ශ‍්‍රී ලංකාවේ කාන්තා පැවිදිවරය තුළ සුවිශේෂි සළකුණක් තැබු සැල්වටෝරියානු නිකායික ගරු බෙනඩික්ටා ප්‍රනාන්දුපුල්ලේ පැවිදි සොයුරිය පසුගිය ජූනි 17 වෙනිදා 79 වසරක තම දිවි සැරියට සමුදුන්නාය. ඇවිද යාමට දෙපා සවි තිබෙන අන්තිම මොහොත දක්වාම දිළිඳුන්, පීඩිතයින්, කොන්වූවන් ශක්තිමත් කරනු පිණිස එතුමිය වෙහෙසුනාය. මේ සටහන එතුමියගේ සුවිශේෂි සාක්ෂි දැරීමට උපහාරයක් වනු පිණිසය.

1967 ජූනි 11 වෙනිදා මෙලොව එළිය දුටු පාක්‍ය රංජිත් පියතුමා ජීවත් වූයේ නම් අද (2018 ජූනි 11) දිනට එතුමාට වයස අවුරුදු 51 සම්පූර්ණ වන්නේය. එහෙත් 2007 වර්ෂයේදි මන්නාරමේදි ක්ලෙමෝ බෝම්බ ප්‍රහාරයකට ඉලක්ක වී ජීවිතක්ෂයට පත්වෙද්දී ඔහුට යාන්තම් අවුරුදු 40 ක් විය.

මේ වර්ෂයෙද් ශී‍්‍ර ලංකාවේ තේ වගාවට වසර 151 ක් පිරේ. එහෙත් කඳුකර ද්‍රවිඩ කම්කරු ජනතාවගේ ජීවිත ශත වර්ෂ එකා මාරකට පසුත් පවතින්නේ දියුණු තැනක නොවේ. වසර 151 ක් ගත වන තැන කඳුකර ද්‍රවිඩ පාසල් වල ඉගැන්වීමට ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වීම ගැන කතා බහා ඇති වන්නේ ඒ නිසයි. කඳුකර ද්‍රවිඩ ජනයාගේ ජීවිතය ගොඩනඟන කිතුනු මෙහෙවර ගැනද අපිට සෑහීමකට පත් විය නොහැකිය. ජාකොබ් පියතුමාගේ කතාව ඒ මෙහෙවර සඳහා කිතුනු සභාවලට අභියෝග කරයි.

පූජක දිවියට වසර 50 ක් ජීවිතයට වසර 80ක් සපිරෙන. ගරු මයිකල් සිල්වා (නි.ම.නි) පියතුමාගේ සංගීත දූත සේවාව පිළිබඳ කෙටි ඇගයුමකි.

මොවුන් වෙනුවෙන් උතුරේ රදගුරුවරු යුක්තිය ඉල්ලා හඬ නැගීම ද්‍රෝහී කමක්ද ? රට පාවා දීමක්ද ? එහෙත් ඔවුන් එසේ නොකරන්නේ නම් එය ඔවුන් ජනතාවට කරන ද්‍රෝහිකමකි. දකුණේ සභා නායකයින් ඊට එරෙහි වන්නේ, අතුරුදහන් වූයේත් යුක්තිය ඉල්ලා හඬ නඟන්නේත් දෙමළුන් වීම නිසාද?