දේව ධාර්මික සිතා බැලීමක් -02

නික්මයාම හා ව්‍යවස්ථාව
අධිරාජ්‍යයෙන් නික්මයාමත් සමඟ ජනතාවක් (ජාතියක්) ලෙස ගොඩනැගිමටද, අධිරා්‍යවාදයට පිටතින් වු වටිනාකම් මත ගොඩනැගෙන දේශයක් තිරසර ලෙස පවත්වා ගැනීමටද පිටු බලය සපයන ව්‍යවස්ථාවක් ඇති විය. එය වනාහි ජනතාව අතර මෙන්ම ඊටත් වඩා දෙවියන් හා ජනතාව අතර ගිවිසුමකි.

 

සමිදුන් පමණක් රජකම් කරන සේවක නායකත්වයක් පමණක් පවතින සමාජ ආර්ථික විෂමතාවලින් ජනයා පීඩා නොවිදින එම නව දේශයේ ව්‍යවස්ථාව වුයේ දස පනතයි. දස පනත හා එයට පිටු බලය ලැබු සමාජ ආර්ථික දේශපාලන දර්ශනය මත ගොඩනැගුනු නීතිරිති පද්ධතියයි. නික්මයාම පොත ද්විතිය නීති සංග්‍රහය ආදි පොත්වල ඉතා පළල් ව මේ නීති නියෝග සම්මුතින් දක්වා ඇත.

මෙම ව්‍යවස්ථාව වනාහි අධිරාජ්‍යවාදි ක්‍රමයට විරුද්ධ ක්‍රමයක් පවත්වා ගැනිමේ ව්‍යවස්ථාවකි. එය හුදු නීති සංග්‍රහයක් නොවේ. විකල්ප ජීවිත ක්‍රමයකි. එය අධිරාජ්‍යයෙන් පිටතට ආ ජනතාවගේ ජීවිත ක්‍රමයේ පදනමයි.

එය සූරාකෑමට, වහල්භාවයට, පීඩිත භාවයට, විරුද්ධ සූරාකෑම, වහල්භාවය පීඩිතභාවය අහෝසි කිරිමට මඟ පාදන ව්‍යවස්ථාවකි. එය ධනබල ලෝභි රාජ්‍යයත්වය විරුද්ධ සේවක නායකත්වයක් ස්ථාපිත කරන ව්‍යවස්ථාවකි. එය මර්ධනය, පීඩනය, හමුදාවට විරුද්ධ සාධාරණය හා සහෝදරත්වය ගොඩනගන ව්‍යවස්ථාවකි.

එම ව්‍යවස්තාව ජනතාව රාජ්‍යයට හෝ රජුට වහල් කරනු නොලබයි. එහි උත්කර්ෂයට නංවා ඇත්තේ රාජ්‍ය නොවේ ජනතාවගේ නිදහසයි. එම ව්‍යවස්ථාවට වැදගත් වන්නේ රජු හෝ දේපල නොවේ ජනතාව හා මැවිල්ලයි.

එම ව්‍යවස්ථාට තුල පෙනෙන වැරදි පමණක් නොව නොපෙනන වැරදි ගැනද කතා කරයි. වරද මෙන්ම වරදට පසුබිම් වන චේතනාව හේතුව, ගැනද කථා කරයි. එම ව්‍යවස්ථාවට දේශපාලනික ආර්ථීක හා සමාජීය කරුනු ඇතුලත් වේ. සොබාදහම ගැනද, සතා සිව් පාවා ගැනද එය කතා කරයි.

අපි මදක් ගැඹුරින් එහි පැතිකඩ කීපහක් සලකා බලමු.

 ව්‍යවස්ථාවට පදනම් වු දැක්ම
   දස පනතත් ඒ මත ගොඩනැගුනු නීතිරීති සිල්ලෙත් පදනම වන්නේ ඉහතින් දැක් වු පරිදි නිදහස හා සාධාරනය මුල්කරගත් ධන බලවාදයට ප්‍රතිපක්ෂ ජිවිත ක්‍රමයකට       අදාල සමාජ, ආර්ථීක, දේශපාලන දැක්මයි. ඒ දැක්ම පහත පරිදි සාරාංශ කල හැකි ය.

1 සමාජිය දැක්ම
  ජාතිය ගෝත්‍රය භාෂාව ඉක්මවා යමින් විවිධත්වය තුල ඒකත්වය පවත්වාගන්නා නිදහස් නිවහල් ජීවිත ක්‍රමයක් මුල්කරගත් සහෝදරත්වයේ සමාජයක් ‘ගිවිසුම’ ආරක්ෂා    කරන සමාජයක් දේව අභිමතය ඉටු කරන සමාජයක්.

2 ආර්ථික දැක්ම
  නිෂ්පාදන මාධ්‍යයේ පොදු අයිතිය කුටුම්භයේද පුද්ගයාගේද මූලික ආර්ථීක අවශ්‍යතා සපුරාලන ආර්ථිකයක් පවත්වා ගැනිම

3 දේශපාලන දැක්ම
  දෙවිදුන් පමණක් රජකම් කරන මධ්‍යගත රාජාන්ඩු ක්‍රමයට වෙනස්ව සේවක නායකයින් සිටින සාධාරන ජනතාව එක්ව ප්‍රශ්න විසදාගන්නා පාලන ක්‍රමයක් පවත්වා ගැනිම.

ඊශ්‍රායල් ජනතාවගේ ව්‍යවස්ථාව, ගිවිසුම, දසපනත තේරුම්ගත යුත්තේ ඉහත දැක්ම මත පිහිටාය. (මේ දැක්මෙන් හෙවත් දේව අභිමතයෙන් පිටතට යන සෑම විටම දිවැසිවරුන් දේව අභිමතය කුමක්දැයි පෙන්වා දි ඇත. ව්‍යවස්ථාවලීයස සමඟ දිවැසියාවලියට තිබු සබඳකම එයයි.)

වර්තමානයේදි අපි දස පනත ඉගැන්වීම ආරම්භ කරන්නේ ඉහත දර්ශනය ගැන සඳහන් නොකරමිනි. පළමු වන පනත සැබැ වු එකම දෙවියන්ට වන්දනා කරව යනුවෙනි.

එහෙත් ශුද්ධ වු බයිබලයේ දස පනත දක්වන්නේ එසේ නොවේ පහත පරිදිය. (බලන්න නික්මයාම 20/1-29)

01 වහල්කමේ නිවාසය වු මිසර දේශයෙක් නුඹ පිටතට ගෙනා සමිදාණන් වහන්සේ මමය. මා හැර අන් කිසිම දෙවි කෙනෙක් නුඹලාට නොසිටිය යුතුය.

මෙයින් අදහස්වන්නේ නිදහසේ දෙවිදුන් ප්‍රේමයේ දෙවිදුන් මත මිස වහල්කමේ අධිරාජ්‍යවාදයේ ධනයේ දෙවිදුන් මත පදනම් නොවිය යුතු බවයි. අප වන්දනා කල යුත්තේ නිදහස ප්‍රේමය සත්‍ය මිස ධනය බලය කීර්තියට නොවේ.

වර්ථමාන ව්‍යවස්ථාවට පදනම් වන්නේ ධනයේ, බලයේ, කීර්තියේ, සමාජ ආර්ථික දේශපාලන ක්‍රමයයි. ඒ මගින් උත්කර්ශයට නංවන්නේ එයයි. පවතින සමාජ ආර්ථික ක්‍රමයට අනුගතවීම බොරු දේව වන්දනාවකි. පළමු පනත කඩ කිරිමකි.

02 ‘නුඹ දෙවි ස්වාමින් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව’

දෙවි ස්වාමින්වහන්සෙf්ග පළමු නාමය වන්නේ ‘අපව මිසරයෙන් නිදහස් කොට පිටතට ගෙනා ස්වාමින් වහන්සේ” යන්නයි නිදහසේ ප්‍රේමයේ දෙවියන්ව මුදල මුල්කරගත් ක්‍රමය පවත්වා ගැනිමට භාවිතා කිරිම දෙවියන්ගේ නාමයට කරන ලොකුම නිගරුවකි.

03 ‘සබත් දවස ශූද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න’

සබත් දවස වනාහි සමාජ ආර්ථික ක්‍රමයේ යුක්තිය ස්ථාපිත කිරිමේ නීතියක මූලික පදනමයි. එය සබත් දවස සබත් වසර හා ජුබිලි වසර යන කරුනු ත්‍රිත්වය එකට ගෙන තේරුම් ගත යුතුය. මෙමගින් මිනිසාට මෙන්ම සතා සිව්පාවාටද සොබාදහමටද විවේකය අයිතියක් කර ඇති අතර සමාජ ක්‍රමය යුක්තිය මත පැවැතිම ස්ථීර කර ඇත.
නුඹේ පියාටද මවටද ගෞරව කරන එවිට නුඹේ ස්වාමින් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නේහිය.

මෙහිදි මවට පියාට ගෞරව කිරිම දේශයේ පැවැ්තමට අදාලය. මව පියා පීඩිත බවින් නිදහස්වීමේ අරගලය දනි. තව සමාජ ක්‍රමයේ වටිනාකම් දනි. ඔවුන්ගේ වටිනාකම් තුල ජීවත්වන්නේ නම් ඔබ චිරාත් කලක් නිදහස දේශය අත්කරගනි. වහල්කමට නොයයි. මිනි නොමරව කාම මිථ්‍යාචාරය නොකරව හොරකම් නොකරව අසල්වැසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව අසල්වැසියාගේ භාර්යාවට ඇළුම් නොකරව අසල්වැසියාගේ ගෘහයට කෙතට සේවකයාට ගවයාට හෝ කිවිසකට තන්මා නොකරව මේ අනුව දස පනතේ අරමුන වන්නේ අධිරාජ්‍යයේ පාලනයෙන් මිදිනු ජනයා තුල සමානාත්යේ හා සාධාරණත්වේ පාලනයක් පවත්වා ගැනිමයි.

මෙකි දස පනත ව්‍යවස්ථාවේ මූලික ප්‍රතිපත්ති රාමුව ලෙස ද සැලකියේ හැක. ඒ මත ගොඩනැගුනු නීතිරීති මාලාවක් ඉන්පසු දැක්වේ. ඒවා දෙස බැලිමේදි එතරම් ඉපැරනි කාලයකදි වුවද ව්‍යවස්ථාවක මූලික පදනම් පිළිබඳ විශේෂ ලක්ෂණ හදුනාගත හැකිය.
සැකවින් ඉන් කීපයක් සලකා බලමු
1 පූජාසනය පිළිබඳ
  පූජාසනය පසින් සඳන්න රන් රිදියෙන් සාදන්න එපා. රන් රිදි පැරනි පීඩක ක්‍රමයේ වටිකාම්ය. ඒවා අවැසි වු විට ධනයේ බලයේ නියෝජිතයන්ට ධර්මය යට වේ.

2 වහලුන් පිළිබඳ නීති
  නීති වල මුලටම වගේ සමාජයේ පීඩිතම ජනකොටස වන වහලුන් ගැන සඳහන් කරයි.

3 සහසික ක්‍රියා පිළිබඳ නීති
4 දේපල හිමියන්ගේ වගකිම්
5 වන්දි ගෙවිමේ නීති
  මෙහිදි ජීවත් වීමට අදාල ආර්ථිකයට කරන හානි වලට දෙගුනයක වන්දි ගෙවීම ගැන කතා කරයි.

6 සදාචාර නීති
සදාචාර නීති යටතේ විවාහය ලිංගිකත්වය ගැන පමණක් නොව ඇදහිල්ලද සදාචාරයට අයිතිය එනම් නිදහස් කරන දෙවිදුන්ව ඇදහිය යුතුය. තව සාධාරන සමාජය ඇදහිම මූලික සදාචාරයයි. එම දෙවිදුන්ට කැප වු මිනිසෙකු විය යුතුය. මූලික සදාචාරය වන්නේ සාධාරනත්වයේ සමානාත්වයේ ක්‍රමයට කැපවී සිටිමයි.
සදාචාරයේ අනික් නීති වන්නේ සමාජයේ වඩා පීඩිතයින්
- විදේශිකයින්ට
- අනාථයන්ට
- වැන්දඹුවන්ට
- දිළිඳුන්ට සැලකිය යුතු ආකාරයයි.

මේ අයගේ අයිතින් ව්‍යවස්ථාවට එකතු කල යුතු බව මින් දෙන ආලෝකයයි.

7 යුක්තිය ඉටුකිරිම පිලිබඳ නීති

- යුක්තිය මිස බහුතරයේ මතය යුක්තිය ඉටු කිරිමට අදාල නොකර ගත යුතුය.
- සත්‍ය මත යුක්තිය පදනම් විය යුතුය
- දිළිඳුන්ට යුක්තිය තහවුරු කල යුතුය
- සතුන් ගැන පවා යුක්තිය ඉටුකල යුතුය. (සතුරාගේ සතුන්ට පවා)
- අල්ලස් නොගත යුතුය. එය අසාධාරනයට මග වේ.
- විදේශිකයින්ට පීඩා වන ලෙස තීන්දු නොදිය යුතුය. (තමන්ගේ ජාතියේ නොවන අයට)
- සේවකයාගේ වේතනය පසුදාට පහන්වීමට පෙර ගෙවිය යුතුය.

 

Comments powered by CComment