතිය 2018 අප්‍රේල් 29

 

Comments powered by CComment