2016 ඔක්තෝම්බර් 5 වනදා ආජන්ටිනාවේ ටුකුමාන් පදවියේ භඑර් ිර් ෘැක ක් ත්‍කදරසා් මීසමේ මීසම් සේවකව සිටි ගරු ජුවාන් හෙරල්ඞ් විරෝචේ පියතුමා මීසම් ගෘහයේ එල්ලී මිය ගොස් සිටියදි හමුවිය. ඒ පිළිබඳ පළමු දේශීය පුවත වාර්තා වන්නේ එතුමා දිවි නසාගෙන ඇත යනුවෙනි. එම නිගමනයට හේතුව කිසිදු බාහිර තුවාලයක් සිරුරේ නොමැිත වීම බවද වැඩි දුරටත් වාර්තා විය.

 

එහෙත්, මීසමේ හා ප්‍රදේශයේ ජනතාව එකහෙලා දිවි නසා ගැනීමේ පුවත ප්‍රතික්ෂේප කරමින් එය මිනිමැරුමක් බව ප්‍රකාශ කිරිමත් සමඟ බලධාරින්ගේ මතය හා ජනතා මතය අතර ප්‍රතිවිරෝධයක් ඇති විය.

ජනතාව එය මිනිමැරුමක් විය යුතු බව කියා සිටියේ ඇයි ? එතුමා ඒ වන විටත් මත්ද්‍රව්‍ය ජායාරම්කරුවන්ගේ තර්ජනයට ලක්ව සිටි බව ජනතාව හොදින් දැන සිටි නිසාය.

ජුවාන් විරොචේ පියතුමා ප්‍රදේශය පුරා පැතිර ඇති මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව තද බල ලෙස විරෝධය පෑවෙකි. එතුමා ප්‍රදේශයේ ජනතාව සමඟ ඉතා  ක්‍රියාශීලිව වැඩ කල කාර්ය බහුල කැප වු පූජකයෙකු විය. ඒ නිසා එතුමා දිවි නසා ගත්තේය යන බලධාරින්ගේ ප්‍රකාශය ඇත්තක් බව සනාථ කරන ලෙස ජනතාව අභියෝග කරනු ලැබීය.

රදගුරු බලවතුන්ගේ පැත්ත ගනි.

පදවියේ රදගුරු තුමන් ද බලධාරින්ගේ මත තහවුරු කරන ප්‍රකාශයක් සිදු කිරීම සමඟ එතුමාගේ මරණය දිවි නසා ගැනීමක් යන්න තහවුරු වන තත්වයක් ඇති විය. බලධාරින් තව දුරටත් පවසා සිටියේ එතුමා මිය ගොස් සිටියේ ඇතුලතින් දොර වැසු කාමරයක වීමෙන් මෙය දිවි නසා ගැනීමක් බව තහවුරු වන බවයි. එහෙත් ජනතාව රදගුරු තුමාගේ ප්‍රකාශය නිසා හෝ දිවි නසා ගැනීමේ නිගමනය පිළිගැනීමට මැලි වූවෝය.

මඩ ප්‍රහාර.

ඒ සමඟම ජුවාන් පියතුමාගේ ඝාතකයෝ එතුමාව නැවත ඝාතනය කිරීම ආරම්භ කරන ලදී. එතුමා ස්ත්‍රීන් දෙදෙනෙකු සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති බවත් ඉන් එක් අයෙකු ගැබ්ගෙන ඇති නිසා එතුමා මෙසේ දිවිනසා ගත් බවට ආරංචි පතුරවා හැරිය අතර ග්‍රාමිය ප්‍රදේශයක කාන්තාවක් ඒ සඳහා ඉදිරිපත් කරමින් බලධාරි මතය තහවුරු කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ක්‍රියා කරනු ලැබීය.

පියතුමාගේ මරණය පිළිබඳ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවත් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාකාරි කමිටුව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පියතුමා මත්ද්‍රවය වලට එරෙහිව සටන් කළ හා සටන් කිරීම නිසා ජීවිත තර්ජනයට ලක්වූවන් මුදවා ගැනීමට ක්‍රියා කළ අයකු බවය.

ජනතාවගේ හඬ සමඟ පසුව බලධාරින් හා නිලධාරින් අතරින්ම වෙනස් විදිහේ තොරතුරු ඉදිරිපත් වීම සිදු විය. මරණයට පෙර ඔහුට වඳ දුන්නු බවට ලකුණු ඇතැයි ඇටර්නි ජනරාල් වරයා ප්‍රකාශ කළ අතර මාධ්‍ය මගින් එතුමාගේ කාමරය තුළ ලේ ගලා ගිය ආකාරය දැක්වෙන ඡායාරූපයක්ද ඵල කිරිමත් සමඟ මෙය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කළ ඝාතනයක් යන්න පොදු පිළිගැනීම බවට පත් විය.

එතුමා 2015 නොවැම්බර් මස එළිමහනේ ජනතාව රැස්කර විවෘත පූජාවක් තබමින් මීසමට මත්ද්‍රව්‍ය තව දුරටත් ගෙන ඒම නැවැත් විය යුතු බවටත් සොරකම් හා ගැටුම් තව දුරටත් එයා යැයි හඬ නංවා ඇති අතර ඉන්පසු එතුමාට මරණ තර්ජන එල්ල වී තිබේ.

ඒ අතර බලධාරින් පවසා සිටියේ පියතුමා වෙන මීසමකට මාරු කර තිබියදීත් නොගියේ පියතුමාගේ වැරදි ක්‍රියා කලාපය නිසා බවයි. නමුත් ජනතාව එක හඬින් කියා සිටියේ මරණ තර්ජන නිසා මාරුවක් එතුමාට ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් රදගුරු තුමා එය ඉටු නොකළ බවයි. නැවතත් බලධාරින්ට වාසි වන අයුරින් රදගුරු තුමා ප්‍රකාශ කර තිබුනේ ජනතාව කියන දේ අසත්‍ය බවයි.

පියතුමා දිවිනසා නොගත් බවත් ඔහු මරා දැමු බවත් මරණය ගැන පරීක්ෂා කර යුක්තිය ඉටු කළ යුතු බවටත් ජනතාවගෙන් දිගින් දිගටම බලපෑම් ඇති වු අතර මේ ප්‍රශ්නය ආජන්ටියානු ජාතික ප්‍රැන්සිස් සුදතුම් පියාණන් වෙතද ජනතාව විසින් වාර්තා කරන ලදී. එතුමා එතුමාගේ රටේ සිදු වු මේ සිදුවීම පිළිබඳ අපක්ෂාපාති සොයා බැලීමකට කටයුතු කළේය.

පියතුමා නගර කීපයකම මත්ද්‍රව්‍ය විරෝ වැඩසටහන් කරන ලද,  දුප්පත් වෙනුවෙන් වැඩ කළ, නීති විරෝධි කටයුතු වලට යොදාගන්නා තරුණයන් බේරාගැනීමට කටයුතු කළ අයෙකු බව ප්‍රත්‍යක්ෂ කරුණක් විය.

ජනතාවගේ දැඩි ආදරය දිනාගත් පියතුමා වෙනුවෙන් මීසම තුළ සිහිවටන ඵලයක් ඉදිකිරිමට ජනතාව කළ ඉල්ලීම පදවියේ රදගුරු ඇල්ප්‍රඩෝ සෙව්වා ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ප්‍රැන්සිස් සුදතුම් පියතුමා පසුගිය දා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ක්‍රියා කළ තම පියතුමාව ආරක්ෂා නොකල බලධාරින්ගේ හා ජාවාරම්කරුවන්ගේ පැත්තට ක්‍රියා කළ රදගුරු තුමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරගෙන තිබුණු අතර නමුත් එතුමා තව දුරටත් නාමික රදගුරු කෙනෙකු ලෙස සේවය කළ යුතු බව දන්වා තිබුණි. මෙය එක්තරා ආකාරයක දඩුවමක් බව විමර්ෂකයේ පවසති.

jesustoday 31 සතිය 2017 ඔක්තෝම්බර් 01       

Comments powered by CComment