"රාජ්‍ය නායකයන් පාලනය කරනු වෙනුවට කුරිරු වනු වෙනුවට සේවක නායකත්වය පිළිබඳ ජේසු සමිඳුන් ගේ අාදර්ශය තේරුම් ගත්තා නම් යුද්ධ කීයක් වලක්වා ගත හැකිව තිබුණාද ? "

"රාජ්‍ය නායකයන් පාලනය කරනු වෙනුවට කුරිරු වනු වෙනුවට සේවක නායකත්වය පිළිබඳ ජේසු සමිඳුන් ගේ අාදර්ශය තේරුම් ගත්තා නම් යුද්ධ කීයක් වලක්වා ගත හැකිව තිබුණාද ? "

ජේසු සමිඳුන් අපගේ පව් දෝවනය කර අප පිරිසිදු කිරීමට නිතර අප ඉදිරියේ ප්‍රේමයෙන් බලා සිටින බව එහිදි ප්‍රැන්සිස් සුදතුම් පියතුමා කීහ.

"ජේසු අප සෑම කෙනෙකු සම්බන්ධයෙන්ම අවදානමක් ගන්නවා. මෙය මතක තබා ගන්න. ජේසුගේ නම ජේසුස් පොන්සියුත් පිලාත්තු නොවේ. අප අතහැර දමා සිය දෑත් සෝදා ගන්නට ජේසු සමිඳුන් දන්නේ නැහැ. උන්වහන්සේ දන්නේ අප වෙනුවෙන් අවධානමක් ගන්නට පමණයි."

එතුමා මේ ඔවදන් දුන්නේ මහා බ්‍රහස්පතින්දා සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජනය සැමරීමේ දිව්‍ය පූජාවේ පාද දෝවනය පිළිවෙතට පෙර, සිරකරුවන් අමතා සිය ධර්ම දේශනය කරමිනි.

ප්‍රැන්සිස් සුදතුම් පියතුමා මෙවර මහා බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාව පැවැත්වූයේ රෝමයේ "රෙජිනා චේලි" (Regina Coeli) බන්ධනාගාරයේ දීය. එහි සිටින සිරකරුවන් නිලධාරින් සහ බන්ධනාගාර සේවාවේ යෙදී සිටින දෙව්සත්හල් සොහොයුරෝ කිහිප දෙනෙක් ද මෙම දිව්‍ය යාගයට සහභාගී වූහ.

දිව්‍ය පූජාවේ පාද දෝවන පිලිවෙතේදි සුදතුම් පියතුමා සිරකරුවන් 12 දෙනෙකුගේ පාද දෝවනය කළේය. එ් අතරින් සිව්දෙනෙකු ඉතාලි ජාතිකයන් වූ අතර, දෙදෙනෙක් පිලිපීන ජාතිකයෝද, දෙදෙනෙක් මොරොක්කෝ ජාතිකයෝද, මොල්දෝවාව, කොලම්බියාව, නයිජිරියාව සහ සියෙරා ලියොන් යන රට වලින් එක්කෙනා බැගින්ද විය. පාද දෝවනයට එක් වු අට දෙනෙක් කතෝලිකයෝය. ඉස්ලාම් බැතිමතුන් දෙදෙනෙකු එක් ඔිතඩොක්ස් බැතිමතෙකු සහ එක් බෞද්ධයෙකු ද සෙසු අය අතර වූහ.

පාද දෝවනය පිලීවෙතලට පෙර කෙටි ධර්ම දේශනයක් කළ ප්‍රැන්සිස් සුදතුම් පියතුමා ජේසු සමිඳුන් සිය අන්තිම රාත්‍රි භෝජනයේදී සිදු කළ පාද දෝවන ක්‍රියාවේ පසුබිම සහ වැදගත්කම පහදා දුන්නේය.

"ජේසු සමිඳුන් ගේ සමයේ පාද දෝවනය කිරීම පැවරි තිබුණේ වහලුන්ටයි. එ් දවස්වල පාරවල්වලට අැෂ්ෆල්ට් තාර දමා හෝ ගල් අල්ලලා තිබුණේ නෑ. පාරවල අැවිදින මිනිසුන්ගේ පා දුහුවිලිවලින් අපවිත්‍ර වී තිබුණා. මේ නිසා ඔවුන් නිවසකට අැතුළුවීමට පෙර ඔවුන් ගේ පාද සෝදා දැමීම සිරිතක් වී තිබුණා. නිවසකට අැතුළුවන අමුත්තන් ගේ පාද සේදීම පැවැරි තිබුණේ වහලුන්ටයි"

මෙම සුබ අස්නේ කතාව අනුව, ජේසු සමිඳුන් මෙලෙස වහලුන් ගේ භුමිකාව තමන් ඉටු කරමින් සිය ශ්‍රාවකයන් ගේ පාද දෝවනය කළේ අප ද එකිනෙකාට සේවය කළ යුතු අාකාරය අාදර්ශයෙන්ම පෙන්වා දීමටයි" යැයි එතුමා පෙන්වා දුන්නේය.

එකල රජවරුන් සේවය ලැබීමට සෑදී පැහැදී සිටි අයුරු සුදතුම් පියතුමා විස්තර කළේය.

"එ් සමයේ ජීවත් වු කුරිරූ රජවරුන් මහ අධිරාජයන් ගැන කල්පනා කරන්න. ඔවුන් වහලුන් විසින් සේවය කරනු ලැබීම අවධාරණය කළා. එහෙත් ජේසු සමිඳුන් සිය ශ්‍රාවකයන්ට උපදෙස් දුන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දේ කරන ලෙසයි"

ඔබ අතර එසේ නොවේවා ! 

"ඔබ අතරේ පාලනය කරන තැනැත්තා සේවය කළ යුතුය" කියා උන්වහන්සේ ඔවුනට කීවා.

ජේසු සමිඳුන් තමන්ගේ යුගයේ පැවැති සංස්කෘතික සහ එෙතිහාසික අාකල්ප උඩු යටිකුරු කළා. උන්වහන්සේ එය අදත් කරනවා. පාලනය කරන තැනැත්තා යහපත් ස්වාමියකු වීමට නම්, ඔහු සේවය කල යුතුයි. මට බොහෝ විට මෙහෙම හිතෙනවා.

"අද ජීවත් වන පුද්ගලයන් ගැන නොවේ. මන්ද ඔවුනට තවමත් වෙනස් විය හැකියි. මේ නිසා අපට ඔවුන් විනිශ්චය කළ නොහැකියි. එහෙත් ඉතිහාසය ගැන කල්පනා කරන්න. රජවරුන්, අධිරාජ්‍යයන් සහ රාජ්‍ය නායකයන් පාලනය කරනු වෙනුවට කුරීරු වනු වෙනුවට ජනතාව මරා දමනු වෙනුවට ජේසු සමිඳුන් ගේ මේ උපදේශය තේරුම් ගත්තා නම්, මේ දේ ඉටු කළා නම්, යුද්ධ කීයක් වළක්වා ගත හැකිව තිබුණද ? " යි සුදතුම් පියතුමා විමසුවේය.

"ජේසු සමිඳුන් මිහිතලය මත ජීවත් වු කාලයේ දීත් අදත් සමාජයෙන් බැහැර කරන ලද ජනතාව සොයා යනවා. එසේ ගොස් ඔවුනට කියනවා " ඔබ මට වැදගත්" කියා. එම ජේසු සමිඳුන් අද මේ රෙජිනා චේලි බන්ධනාගාරයේ සේවය කරන බවට සලකුණ වන්නේ, ඔබ අතරින් 12 දෙනෙකු පාද දෝවනය කිරිමට තෝරා ගැනීමයි"

"මමත් ඔබ වගේම පව්කාරයෙක්. එහෙත් මම අද ජේසු සමිඳුන් නියෝජනය කරනවා. මම උන්වහන්සේ ගේ නියෝජිතයා, තානාපතිවරයා. මා ඔබ ඉදිරියේ දණගසන විට මෙසේ සිතන්න. "

ජේසු සමිඳුන් මා වෙත පැමිණ උන්වහන්සේ මට ප්‍රේම කරන බව පැවසීමට මේ මිනිසා ගැන, මේ පව්කාර මිනිසා ගැන අවදානමක් ගත්තා. මෙය නම් සේවාවයි. මෙය නම් ජේසු සමිඳාණෝයි, උන්වහන්සේ කිසිදා අප අත්හැර දමන්නේ නැහැ. උන්වහන්සේ කිසිදා අපට සමාව දීමෙන් වෙහෙසට පත්වන්නේ නැහැ. උන්වහන්සේ එතරම්ම අපට ප්‍රේම කරනවා" යි එතුමා කියා සිටියේය.

6cac3e4af71ab8dda6dba234a97e4887සමන් කපිල විජේසූරිය

jesustodaysl 2 වන වසර 6 වන සතිය 2018 අප්‍රේල් 15

 

Comments powered by CComment