ව්‍යවස්ථාවලීය, දිවැසියාවලීය හා ජේසු තුමා

ජේසු තුමාගේ මෙහෙවර වුයේ දේව රාජ්‍යයේ ලක්ෂණ සහිත ජීවිත ක‍්‍රමයට අදාල ව්‍යවස්ථාව සම්ූපර්ණ කිරිමයි. දිවැසියාවලිය යනු ඉහතින් සඳහන් කල නිවහල් සමානාතා සමාජ ආර්ථික දේශපාලන පැවැත්මෙන් ජනයා බැහැර වන විට (නැවත අධිරාජ්‍යයේ ලක්ෂණ වැලඳ ගන්නා විට* ඒ නිවහල් සමානතා පැවැත්ම වෙත ජනතාව ගෙන ඒමේ කාර්්‍යභාරයයි. ’‘මම ව්‍යවස්ථාවලිය හා දිවැසිවාවලිය අවලංගු කරනු පිණිස ආවෙමියි නොසිතන්න. මා ආවේ ඒවා අවලංගු කිරිමට නොව සම්පූර්ණ කිරිමටය. (මැතිව් 5/17,18*
සාධාරණත්වයේ ව්‍යවස්ථාව වඩාත් සම්පූර්ණ කිරිම සඳහා පේ‍්‍රමයේ ව්‍යවස්ථාවක් බවට පත් කිරිම උන්වහන්සෙගේ කාර්්‍යය විය. ව්‍යවස්ථාව බොරු පිරුවටයක් කරගෙන ධනබල සමාජ ක‍්‍රමය පවත්වා ගැනීමට එරෙහිව එතුමා නිර්දය විවේකයෙක් විය.


ව්‍යවස්ථාව සෘජු ලෙසම පවතින සමාජ ආර්ථික දේශපාලන ක‍්‍රමයට වඩා වෙනස් වු සමාජ ආර්ථික ක‍්‍රමයක් වෙනුවෙන් සකස් වුවක් බව එතුමා අවධාරනය කර ඇත. ව්‍යවස්ථාව හෝ දේව රාජ්‍යය එක්ව ගත යුතුය. ව්‍යවස්ථාව දේව රාජ්‍යයේ ව්‍යවස්ථාවයි. පවතින රාජ්‍යයේ ව්‍යවස්ථාව නොවෙයි. කි‍්‍රස්තුස් වහන්සේ වංචනික ගබඩාකාරයාගේ උපමාව තුල ‘‘මේ ලෝකයේ පුත‍්‍රයෝ’’ ලෙස නාම ගත කරන්නේ පවතින ක‍්‍රමය අදහන අයයි. පවතින ක‍්‍රමයට ප‍්‍රතිවිරුද්ධ අය උන්වහන්සේ නාම ගත කරන්නේ ‘ආලෝකයේ පූත‍්‍රයන්’ ලෙසයි.
උන්වහන්සේ ධනය මුල්කරගත් ක‍්‍රමයටත් පේ‍්‍රමය මුල්කරගත් ක‍්‍රමයටත් එකවර සේවය කල නොහැකි බව පෙන්වා දෙයි. ශුද්ධ ලියවිල්ල අනුව ව්‍යවස්ථාව යනු පේ‍්‍රමය මුල්කරගත් ක‍්‍රමයට අදාල එකකි.
ශී‍්‍ර ලාංකිය යථාර්ථය වෙතට
ජාතියක් ලෙස ගොඩනැගීමට හා ඊට අදාල ව්‍යස්ථාවක් පිළිබඳ ශුද්ධ ලියවිල්ලේ ආලෝකය විසමා බැලූ අප දැන් එකි ආලෝකය තුලින් අප රට දෙස බලමු.
1. ශී‍්‍ර ලාංකේය ජාතිය ගොඩනැගිම 
ලාංකේය යථාර්ථය අනුව අපි ජීවත්වන්නේ එක් අරමුනක් තුල එක් ජාතියක්, ජනතාවක් ලෙස නොවේ. අපි තවමත් ශී‍්‍ර ලංකාව නැමැති නූතන රාජ්‍ය තුල විෂම සැලකිලි ලබන ජාතින් ලෙස ජීවත් වෙමු. 
ලාංකේය ජාතිය ගොඩනැගිම පිණිස ඉටුවිය යුතු කොන්දේසි ගණනාවක් තිබේ. 
01 ජාතික ප‍්‍රශ්නයට සාධාරන විසදුමක් ලබාදීමයි. ඒ සඳහා නව ව්‍යවස්ථාවක් සෑදීමට පෙර ඉටුවිය යුතු කොන්දේසි ගණනාවක් තිබේ. ඉන් පළමුවන්න වැන්න යුද්ධයේදි අතුරුදහන් වු දෙමළ, මුස්ලිම්, සිංහල ජනතාව පිළිබඳ සතය සෙවීමත් යුක්තිය ඉටු කිරිමත්ය.
විශේෂයෙන් යුද්ධ සමයේ අතුරුදහන් වු දහස් ගණනක් දෙමළ පුරවැසියන් පිළිබඳ සත්‍ය සෙවිය යුතු අතර යුක්තිය ඉටුවිය යුතුය. මුස්ලිම් ජනයාට එරෙහිව සිදු වු අලූත්ගම සිදුවීම වැනි දෑ වල සත්‍ය සෙවිය යුතුය. යුක්තිය ඉටුවිය යුතුය.
දෙමළ, මුස්ලිම් හා වෙනත් කුඩා ප‍්‍රමාණයක් සහිත ජාතින්ට එරෙහිව සිදු කරන පරිභව, හෙලා දැකිම්, වෛරය ප‍්‍රකාශන, ජාතිවාදි භාවිතාවන් නිමා කල යුතුය. ප‍්‍රමාණයෙන් කුඩා සංඛ්‍යාවක් වන ජාතින් යටපත් කරන අධිපති මතවාදයක් වෙනුවට ඔවුන් සමාන හිමිකම් ඇති සහෝදරයින් සේ ගරු කරන භාවිතාවක් ගොඩනගාගත යුතුය. 
උතුරේ දෙමළ ජනයාට යුද්ධයෙන් මිය ගිය අතුරුදහන් වු තම ජාතින් සැමරිමටවත් ඉඩක් නොදෙන යථාර්ථයක් තුල ජාතික සංහිදියාව ඇති කල හැක්කක් නොවේ.
විශේෂයෙන් දෙමළ භාෂාව කතා කරන ජනතාව තමන් සේම ස්වකිය අනන්‍යතාවයක් සහිත ඉතා දීර්ඝ සංස්කෘතියක් ඉතිහාසයක් ඇති ජනතාවක් බව පිලිගත යුතුය. අනන්‍යතා පිලිගනිමින් ගරු කරමින් මිස යටපත් කරමින් ශී‍්‍ර ලාංකේය ජාතිය ගොඩනැගිය නොහැකිය.
02 ශී‍්‍ර ලාංකේය ජාතියක් ගොඩනැගිමේදි වැදගත් වන අනෙක් කාරනය වන්නේ එය වෙලඳපොල ලිබරල් ධනවාදයට උදෙසා සිදු කරන්නක් නොවිය යුතු බවයි. වත්මන් ලොව තුල තිබෙන ජාතික රාජ්‍යයන් යනු ධනවාදය පවත්වාගෙන යාම සඳහා ගොඩනැගු රාජ්‍යයන්ය.
බි‍්‍රතානයන් එවකට පැවැති කන්ද උඩරට රාජ්‍යය කෝට්ටේ රාජ්‍යය හා යාපනය රාජ්‍ය එක් කොට ශී‍්‍ර ලංකාව නූතන රාජ්‍යයක් සේ ගොඩනැගුවේ ඔවුන්ගේ අධිරාජ්‍යවාදි වුවමනා එපාකම් වලට යන සත්‍යය අද ඒකිය රාජ්‍ය සංකල්පය කර තබාගත් සිංහල ජාතිවාදින් වුවමනාවෙන් අමතරක කර දමා ඇත.
ඉන්දියාව ඉන්දීය ජාතිකත්වය ගොඩනගාන්නේ සැලකිය යුතු තරම් දුරකට විවිධ ජාතින් එක්ව නිදහස සඳහා ගෙන ගිය අරගලයක් තුලය. අපට අතීතයට ගොස් ඒ අරගලය නැවත සිදුකල නොහැකිය. නමුත් වත්මනේ අපි පවතින ධනබලවාදි ආර්ථීක මොඩලයෙන් නිදහස්වීම සඳහා වන ආර්ථික දේශපාලනික වෙනස්කම් සඳහා අරගලයක් සියලූ ජාතින් එක්ව යෙදිය යුතුය.
වත්මන් කතාබහ තුල නැත්නේ එයයි. ඊට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ දකුණත් උතුරත් කඳුකරයත් එක් වු සමාජ දේශපාලන ව්‍යාපාරයක් නොමැති වීමයි. සිවිල් සමාජ කතිකාව ව්‍යාපෘතිවාදයට තතු වීමයි.
03 ජනතාවගේ ජීවිතයට බලපාන තීරණ ගැනිම සඳහා වන දේශපාලන බලය මධ්‍යගත කරගෙන තිබෙන ව්‍යුහය වෙනුවෙට දේශපාලන බලය ඒ ප‍්‍රදේශවලට අයිතිකරදීමය. මෙය බලය බෙදා හැරිමක් නොව කේන්ද්‍රයට උදුරාගත් බලය එහි සැබැ හිමිකරුවන්ට ලබාදීමකි.
04 ඒ ඒ ප‍්‍රදේශවල ජනතාවට තම තීරණ ගැනිමේ අයිතිය පිලිගත යුතුය.
05 භාෂාමය වශයෙන් පරිපාලනයේදි පවතින බාධා ඉවත් කිරිම හා දෙමල භාෂාව රාජ්‍ය භාෂාවක් යන්නට නියම අරුත ලබාදීම. එය ජාතික ගීය දෙමලෙන් ගැයිමෙන් පමණක් ඉටු නොවේ.
06 ආර්ථීක අයිතිය තහවුරු කිරිමේදි විශේෂයෙන් ඉඩම් අයිතිය පිලිබඳ උතුරෙත් වතුකරයෙත් දෙමළ ජාතිකයින්ගේ ගැටලූ විසදීම.
නව ව්‍යවස්ථාවක් ගොඩනැගිම
නව ව්‍යවස්ථාවක් අවශ්‍යය යන්න තම පක්ෂ බල සැලසුම් වලින් තොර රටට ආදරය කරන සැමගේ පිළිගැනිමයි. නව ව්‍යස්ථාවක් වෙනුවට පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරිම පමණක් සෑහේ යැයි කියන්නෝ පවතින දුෂ්ට මජර ක‍්‍රමය පවත්වා ගැනීමට කැමැති පිරිසය.
1948,1972,1978 යන ව්‍යවස්ථාව තුනම රටේ දැවෙන ප‍්‍රශ්න විසදීමට අවශ්‍ය පදනමක් සපයා දී නැත. ඒවායේ පැවැති සාධනීය ලක්ෂණ නව ව්‍යවස්ථාවට ඇතුලත් වීම වැලැක් විය නොහැකිය. ඒ නිසා නව ව්‍යවස්ථාව ඒවා මුළු මතින්ම බැහැර කිරිමක් නොවනු ඇත.
නමුත් නව ව්‍යවස්ථාවේ සමාජ, ආර්ථික, දේශපාලන දර්ශනය පවතින ව්‍යවස්ථාවට වඩා පැහැදිලි ලෙසම වෙනස් විය යුතුය. රාජ්‍යයට ජනතාව වහල් නොකල යුතු නමුත් රාජ්‍යය අභිබවා ලෝකයේ ව්‍යාප්තව තිබෙන වෙලඳපොල ලාභයට ජනයා බැඳ තැබීමට ඉඩ නොදිය යුතුය.
මෙහිදි රාජ්‍ය ව්‍යවස්ථාවේ මූලික සමාජ ආර්ථික දර්ශනය අප ශුද්ධ ලියවිල්ල තුල දුටු සමාජ ආර්ථික දර්ශනයට සමපාත විය යුතුය. එය ආගමික නොව ධාර්මික දර්ශනයකි. එය අධ්‍යාත්මිකත්වයෙන් පෝෂණය ලබන ලෞකික දර්ශනයකි.
වත්මන් ව්‍යවස්ථාවේ දර්ශනය ලිබරල් වෙලඳපොල ධනවාදය වන නිසාම එය වඩ වඩා පීඩිතයින් බිහිකරන අතර පීඩිතයින්ගේ අයිතින් රැුකීමට එයට නොහැකිය
ලිබරල් වේවා, වෙළඳපොල සමාජවාදය වේවා, ලිබටේරියානු වේවා, සමාජ වෙලඳපොල ආරථීකය වේවා, කුමන නමක් භාවිතා කලද අප සොයා බැලිය යුත්තේ එහි මූළධාර්මික හරය විසින් සිවිල් දේශපාලන අයිතිවාසිකම් මෙන්ම ආර්ථීක සංස්කෘතික පරිසරක අයිතින් සුරක්ෂිත කරන්නේද යන්නයි.
ධර්මයේ ආලෝකයට අනුකූල සමාජ, ආර්ථීක දේශපාලන මූලධර්ම තුල පිහිටා රටේ සියලූ ජනයාට හා පරිසරයට තිරසර සංවර්ධනයක් තෘප්තිමත් පැවැත්මක් තහවුරු කරනවාද යන්නයි.
පවතින ක‍්‍රමයට අභියෝග කරන්නේ ආර්ථීක හිමිකම් පිළිබඳ කතිකාව හා ජාතික ප‍්‍රශ්නය පිළිබඳ කතිකාවයි. ඒ නිසා රටේ පවතින ව්‍යවස්ථා කතිකාව සියුම්ව ආර්ථීක සාධාරණත්වය පිලිබඳ කතිකාවත්, ජාතික ප‍්‍රශ්නයත්, මඟ හරින බව පෙනේ. ඡුන්ද ක‍්‍රමය ඉහත ප‍්‍රශ්න දෙකට සාපෙක්ෂව පවතින්නේ පහල තලයකය.
ජාතික ප‍්‍රශ්නය විසදීම හා ආර්ථීක අයිතිවාසිකම් තහවුරු කිරිම මඟ හරින නව ව්‍යවස්ථාවක් රටේ දැවෙන ප‍්‍රශ්න විසඳන්නේ නැත. පසුගිය දශක හතරක කාලය තුල උතුරේත් දකුණේත් අරගල වල මූලික හේතු ඒවා වේ.
ආර්ථීක අයිතිවාසිකම් විසින් සමාජයේ පීඩිත කොට අහෝසි කර දැමි යුතුය.
මේ සඳහා 
01 ජාතික රැුකියා ප‍්‍රතිපත්තියක් මගින් පුරවැසියන් ඵලදායි ලෙස ආර්ථිකයට දායක කර ගැනීම.
02 වැන්දඹුවන්, අනාථ දරුවන් ආදින්ගේ ආර්ථික හිමිකම් තහවුරු කිරිම
03 ඉඩම්, නිවාස, ජලය, සනිපාරක්ෂ අයිතින් තහවුරු කිරිම
04 අධ්‍යාපන හා සෞඛ්‍ය හිමිකම් තහවුරු කිරිම
05 බලය ඇති අය තමන්ට විශාල ලෙස බෙදාගැනිම වැලැක්වීම
06 වංචාව, ¥ෂණය, අල්ලස සොරකම පිටුදැකිම
07 ආර්ථීක ගිව්සුම, ප‍්‍රතිපත්ති ව්‍යාපෘති වලට අදාලව ජනතාවගේ දැනුවත් බව තොරතුරු අයිතිය තහවුරු කිරිම ආදියට අදාල විධිවිධාන ව්‍යවස්ථාවට ඇතුලත් කර ගත යුතුය.
පරිසරික හිමිකම් ඉතා වැදගත් කොට සලකා පොදු යහපතට අදාල පොදු සම්පත්, පොදු දේපල ලෙස පරිසරය සුරැුකිමේ විධිවිධාන ව්‍යවස්ථාව තුලින්ම තහවුරු කල යුතුය. 
තව දුරටත් පවතින ක‍්‍රමයෙන් දැනට අන්තිකභාවයට පත් කොට ඇති කාන්තාවන්, ළමුන් කුඩා ආගමික කොටස් සංඛ්‍යාවෙන් කුඩා ජාතින්ගේ හිමිකම් තහවුරු කිරිමේ විධිවිධාන ඇතුලත් විය යුතුය.
රාජය්‍ය අනාගමික වීම අවශ්‍ය වන අතර එය ධාර්මික සාරාර්ථයන් හා ඒ තුලින් පැනනැගි ඇති දියුණු මානව හිමිකම් මත පදනම් විය යුතුය. ආගමික සංස්ථාවන්ගේ අත්අඩංගුවට පත් නොවිය යුතු අතර ධාර්මික අගයන් (ආගමික නොවේ* මත පිහිටා සිටිය යුතුය.
තව දුරටත් රටේ ආයතන පද්ධතිය ස්වාධින කර ගැනිමට අදාල විධිවිධාන ඇති කල යුතුය. පත්කරන පුද්ගලයින් මෙන්ම පවත්වන පුද්ගලයින්ද පේ‍්‍රමයේ සාධාරණත්වයේ සංහිඳියාවේ සමාජ ක‍්‍රමය අදහන්නන් විය යුතුය.
මේ නිසා ව්‍යවස්ථාවට අදාල සංවාදය සමඟ සමාජ වටිනාකම් හා පුද්ගලයා සතු සැබැ මිනිස් සාරය පිළිබඳ සමාජ කතිකාවක් ගොඩනගා ගත යුතුය.

jesustodaysl 48 සතිය 2018 ජනවාරි 28